තඹ යුගය
කැල්කොලිනික් (ග්‍රීක කැල්කෝස් + ලිතස් තඹ ගල) වකවානුව හෝ තඹ යුගය නියෝලිතික වකවානුව (ඊනියෝලිතික්, නියෝලිතික් ) ලෙසද හඳුන්වයි. මේ ගල් මෙවලම් භාවිතයත් සමඟ මුල් ලෝහ මෙවලම් භාවිතා වුණු මිනිස් ශිෂ්ටාචාරයේ සංවර්ධන අවධිය වෙයි.
සාම්ප්‍රදායික තුන්යුග ක්‍රමයට බැහැරින් වෙනස්වන එකක් වූ මෙම වකවානුව, නවශිලා සහ ලෝකඩ යුගය අතර කාල වකවානුවට අයත් වෙයි. එම කාලයේ දී තඹ ලෝහය පුළුල් ලෙස ප්‍රයෝජනයට නොගත්තද ඉතා ඉක්මනින් ටින් සමඟ කලවම් කිරීමේ වෑයම ආරම්භ විය. කැල්කෝශිලා ශිෂ්ටාචාර සහ එම කාල වකවානුන් වෙන් වෙන් ව පැහැදිලිව වටහා ගැනීම අපහසු යි. ලෝහ විද්‍යාවේ පහළ වීම මුලින්ම සශ්‍රීක චන්ද්රවංකයේදී සිදුවිය. එය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ලෝකඩ යුගයේ ආරම්භයට හේතු වුණි. පොදු යුගයේ එනම් ක්‍රි.පූ.7 වැනි ශත වර්ෂයට පෙර කොළොම්බියානු මෙසෝ ඇමරිකා ආකරයෙන් සොයාගත් තොරතුරු අනුව එකල ද ලෝහ විද්‍යාවේ නිදහස් හා සීමිත සොයාගැනීමක් පැවතුණි. එය කෙසේ වෙතත් පුරාවිද්‍යාඥයෝ කැල්කෝශිලා අවධියට එහා අවධි පිළිබදව පර්යේෂණවලට නොගියහ.
යුරෝපීයානු පුරා විද්‍යා සාහිත්‍ය සාමාන්‍යයෙන් කැල්කෝශිලා භාවිතය මඟඅරින (ඔවුන් තඹ යුගයට වඩා කැමැත්තක් දක්වයි) අතරතුර මැදපෙරදිග පුරාවිද්‍යාඥයින් එය ස්ථිර ව භාවිතා කළහ. මැද පෙරදිග සහ යුරෝපයේ තඹ යුගය, ක්‍රිස්තු පූර්ව පස්වන සහශ්‍රයේ අවසාන භාගයේ ආරම්භ වූ අතර, මුලික ලෝකඩ යුගය ආරම්භ වීමට සහශ්රයකට පෙර අවසන් විය. යුරෝපියානු තඹ යුගයේ සිට යුරෝපියානු ලෝකඩ යුගයට සංක්‍රමණය වීම ක්‍රිස්තු පූර්ව 4 වන සහශ්‍රයේ අග භාගයේ සිට 3 වන සහශ්‍රයේ අගභාගය අතර සහශ්‍රයක් තුල සිදුවිය. පාර්පොලට අනුව ඉන්දු ශිෂ්ටාචාරය, දකුණු ටර්ක්වෙනිස්තානය සහ උතුරු ඉරානය අතර ක්‍රිස්තු පූර්ව 4300, 3200 කාලය තුළ එනම් කැල්කෝශිලා වකවානුවේ කුඹල් කර්මාන්ත සමානකම් දක්නට තිබේ.