"ඩොනල්ඩ් ට්‍රම්ප්" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit |
websites ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit |
||
49 පේළිය: | 49 පේළිය: | ||
|website = {{සරලලැයිස්තුව| |
|website = {{සරලලැයිස්තුව| |
||
* {{url|https://trumpwhitehouse.gov|ධවල මන්දීර වෙබ් අඩවිය }} |
* {{url|https://trumpwhitehouse.gov|ධවල මන්දීර වෙබ් අඩවිය }} |
||
* {{url|https:// |
* {{url|https://.| වෙබ් අඩවිය }} |
||
<!-- hide pending further discussion * |
<!-- hide pending further discussion * --> |
||
* {{url|https://twitter.com/POTUS45|ජනාධිපතිමය ට්විටර් }} |
* {{url|https://twitter.com/POTUS45|ජනාධිපතිමය ට්විටර් }} |
||
}} |
}} |
||
}} |
}} |
06:23, 21 ජනවාරි 2021 තෙක් සංශෝධනය
ඩොනල්ඩ් ට්‍රම්ප් | |
---|---|
එක්සත් ජනපදයෙහි 45වන ජනාධිපතිවරයා | |
In office ජනවාරි 20, 2017 – ජනවාරි 20, 2021 | |
උප ජනාධිපතිවරයා | මයික් පෙන්ස් |
පූර්වප්‍රාප්තිකයා | බරාක් ඔබාමා |
අනුප්‍රාප්තිකයා | ජෝ බයිඩන් |
Personal details | |
උපත | ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ජුනි 14, 1946 නිව්යෝර්ක් නගරය |
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් (2012–වර්තමානය) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් |
|
කලත්‍රයාs | |
ළමයි | |
ඥාතීන් | ට්‍රම්ප් පවුල |
පදිංචිය | |
අධ්‍යාපනය | |
රැකියාව | |
අත්සන | |
වෙබ් අඩවිය | |
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් (උපත: 1946 ජූනි 14) යනු අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙක්, ඉඩකඩම් සංවර්ධකයෙක්, රූපවාහිනී ඉදිරිපත්කරන්නෙක්, කතෘවරයෙක් සහ එක්සත් ජනපදයේ හිටපු 45 වන ජනාධිපතිවරයාද වේ.
ඔහු 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදී ඩෙමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ව පරාජය කරමින් ජනාධිපති ලෙස තේරීපත්වූ අතර 2017 ජනවාරි 20 වන දින ඔහු විසින් වැඩ භාරගන්නා ලදි. ඔහු ට්‍රම්ප් සංවිධානය හෙවත් 'ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන්' හි සභාපතිවරයා වන අතර දැන් කාල් අයිකාන් නම් ව්‍යාපාරිකයාට අයත් ට්‍රම්ප් එන්ටටේන්මන්ට් රිසොර්ට්ස් නමැති සූදු හා හෝටල් ව්‍යාපාරයෙහි නිර්මාතෘවරයාද වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී දෙවන ධූර කාලයක් බලාපොරොත්තුවෙන් ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් ට එරෙහිව තරඟ වැදුණු අතර, ඉන් පරාජයට පත්විය.
ට්‍රම්ප්, නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර ඔහු තම උසස් අධ්‍යාපනය හදාරන අවදියේදී එලිසබෙත් ට්‍රම්ප් සහ පුත්‍රයා නම් සිය පියාගේ ව්‍යාපාර සමාගමට සේවය කළේය. 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව ඔහු එම සමාගමට එක්වූ අතර 1971 දී එහි පාලනය හිමිවූ ඔහු පසු කාලීනව ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන් (ට්‍රම්ප් සංවිධානය) ලෙස එහි නම වෙනස් කළේය. එතැන් පටන් ඔහු කැසිනෝ සූදුපළවල්, ගොල්ෆ් පිට්ටනි, හෝටල්, නිව්යෝක් නුවර ජනාවාසයක්, සහ වෙනත් දේපළ ඉඩකඩම් ඉදි කර සංවර්ධනය කර ඇති අතර ඉන් බොහොමයක් ඔහුගේ නම දරයි. ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරයන්ද, ඔහුගේ විවාහයන් තුනද, ප්‍රසිද්ධ මාධ්‍ය නිරාවරණය ට ලක්වී ඇත. ඔහු එන්.බී.සී. රුපවාහිනියේ දි අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද 2004 සිට 2015 දක්වා මෙහෙයවිය.
2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කල ඩොනල්ඩ් ට්‍රම්ප් මිනිසුන් විසින් ඡන්දය දීමට පෙර එයින් ඉවත් වුවද රිෆෝම් පක්ෂ ඡන්ද විමසීම් දෙකකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 2015 ජූනි 16 වැනිදා, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.
ඔහු විසින් අසාධාරණ යයි සලකන NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම් වලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, NAFTA සහ එක්සත් ජනපද - චීන වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස යලි ගිවිස ගැනීම, එක්සත් ජනපද - මෙක්සිකෝ මායිම දිගේ ප්රාකාරයක් ඉදිකිරීම වැනි දෑ මගින් ආගමනය බලාත්මක කිරීම, සෙබලුන්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, PPACA නමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒවෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥාපනතක් ගෙන ඒම, සහ බදු කප්පාදු කිරීම් වැනි දෑ ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ඇතුළත්ය. ට්‍රම්ප් නීතිය හා සාමය පිළිබඳ ප්‍රබල යෝජකයෙක් වෙයි. විභව ත්රස්තවාදීන් හඳුනාගැනීමේ වඩාත් නිවැරදිව ශිල්පක්රමයන් ගොඩනගාගෙන ඒවා උපයෝගී කරගන්නා තුරු එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ ප්රත්යක්ෂ වූ ඉතිහාසයක් ඇති රට වලින් ආගමනය තාවකාලිකව අත්හිටුවීමට ඔහු විසින් යෝජනා කර ඇත. ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය බවද ඔහු විශ්වාස කරයි. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය පුළුල් මාධ්‍ය ආවරණයකට හා අන්තර්ජාතික අවධානයකට ලක්ව ඇත. සම්මුඛ සාකච්ඡා හා මැතිවරණ රැළි වලදී ඔහු විසින් කර ඇති ප්‍රකාශ බොහෝවිට මතභේදයට තුඩුදීමට හේතු වී ඇති අතර සමහර රැළි වල විරෝධය පලකිරීම් හා කෝලාහල කිරීම් ඇති වී ඇත.
ළමා අවධිය
වර්ෂ 1946 ජූනි මස 14 වන දින නිව්යෝක් නුවර ජනාවාසයක් වන ජමෙයිකා එස්ටේට්ස්, කුවින්ස් හි ට්‍රම්ප් උපත ලැබීය.[2][3] ඔහු ගෘහණියක් හා ධානපතිනියක[4] වූ මේරි ට්‍රම්ප් (විවාහයට පෙර මක්ලවුඩ්, 1912–2000) සහ ඉඩකඩම් සංවර්ධකයෙක් වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප් (1905–1999) යන විවාහක යුවලගේ ළමුන් පස් දෙනාගෙන් සතර වැන්නාය.
මේරි ස්කොට්ලන්තයේ ලුවිස් දූපතේ පිහිටා ඇති ටොන්ග් ග්‍රාමයේ උපත ලැබූවකි.[5] වර්ෂ 1930 දී ඇයට වයස අවුරුදු 18 දී අමෙරිකාවට සංක්‍රමණය කළ ඇය එහිදී ගෘහ සේවිකාවක් ලෙස වසර හතරකට වඩා වැඩි කාලයක් සේවය කළාය.[6][7] එහිදී ෆ්‍රෙඩ්ව දැන හඳුනාගත් ඇය 1936 දී ඔහු සමග විවාහ වී කුවින්ස් හි පිහිටි ජමෙයිකා එස්ටේට්ස් හි පදිංචි වූවාය. කාලයාගේ ඇවෑමෙන් ෆ්‍රෙඩ් නගරයේ විශාලතම ඉඩකඩම් සංවර්ධකයෙක් විය.[4][8] වර්ෂ 1942 මාර්තු මස 10 වන දින මේරි එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවාය.[6][7]
පෞද්ගලික ජීවිතය
පවුල
ට්‍රම්ප් හට විවාහයන් තුනකින් දරුවන් පස් දෙනෙක් ඇති අතර ඔහුට සිටින මුණුබුරන් ගණන අට දෙනෙකි.[9][10] ඔහුගේ පළමු විවාහයන් දෙක දික්කසාදයෙන් කෙළවර වූ අතර එම සිදුවීම් ටැබ්ලොයිඩ් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය.[11]
ට්‍රම්ප් තම ප්‍රථම භාර්යාව වන ඉවානා සෙල්නීච්කෝවා නම් චෙක් ජාතික නිරූපිකාව සමග වර්ෂ 1977 අප්‍රේල් 7 වන දින නිව්යෝර්ක් නුවර මෑන්හැටන් හි පිහිටි මාර්බල් විද්‍යාලයීය පල්ලියේදී විවාහ වූ අතර එම මංගල්‍යය මෙහෙයවූයේ අමෙරිකාවෙ සුප්‍රසිද්ධ දේවගැති තැනක් වන නෝර්මන් විල්සන් පීල් විසිනි.[12][13] ඔවුන්ට දරුවන් තිදෙනෙකි: පුත් ඩොනල්ඩ්, කණිටු (උපත: 1977 දෙසැම්බර් 31), දියණි ඉවංකා (උපත: 1981 ඔක්තෝම්බර් 30) සහ පුත් එරික් ට්‍රම්ප් (උපත: 1984 ජනවාරි 6). ඔවුහු තිදෙනම දැන් ට්‍රම්ප් සංවිධානයෙහි විධායක උපසභාපති වරුන් ලෙස කටයුතු කරන්නෝය.[14] ඉවංකා තම දියණියක් නොවුනා නම් ඈ සමග පෙම් ඇසුරක් පැවැත්වීමට තමා කොපමණ ආශා කරන්නේද යැයි නැවත නැවතත් විහිලු කිරීම පිළිබඳ ට්‍රම්ප් විවේචනයට ලක්ව ඇත.[15] වර්ෂ 1988 දී ඉවානා එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවාය.[16]
ආගමික අදහස්
ට්‍රම්ප් ප්‍රෙස්බිටේරියානු සභාවට අයත් අයෙකි.[17] කුවින්ස් හි ජමෙයිකා ජනාවාසයේ පිහිටා ඇති පළමු ප්‍රෙස්බිටේරියානු පල්ලියට යෑම තමා ළමා කාලයේදී ආරම්භ කළ බව ඔහු විසින් පවසා ඇත.[18] එම පල්ලියේ ඉරිදා දහම් පාසලට සහභාගී වූ ට්‍රම්ප් එහිදීම අභිවුර්දි ආලේපය ලැබුවේය.[18]
සෞඛ්‍යය
ඔහුගේ වෛද්‍යවරයා වන හැරල්ඩ් බොර්ස්ටයින් M.D. විසින් සකසන ලද වෛද්‍ය වාර්තාවකට අනුව ට්‍රම්ප්ගේ රුධිර පීඩනය, අක්මාවේ හා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරාසය තුළ පවතින බව පෙනී ඇත.[19][20] ට්‍රම්ප් පවසන ආකාරයට ඔහු විසින් කිසිදා දුම්වැටි, කංසා හා වෙනත් මත්ද්‍රව්‍ය පරිභෝජනය කර නොමැත.[21] ඔහු මත්පැන් පානය කරන්නේ නැත.[22][23][24] ඔහු තුළ විසබීජ වලට ඇති බියට නැඹුරුකමක් පෙන්නුම් කෙරෙන අතර අන් අය සමග අතට අතදී ආචාර කිරීමට වැඩි කැමැත්තක් ඔහු නොදක්වයි.[25]
2020 ඔක්තෝබර් 1 දින ජනාධිපති ට්‍රම්ප් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, ඊට පසු දින සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔහුව වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ඇතුළත් කරන ලදී.
මූලාශ්‍ර
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;forbes-2016-billionaires
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Horowitz, Jason (September 22, 2015). "Donald Trump's Old Queens Neighborhood Contrasts With the Diverse Area Around It". New York Times. සම්ප්‍රවේශය July 3, 2016.
- ^ Jamaica Hospital (June 14, 1946). "Certificate of Birth: Donald John Trump" (PDF). FOX News. March 28, 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 3, 2016.
{{cite web}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested (help); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ a b "Mary MacLeod Trump Philanthropist, 88". New York Times (Obituary). August 9, 2000. සම්ප්‍රවේශය July 3, 2016.
- ^ "Donald Trump". Scottish Roots Ancestral Research Service. සම්ප්‍රවේශය February 12, 2014.
- ^ a b Hannan, Martin (May 21, 2016). "The mysterious Mary Trump: The full untold story of how a young Scotswoman escaped to New York and raised a US presidential candidate". The National. Glasgow.
- ^ a b Hannan, Martin (May 21, 2016). "An inconvenient truth? Donald Trump's Scottish mother was a low-earning migrant". The National. Glasgow.
- ^ Frates, Chris (August 24, 2015). "Donald Trump's immigrant wives". CNN. සම්ප්‍රවේශය September 3, 2015.
- ^ Michaud, Sarah (October 3, 2011). "Donald Trump, Jr. Welcomes Son Tristan Milos". People. සම්ප්‍රවේශය October 5, 2011.
- ^ "Trump's daughter, Ivanka, gives birth to third child". Fox News Channel. March 27, 2016. සම්ප්‍රවේශය March 28, 2016.
- ^ "Melania Trump, the Silent Partner". The New York Times. October 1, 2015.
- ^ "After The Gold Rush". Vanity Fair. August 1990. සම්ප්‍රවේශය January 10, 2016. "They were married in New York during Easter of 1977. Mayor Beame attended the wedding at Marble Collegiate Church. Donald had already made his alliance with Roy Cohn, who would become his lawyer and mentor.
- ^ "Overlooked Influences on Donald Trump: A Famous Minister and His Church". The New York Times. September 2016. සම්ප්‍රවේශය October 13, 2016. "Mr. Trump married his first wife, Ivana, at Marble, in a ceremony performed by one of America’s most famous ministers, the Rev. Norman Vincent Peale.
- ^ Alter, Charlotte (May 4, 2016). "A Reader's Guide to Donald Trump's Family". Time.
- ^ Krueger, Katherine (September 10, 2015). "Trump Makes Another Joke About Dating His Daughter". Talking Points Memo. සම්ප්‍රවේශය October 18, 2016.
- ^ "Ivana Trump becomes U.S. citizen". Associated Press. May 27, 1988. සම්ප්‍රවේශය August 21, 2015.
- ^ Mattera, Jason (March 14, 2011). "Trump Unplugged". Human Events. සම්ප්‍රවේශය March 16, 2011.
- ^ a b Shabad, Rebecca (August 29, 2015). "Church says Trump isn't an 'active member'". The Hill. සම්ප්‍රවේශය August 29, 2015.
- ^ Frizell, Sam. "Donald Trump's Doctor's Letter Reveals He is Overweight, But 'In Excellent Health'", Time (September 15, 2016).
- ^ Bornstein, Harold. Donald J. Trump Medical Records (September 13, 2016).
- ^ "Part 2: Donald Trump on 'Watters' World'". Watters' World. Fox News Channel. February 6, 2016. සම්ප්‍රවේශය September 4, 2016.
WATTERS: "Have you ever smoked weed?" TRUMP: "No, I have not. I have not. I would tell you 100 percent because everyone else seems to admit it nowadays, so I would actually tell you. This is almost like, it's almost like 'Hey, it's a sign'. No, I have never. I have never smoked a cigarette, either."
- ^ McAfee, Tierney. "Donald Trump Opens Up About His Brother's Death from Alcoholism: It Had a 'Profound Impact on My Life'", People (magazine) (October 8, 2015): "[T]here are a few hard and fast principles that he himself lives by: no drugs, no cigarettes and no alcohol. Trump's abstinence from alcohol was largely shaped by the death of his brother, Fred Jr., from alcoholism in 1981."
- ^ Dent, Millie (July 10, 2015). "15 Facts You Didn't Know About Donald Trump". The Fiscal Times. සම්ප්‍රවේශය August 1, 2015.
The Donald has never smoked cigarettes, drank alcohol or done drugs. His older brother, Fred, was an alcoholic for many years and warned Trump to avoid drinking. Fred ultimately died from his addiction.
- ^ Morgan, Piers. The Hot Seat: Love, War, and Cable News, p. 31 (Simon and Schuster 2014): "[H]e's never touched a drop of alcohol, smoked a cigarette, or tried a drug".
- ^ Amira, Dan. "Does Donald Trump Have a Flesh-Pressing Problem?", New York City (February 25, 2011).