වොයේජර් 1
![]() වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය | |||||
මෙහෙයුම් වර්ගය | බාහිර ග්‍රහලෝක, සූර්‍යගෝලය සහ අන්තස්තාරීය මාධ්‍යය ගවේෂණය | ||||
---|---|---|---|---|---|
ක්‍රියාකරු | නාසා / ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය | ||||
COSPAR ID | 1977-084A[1] | ||||
SATCAT № | 10321[2] | ||||
වෙබ් අඩවිය | voyager.jpl.nasa.gov/ | ||||
මෙහෙයුම් පැවතුම් කාලය |
| ||||
අභ්‍යාවකාශයානා ගුණාංග | |||||
අභ්‍යාවකාශායානා වර්ගය | මැරිනර් බ්‍රහස්පති-සෙනසුරු | ||||
නිෂ්පාදක | ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය | ||||
දියත් ස්කන්ධය | 825.5 kg (1,820 lb) | ||||
ජවය | වොට් 470 (දියත් කරන විට) | ||||
මෙහෙයුමෙහි ඇරඹුම | |||||
අභ්‍යාවකාශගතකිරීම් දිනය | සැප්තැම්බර් 5, 1977, 12:56:00 | UTC||||
රොකට්ටුව | ටයිටන් IIIE | ||||
අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | කැනවරල් තුඩුවේ ගුවන් හමුදා ස්ථානයේ 41 වෙනි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණය | ||||
බ්‍රහස්පති අසළින් පියාසර කිරීම | |||||
සමීපතම ප්‍රවේශය | මාර්තු 5, 1979 | ||||
දුර | 349,000 km (217,000 mi) | ||||
සෙනසුරු අසළින් පියාසර කිරීම | |||||
සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 | ||||
දුර | 124,000 km (77,000 mi) | ||||
ටයිටන් අසළින් පියාසර කිරීම (වායුගෝලය අධ්‍යයනය) | |||||
සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 | ||||
දුර | 6,490 km (4,030 mi) | ||||
----
|
වොයේජර් 1 යනු නාසා ආයතනයේ වොයේජර් වැඩසටහන යටතේ, 1977 සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් දියත් කෙරුනු අභ්‍යවකාශ ප්‍රෝබයකි. යානයේ අරමුණ වූයේ බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සූර්යගෝලයෙන් එපිට අන්තස්තාරීය අභ්‍යවකාශය ගවේශනය කිරීමයි. වොයේජර් 2 යානය දියත් කිරීමෙන් දින 16 කට පසු දියත් කෙරුනු වොයේජර් 1, අද වන විට වසර 47 ක්, මාස 5 ක්, එක් සතියක් සහ දින 4 ක් ක්‍රියාකාරීව පැවතී ඇත. පෘථිවියේ සිට වොයේජර් 1 යානයට විධාන යැවීම සහ වොයේජර් 1 විසින් පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු වනුයේ නාසා ආයතනයේ ගැඹුරු අභ්‍යවකාශ ජාලය ඔස්සේ ය. නාසා ආයතනය සහ ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය විසින් යානයේ තත්‍ය-කාලීන දුර සහ ප්‍රවේගය වැනි විස්තර සපයනු ලැබේ.[3] 2022 නොවැම්බර් 7 වන විට, වොයේජර් 1 යානය පෘථිවියේ සිට තාරකා විද්‍යාත්මක ඒකක වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "වොයේජර් 1". NSSDC Master Catalog. NASA/NSSDC. සම්ප්‍රවේශය August 21, 2013.
- ^ "වොයේජර් 1". N2YO. සම්ප්‍රවේශය August 21, 2013.
- ^ "වොයේජර් - මිෂන් ස්ටේටස්" [වොයේජර් - මෙහෙයුමේ තත්ත්වය]. ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය. ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2021.