නොවැම්බර් 21:
1916 – පළමු ලෝක යුද්ධය: බ්‍රිතාන්‍ය නෞකාව වන "බ්‍රිටැනික්" (ටයිටැනික් නෞකාවේ සහෝදරිය) ග්‍රීසිය අසල ගිලී යාමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගියහ.
1950 – කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
1980 – එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් 87 දෙනෙක් මිය ගොස් 650 දෙනෙක් තුවාල ලැබූහ.
2005 – රත්නසිරි වික්‍රමනායක (සේයාරුව) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දුන්නා.
2009 – චීනයේ හෙයිලොන්ජියැන්ග් නගරයේ පතලක් පිපිරීමකින් 108 දෙනෙකු මිය ගොස් 23 දෙනෙක් තුවාල ලැබූහ.
2024 – ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වෙයි.
තවත් සිදුවීම්: නොවැම්බර් 20 – නොවැම්බර් 21 – නොවැම්බර් 22