Jump to content

පරිශීලක සාකච්ඡාව:Tukkawadu

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල වෙස්මුහුණු කලාව හෙවත් කෝලම් නැටුම් කලාව

ආයුබෝවන්!

[සංස්කරණය]
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Tukkawadu, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 10:58, 26 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

අම්බලන්ගොඩ කෝලම් නැටුම් කලාවේ මහගෙදර

[සංස්කරණය]

ක්‍රිස්‌තු වර්ෂ 1800 වකවානුවේදී උපත ලද බව සැලසෙන ටුක්‌කා වඩු ඔයිනිස්‌ ගුරුන්නාන්සේ මහ අම්බලන්ගොඩ කෝලම් නාට්‍ය පරපුරේ මූලිකයා වී ඇති බව කෝලම් නාට්‍ය පිළිබඳ පර්යේෂකයකු වු දිවංගත මහාචාර්ය එම්. එච්. ගුණතිලක සිය කෝලම් නාට්‍ය ඉතිහාසය පොතේ සඳහන් කරයි. ඔයිනිස්‌ ගුරුතුමාගේ පුත්‍රයෙකු වන ටුක්‌කා වඩු පෑලිස්‌ (ක්‍රි. ව. 1856-1955) එම පරපුරේ ඊළඟ කෝලම් නැටුම් ශිල්පියා වී ඇත. අද මෙන් නොව එකල ශිල්පියාට කෝලම් ගීත ගායනය, වාදනය, අංග චලනය පමණක්‌ නොව දින් ගසේ අතුවලින් හෝ කදුරුලීයෙන් කෝලම් මුහුණු කපන්නටත් ඒවා වර්ණ ගන්වා ගන්නටත් තාක්‌ෂණ ඥනය තිබී ඇත. එය ටුක්‌කා වඩු පරපුරේ උරුමයයි. පෑලිස්‌ ගුරුන්නාන්සේගේ පුත්‍රයා වූ ටුක්‌කා වඩු ගුණදාස ගුරුතුමා (ක්‍රි. ව. 1903 - 1977) අධ්‍යාපනය ලබන්නේ ද මහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටා තිබු වෙස්‌ලියන් මීසමට අයත් මෙතෝදිස්‌ත පාසලෙනි. දහනව වන සියවසේ මුල්භාගය වන විටම අම්බලන්ගොඩ කෝලම් කණ්‌ඩායමේ අධිපතිභාවය ඉසිලූ පෑලිස්‌ ගුරුන්නාන්සේ සිය කෝලම් කුට්‌ටම වඩාත් කලාත්මක කරමින් කෝලම් නිර්මාණ රැසක්‌ සමාජයට දායාද කරන්නට සමත් වී තිබේ. සිය පියා වූ පෑලිස්‌ ගුරුන්නාන්සේගෙන් ද සිය මුත්තා වූ ඔයිනිස්‌ ගුරුන්නාන්සේගෙන්ද කෝලම් නාට්‍ය කලාවේ ආභාෂය සිය වඩු කාර්මික ජීවන වෘත්තීය තුළට කැන්¹ ගත් ටුක්‌කා වඩු ගුණදාස ගුරුතුමාගේ වඩාත් නිර්මාණශීලී වෙමින් කෝලම් නාට්‍ය කණ්‌ඩායම් කිහිපයක්‌ ඇති කොට කෝලම් නැටීම සමාජ ගතකරන්නට සමත් විය. පසුකලෙක රුහුණු නැටුම් කලායතනයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද රජයේ කලා උපදේශකයකු ලෙස ද නැටුම් උපදේශකයකු ලෙස ද අසීමිත සේවයක්‌ කළ ටුක්‌කා වඩු ගුණදාස ගුරුතුමාණෝ 1961 වසරේදී ලංකා කලා මණ්‌ඩලය හරහා තම පරපුරට අයත් කෝලම් මුහුණු 64 ක්‌ ජාතික කෞතුකාගාරයට පරිත්‍යාග කළේය. ටුක්‌කා වඩු ගුණදාස ගුරුතුමා කලාවට කළ සේවය අගය කරමින් 1962 වසරේ රුසියාවේ ටෂ්කන්ට්‌ නුවර පැවති මැයි දින සැමරුමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙස්‌මුහුණු ප්‍රදර්ශණයක්‌ පැවැත්වීමේ අවස්‌ථාව ද එවක රජය ඔහුට ලබාදී තිබේ. මෙසේ කෝලම් නැටුම් කලාවේ මහ ගෙදර අධිපතිත්වය දැරූ ටුක්‌කා වඩු ගුණදාස ගුරුතුමා ඔත්පලවීම හේතුවෙන්a කෝලම් නාට්‍ය කටයුතු සියල්ලම සිය පුතා වූ හිතෛෂී හරිස්‌චන්ද්‍රයන්ට 1975 වසරේදී භාර දුන්නේය. එවකට හිතෛෂී හරිස්‌චන්ද්‍ර කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වෙස්‌මුහුණු උපදේශකවරයෙක්‌ වශයෙන් සේවය කළ අතර 1984 වර්ෂයේ සිට 2008 දක්‌වා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්‌ථාවේ සේවය කළේය. සිය රාජකාරි විවේකයේ දී පියාගේ කෝලම් නැටුම් කණ්‌ඩායම සමග විවිධ පෙදෙස්‌වල කෝලම් නාට්‍ය

                         සංදර්ශන පවත්වමින් රටපුරා කෝලම් නාට්‍ය ප්‍රචලිත කරන්නට ඔහු පියවර ගත්තේය. එසේ කටයුතු කරන අතර තුර ඔත්පලව සිටි ටුක්‌කා වඩු ගුණදාස ගුරුතුමා 1977 අප්‍රේයෙල් 04 දා සදහටම ජීවිත රඟ මඩලෙන් සමුගත්තේය.

සංදර්ශනයකින් පසු සුපුරුදු ලෙස පෙට්‌ටි තුළට ගාල් කෙරෙන කෝලම් මුහුණු නැවත දකින්නට ලැබෙන්නේ තවත් කෝලම් නැටුම් සංදර්ශනයකට දින දෙක තුනකට පෙරය. එහෙත් මේ තත්ත්වය වෙනසකට ලක්‌කරමින් දැයේ දූ පුතුන්ගේ ඉගෙනුමට සරිලන අන්දමින් ටුක්‌කා වඩු පරපුරේ කෝලම් නාට්‍ය කලාවට අයත් රජ, රජබිසව මුහුණු කට්‌ටලය ඇතුළු සියලු කෝලම් මුහුණු මේ වනවිට කෝලම් වෙස්‌මුහුණු හා නැටුම් සංරක්‍ෂණ කේන්ද්‍රය තුළ ප්‍රදර්ශනය කරන්නට ටුක්‌කා වඩු හිතෛෂි හරිස්‌චන්ද්‍රයන් සමත් වී ඇත. ඒ සඳහා කලාගුරු ටුක්‌කා වඩු ගුණදාස කෝලම් නාට්‍ය සංසදය විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත.

අම්බලන්ගොඩ කෝලම් නැටුමේ උපත කවදා සිදුවී දැයි නිශ්චිතවම සඳහන් කළ නොහැක. මීට වසර දෙසිය පනහකට පමණ ඉහතදී අම්බලන්ගොඩ කෝලම් නැටුම් කලාව බිහිවූ බවට විශ්වාස කෙරේ. කෙසේවුවද විසිවන සියවසේ අගභාගය වනවිට කෝලම් නැටුම් කලාව ගැන ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක්‌ උසුලන ලද්දේ අම්බලන්ගොඩ ප්‍රදේශයයි. කෝලම් නැටුම මෙරට පහතරට මුහුදුකරය ආශ්‍රිතව පැතිරුනු කලා ශිල්පයකි. එහෙත් ලංකාවේ කෝලම් නාටක පිළිබඳ ව දැනට වෙසෙන විශාරද පුද්ගලයා වශයෙන් සැලකෙන මහාචාර්ය එම්. එච්. ගුණතිලක මහතාගේ ගවේෂණවලට අනුව කෝලම් නැටුම් කලාව මුල්බැසගත් ප්‍රදේශ ලෙස බෙන්තර, මිරිස්‌ස, රයිගම් කෝරලය, අලුත්ගම හා ගම්පහ විගඩ යන ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

කෝලම් නැටුම් ඓතිහාසික පසුබිම හා වර්තමාන තත්ත්වය ගැන සඳහන් කිරීමට ප්‍රථම දැනටත් මෙම නාට්‍ය කලාව සාම්ප්‍රදායික ලෙස පවත්වාගෙන යන මහඅම්බලන්ගොඩ ටුක්‌කාවඩු කෝලම් නාට්‍ය පෙළපත ගැන සඳහන් කළ යුතුය. මක්‌නිසාදයත් ටුක්‌කාවඩු පරම්පරාවේ උදවිය කිසිවිටෙකවත් මෙම කලාව මුදලට විකුණුවේ නැති බිවිනි.

වර්තමානයේ මහඅම්බලන්ගොඩ කෝලම් නැටුම් කලාව පවත්වාගෙන යන්නේ ටුක්‌කාවඩු පරම්පරාවේ සිව්වන පුරුකවන හරිස්‌චන්ද්‍ර ටුක්‌කාවඩු මහතාය. මහඅම්බලන්ගොඩ කෝලම් පරපුරේ මුල්පුරුක වන්නේ ටුක්‌කාවඩු ඔයිනිස්‌ ගුරුන්නාන්සේය. ඔහුගේ ජීවනකාලය එක්‌දහස්‌ අටසිය දක්‌වා දිව යයි. මේ අනුව බලන විට පැහැදිලි වන්නේ අම්බලන්ගොඩ කෝලම් නැටුමේ ඉතිහාසයේ මූලය මහඅම්බලන්ගොඩ ප්‍රදේශය බවයි.

මහඅම්බලන්ගොඩ කෝලම් පරපුරේ දෙවැනි පුරුක වන්නේ ටුක්‌කාවඩු පෑලිස්‌ ගුරුන්නාන්සේය. ඔහු උපත ලබා ඇත්තේ 1856 දීය. පෑලිස්‌ ගුරුන්නාන්සේගේ පියා වන්නේ ඔයිනිස්‌ ගුරුන්නාන්සේය. පෑලිස්‌ ගුරුන්නාන්සේ 1955 දී මියගොස්‌ ඇත. ටුක්‌කාවඩු පරම්පරාවේ තෙවැනි පුරුක වන්නේ කලාගුරු ටුක්‌කාවඩු ගුණදාස ගුරුන්නාන්සේය. 1829 දී ජෝන් කැලමේ පියතුමා විසින් රචිත යකුන් නටනවා සහ කෝලම් නටනවා යන ග්‍රන්ථයේ කෝලම් පිටපතට අනුව මුලින්ම ඇතුළත් කර ඇති ප්‍රාරම්භ ශ්ලෝක කවි කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ එලෙසම සඳහන් වී තිබේ. මෙම පියතුමා 19 වන සියවසේ මුල්භාගයේ පමණ ගාල්ල මාතර යන ප්‍රදේශවල ආගමික කටයුතුවල යෙදී තිබේ. මේ තුළින්ද පැහැදිලි වන්නේ 1829 වන විටදී වුවද මහඅම්බලන්ගොඩ කෝලම් නැටුම් කලාව ආරම්භ වී තිබූ බවය.

කෝලම් නාට්‍ය කලාව ගැන විවිධ වූ පර්යේෂණාත්මක කෘති රචිත කර ඇති මහාචාර්ය ඒ. එම්. ගුණතිලක මහතා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තම පරිශීලන කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපත් පමණකි. මේ තුළින් ද පැහැදිලිවන්නේ මෙම ක්‍ෂේත්‍රය පිළිබඳ වඩාත් දැනුමැති පළපුරුදු තැනැත්තන් ටුක්‌කාවඩු පරම්පරාවේ උදවිය බවය.

ටුක්‌කාවඩු පරම්පරාවේ මහගෙදර අදටත් හඳුන්වන්නේ ටුක්‌කාවඩු ගෙදර නමිනි. ගුණදාස ගුරුන්නාන්සේගේ එකම පුතුණුවන් වූ ටුක්‌කාවඩු හරිස්‌චන්ද්‍ර අද පදිංචිව සිටින්නේ මෙම මහගෙදරය. එදා තම පියා සහ සීයා විසින් තමාට උරුම කර දෙනු ලැබූ මෙම කෝලාම් කලාව අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා හරිස්‌චන්ද්‍ර කටයුතු කරන්නේය.

කෝලම් නැටුමේ ශාස්‌ත්‍රීය අංශය ගැනත් වෙස්‌ මුහුණු කැටයම් කැපීම පිළිබඳවත් හරිස්‌චන්ද්‍ර ටුක්‌කාවඩු හසල දැනුමක්‌ ඇති තැනැත්තෙකි. ඒ තම පියාගෙන් ලබාගත් දැනුම සහ අත් දැකීම් වලිනි. තම පියාගේ අඩිපාරේ යමින් මහඅම්බලන්ගොඩ කෝලම් කණ්‌ඩායම රැගෙන ඉදිරියට ගෙන යැමට හරිස්‌චන්ද්‍ර අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කරන්නේය.

කෝලම් නැටුම් වල ඇති විශේෂම දේ තමයි වෙස්‌ මුහුණු පැළඳ කෝලම් නාට්‍ය රඟ දැක්‌වීම. මෙම වෙස්‌ මුහුණු යොදාගත්තෙ කෝලම් නැටුම් සඳහාම පමණයි. එම කෝලම් වලට එන චරිත අනුව වෙස්‌මුහුණු නිර්මාණය කරනවා. මුල් කාලයේදී කෝලම් මුහුණු නිර්මාණය කරලා තියෙන්නේ අද වගේ කදුරු ලීයෙන් නෙවෙයි. මාදම්පා ගඟේ අයිනේ තිබිලා තියෙනවා ජලාශ්‍රිත ශාකයක්‌ වන ගිම්පොල් එම ශාකයෙන් තමයි කෝලම් මුහුණු කපලා තියෙන්නේ. පසුව පැරණි කෝලම්කරුවන්ට තේරුම් ගිහින් තියෙනවා. ගිමිපොල් වෙනුවට වෙස්‌ මුහුණු කැපීම සඳහා වෙල් කඳුරු ලීය සුදුසු බව ලීයේ ඇති සැහැල්ලු බව කල්තබා ගැනීමට හැකිවීම හා කැටයම් කිරීමේ පහසුව මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

හරිස්‌චන්ද්‍ර ටුක්‌කාවඩු කෝලම් නැටුම් කලාව සඳහා යොදාගන්නා කෝලම් මුහුණු පිළිබඳ විස්‌තර කරමින් එසේ පවසන්නේය.

වෙස්‌ මුහුණු භාවිතය මෙරට කොපමණ කලක සිට පවතීදැයි නිශ්චිතවම කිව නොහැක. එය දඹදෙනිය යුගයට තරම් පැරණි ඉතිහාසයට නෑකම් කියන බව සාහිත්‍ය ඇසුරෙන් පෙනේ. එහෙත් ලක්‌දිව දක්‌නට ලැබෙන වෙස්‌ මුහුණු වසර 200 ට වඩා පැරණි නොවන බැව් මහාචාර්ය එම්. එච්. ගුණතිලක මහතා පවසයි. වෙස්‌ මුහුණු සැබෑ ස්‌වරූපයට වඩා බෙහෙවින් විකෘති කර නිමකෙරෙන බැවින් එයට කෝලම යන පදය යෙදුනායෑයි පැවසේ. මෙම නැටුම් උපහාසාත්මක බැවින් යුක්‌ත බැවින් ඒ සඳහා මෙම නම යෙදී ඇති බවද සඳහන්වේ. කෝලම් නැටුමේ හාස්‍ය රසය උද්දීපනය වන බැවින් කෝලම් යන නම යෙදී ඇති බවද පැවසේ.

සාමාන්‍යයෙන් වෙස්‌ මුහුණු කොටස්‌ තුනකට බෙදෙනවා. මනුෂ්‍ය රූප, සත්ව රූප හා අධි මානුෂ රූප වශයෙන් අපේ රටේ තිබූ පැරණි වෙස්‌ මුහුණු රාශියක්‌ අදත් යුරෝපා රටවල කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා තියෙනවා. කෝලම් නැටුම 18 වැනි සියවසේ මැද භාගයේ බිහිවන්නට ඇතැයි සැලකෙනවා. හරිස්‌චන්ද්‍ර ටුක්‌කාවඩු කෝලම් කලාව ගැන තවදුරටත් කරුණු කාරණා විස්‌තර කරමින් අපිව දැනුවත් කළේය.

කෝලම් නැටුම්වලට උපන් කථාවක්‌ද ඇත. ඈත අතීතයේ විසූ මහා සම්මත නම් රජුගේ බිරිඳට සිනහ උපදවන යමක්‌ දැකීමේ දොළදුකක්‌ වැළඳී ඇත. එම දොළදුක සංසිදුවීමට ගත් උත්සාහයේ ප්‍රථිපලයක්‌ වශයෙන් කෝලම් නැටුම් බිහිවූ බවද පැවසේ. කෝලම් නැටුම් රංග දක්‌වන්නේ අවුරුදු කාලයටය. එම කාලයට චලක ගම්මානවල කෝලම් මඩු දැකිය හැකිය. මෙම නැටුම් රඟ දක්‌වන්නේ රාත්‍රි කාලයටය. මක්‌නිසාදයත් කෝලම් නැටුම් බැලීමට ජනි ජනයාට විවේකය ඇත්තේ රාත්‍රි කාලයට බැවිනි. කෝලම් රඟ දක්‌වන්නේ එළිමහනේය. කවාකාර ලෙසට සකස්‌කරගන්නා රංග භූමිය කරලිය ලෙස හැඳින්වේ.

කෝලම් නැටුමක්‌ මූලික වශයෙන් කොටස්‌ දෙකකට බෙදා දැක්‌විය හැක. උපන් කථාවට අදාළ රැඟුම් සහිත මුල්a කොටස හා අනතුරුව රඟ දක්‌වන තෝරාගත් කතා පුවතයි.

මෙහි මුල් කොටස තවත් කොටස්‌ දෙකකට බෙදන්න පුළුවන්. රජකට්‌ටුව සබයට පැමිණීම දක්‌වා එන රැඟුම් පළමු කොටසත් ඉන් අනතුරුව රජ කට්‌ටුව ඉදිරිපිට රඟ දක්‌වන රාක්‍ෂ හා සත්ව කෝලම් අනිත් කොටසයි. කෝලම් නැටුම් සඳහා යක්‌බෙරය හා හොරණෑව යොදා ගන්නවා. මල් පහන් පුදා බෙර වාදනයකින් පසුව කාරියකරවන රාළ සභයට පැමිණෙනවා. බෙරවාදකයන් සමග අත්වැලත් සහිතව පොතේ කවි ආරම්භ කරණවා. ඉන්පසු ත්‍රිවිධ රත්නය නැමද දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ස්‌තෝත්‍ර ගායනා කිරීමෙන් නර්ථනය ආරම්භ කරණවා.

කෝලම් නාට්‍යයක්‌ රඟ දැක්‌වීමට ප්‍රථම සිදුකරණ කාර්යන් පිළිබඳ හරිස්‌චන්ද්‍ර ටුක්‌කාවඩු විස්‌තර කළේ ඒ අයුරිණි. කෝලම් නැටුම් වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දක්‌නට ඇත්තේය. මෙහිදී අම්බලන්ගොඩ ටුක්‌කාවඩු පරපුරට අයත් පිටපතේහි එන චරිතාංග අනුපිළිවෙළ මෙසේය. මුලින්ම සබයට එන්නේ සභාපති කවි චරි��යයි. සබේ විදාන හා සභාපති පමණක්‌ වෙස්‌ මුහුණු පළදින්නේ නැත. සභාපති නික්‌ම ගිය පසු පිළිවෙළින් ලියනආරච්චි, අණබෙර, නොංචි, පොලිස්‌, හේවා ජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා, කාපිරි සමග රජ කට්‌ටුව පැමිණේ. ඉක්‌බිත රජ හා බිසව පැමිණේ අනතුරුව නාග, මරුකව, ගුරුළු යන රාක්‍ෂ නැටුම් රඟ දැක්‌වේ. ඉන් අනතුරුව රඟ දක්‌වන්නේ තෝරාගත් කථා පුවතකි.

මානමේ, සඳකිඳුරු, ගොඨයිම්බර හා ගොන් තොටි යන කථා පුවත් වලින් එක්‌ කථා පුවතක්‌ රඟ දැක්‌වේ. ගරා රාක්‍ෂ නැටුමෙන් පසු කෝලම් මඩුවේ වැඩකටයුතු අවසන් කෙරේ.

ටුක්‌කාවඩු පරපුරට අවේණිකවූ අංගයක්‌ වන්නේ මුදලි කෝලමයි. හරිස්‌චන්ද්‍ර ටුක්‌කාවඩුද මුදලි කෝලම රඟ දැක්‌වීමට දක්‌වන්නේ දැඩි කැමැත්තකි. එමෙන්ම ටුක්‌කාවඩු පරම්පරාවට අයත් පැරණි කෝලම් මුහුණු කට්‌ටලයක්‌ කොළඹ මහජන කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම වෙස්‌ මුහුණු කට්‌ටලය යලි ප්‍රතිනිර්මාණය කිරීම සඳහා හරිස්‌චන්ද්‍රට අදහසක්‌ පහල වන්නේ මේ අතරතුරේදීය.


හරිස්‌චන්ද්‍ර ටුක්‌කාවඩු විසින් මේ වන විට ඔහුගේ දෑතින්ම මෙම ඉපැරණි වෙස්‌ මුහුණු කට්‌ටලය යළි නිර්මාණය කොට ඇත්තේය. ඒ ඉපැරණි වෙස්‌ මුහුණුවල පරිමිතින්ට අනුකූලවය. මේ සඳහා තමන්ට මාස නවයක්‌ පමණ ගතවූ බැව් හරිස්‌චන්ද්‍ර අප සමග කීවේය. රජු මුහුණු දෙකක්‌ බිසෝ මුහුණු දෙකක්‌ ඇතුලු කෝලම් මුහුණු විසිහතක්‌ යළි නිර්මාණය කොට තිබේ.






මෙම කොටස ලිපියකට ගෙන යන්නේ නම් මැනවි. මෙය පරිශීලක සාකච්ඡාවයි.--Ravindu Navin (talk) 02:48, 11 අගෝස්තු 2016 (යූටීසී)[reply]
පරිශීලක සාකච්ඡාව පරිශීලකයාගේ පෞද්ගලික අඩවියකි. කෙසේවුවද මෙවැනි අත්හදාබැලීම් වැලිපිල්ලෙහි කල හැක. පරිශීලක :Tukkawadu/වැලිපිල්ල තනා එහි මෙය ප්‍රවර්ධනය කරන්න. ---- Shwetha (talk) 03:36, 11 අගෝස්තු 2016 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Tukkawadu&oldid=422445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි