Jump to content

2024 ගෝෆා නායයෑම්

විකිපීඩියා වෙතින්
2024 Gofa landslides
2024 ගෝෆා නායයෑම් is located in Ethiopia
2024 ගෝෆා නායයෑම්
දිනයජූලි මස 21 - 22, 2024
පිහිටුමකෙන්චෝ-ෂාචා ප්‍රදේශය, ගෙස් ගෝෆා, ඉතියෝපියාව
ඛණ්ඩාංක6°18′N 36°48′E / 6.3°N 36.8°E / 6.3; 36.8ඛණ්ඩාංක: 6°18′N 36°48′E / 6.3°N 36.8°E / 6.3; 36.8
හේතුවතද වැසි
මරණ257
මරණීය-නොවන තුවාල12
ප්‍රදේශයේ චන්ද්‍රිකා දර්ශනය (2018)

2024 වර්ෂයේ ජූලි මස 21 - 22 දිනවල, ඉතියෝපියාවේ දකුණු ඉතියෝපියාවේ ප්‍රාදේශීය ප්‍රාන්තයේ ගම්මාන දෙකක් නායයෑම් දෙකකින් වැළලී 257 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල සිදු විය.[1] දෙවන නාය යාමෙන් පළමු නාය යාමේ දී උදව් කිරීමට පැමිණි අය වැළලී ගියහ. මෙය ඉතියෝපියානු ඉතිහාසයේ මාරාන්තිකම නායයෑම් වේ.

පසුබිම

[සංස්කරණය]

දකුණු ඉතියෝපියාවේ ප්‍රාදේශීය ප්‍රාන්තයේ, පිහිටි ගෝෆා ප්‍රදේශ‌යේ ආසන්න වශයෙන් 450 කිලෝමීටර (280 mi) අඩිස් අබාබා අගනුවර සිට, මෝටර් රථයෙන් පැය 10 ක් පමණ ගත වන ගමනක්. ප්‍රදේශවාසීන්ගේ ප්‍රකාශවලට අනුව නායයෑම් සිදුවූ ප්‍රදේශය ග්‍රාමීය, දුෂ්කර හා කඳුකර ප්‍රදේශය ‍කි. කලාපයේ පස අස්ථායී බව දන්නා අතර නායයෑම් සහ අධික වර්ෂාව සෑම වසරකම මාරාන්තික සිදුවීම් වලට තුඩු දෙයි.[2] 2016 වර්ෂයේ දී, දකුණු ඉතියෝපියාවේ වොලයිටා හි මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑම් නිසා පුද්ගලයන් 41 දෙනෙකු මිය ගොස් ඇත.[3] 2024 වර්ෂයේ මැයි මාසයේ දී, ජූලි සිද්ධිය වූ ප්‍රදේශයේම නාය යාමකින් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගිය හ.[4]

සිද්ධිය

[සංස්කරණය]

ගෙසා ගෝෆා හි කෙන්චෝ-ෂචා ප්‍රදේශයේ අධික වර්ෂාවෙන් පසුව, පළමු නායයාම ජූලි මස 21 සවස සිදු වූ අතර, නිවාස හතරක් වැළලී ගියේ ය.[5][6][4] පසුදා උදෑසන 10:00 EAT (07:00 සමායෝත සාර්වත්‍ර වේලාව), දිවි ගලවා ගත් අය බේරා ගැනීම සඳහා මිනිසුන් එම ස්ථානයට පැමිණීමත් සමඟ දෙවන නාය යෑමක් සිදු වූ අතර එය අතිරේක මරණවලට තුඩු දුන්නේ ය.[7][8] නාය යෑම් අතර අසල ගම්මාන දෙකක් වැළලී ගියේ ය.[9]

පිරිමින් 148 ක් සහ කාන්තාවන් 81 ක් ඇතුළුව[1] අවම වශයෙන් මරණ 257ක් නා���යෑමට හේතු වී ඇති අතර, එය ඉතියෝපියාවේ මාරාන්තිකම නායයෑම බවට පත් විය.[2] මියගිය අය අතර ප්‍රදේශයේ පරිපාලක ද වේ. [4] එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පැවසුවේ අවසන් මරණ සංඛ්‍යාව 500 ඉක්මවිය හැකි බව යි.[1]

පසු විපාක

[සංස්කරණය]

ඉතියෝපියානු රාජ්‍ය අනුබද්ධ මාධ්‍ය ආයතනයක් වන ෆානා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේට්, සවල් සහ ඔවුන්ගේ දෑතින් ආපදා ප්‍රදේශය හාරමින් සිටින ගලවා ගැනීමේ ඡායාරූප ෆේස්බුක් හි බෙදා ගත්තේ ය.[7] ජූලි මස 23 වන දින, ගෝෆා කලාපයේ ජාතික ආපදා ප්‍රතිචාර ඒජන්සියේ ප්‍රධානී මාර්කොස් මෙලේස් රොයිටර් පුවත් සේවයට පැවසුවේ පළමු ප්‍රතිචාර දැක්වූවන් තවමත් සිරුරු ගොඩ ගනිමින් සිටින බව යි.[9] එදිනම අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකුවත් සුන්බුන් අතර සිරවී සිටිය දී බේරාගෙන තිබුණි.[10]

පළමු ප්‍රතිචාර දැක්වූවන් වාර්තා කළේ පවුල් වින්දිතයින්ගේ සිරුරු හඳුනාගෙන හිමිකම් කියන අතර, හිමිකම් නොගත් දේහයන් එම ස්ථානයේම තැන්පත් කර ඇති බව යි. ස්වේච්ඡා සේවකයෙක් ඇඩිස් ස්ටෑන්ඩර්ඩ් වෙත පැවසුවේ ගොඩගත් සිරුරු පසුව භූමදාන කිරීමේ උත්සවයක් සඳහා කූඩාරමක එකතු කළ බව යි. ප්‍රතිචාර දැක්වූවන් අතර යන්ත්‍ර සූත්‍ර නොමැති වීම සෙවීමේ උත්සාහයන්ට බාධාවක් වූ බව වාර්තා වේ.[11] ආපදා තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15,515 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කර ඇති අතර, අඛණ්ඩව පවතින වර්ෂාපතනය හේතුවෙන් තවදුරටත් එවැනි සිදුවීම් ඇතිවීමේ වැඩි අවදානමක් ඇති මෙම පුද්ගලයින් සඳහා කඩිනම් ඉවත් කිරීම් අවශ්‍ය බව පැවසී ය.[12][13]

ප්‍රතිචාරය

[සංස්කරණය]

සමාජ මාධ්‍ය ජාලාවල, අගමැති අබි අහමඩ් කණගාටුව ප්‍රකාශ කළ අතර හදිසි සේවා යොදවා ඇති බව ප්‍රකාශ කළේ ය.[11] ඔහු ජූලි මස 26 වැනිදා නාය ගිය ස්ථානයට ගියේ ය.[14] ෆෙඩරල් පාර්ලිමේන්තු සභාව ජූලි මස 27 සිට 29 දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. [15]

අප්‍රිකානු සංගමයේ ප්‍රධානී මූසා ෆාකි මහමත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිය සහයෝගය ප්‍රකාශ කරමින් කියා සිටියේ අතුරුදහන් වූවන් සොයා ගැනීමට සහ අවතැන් වූවන්ට උපකාර කිරීමට දරන ප්‍රයත්නයන් අඛණ්ඩව පවතින බව යි.[2]

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙද්‍රස් ඇඩ්හැනොම් විපතට පත් පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කළ අතර ක්ෂණික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානේ කණ්ඩායමක් යවා ඇති බව සඳහන් කළේ ය.[9]

සංවර්ධනය පිළිබඳ අන්තර් රාජ්‍ය අධිකාරියේ විධායක ලේකම් වර්ක්නෙහ් ගෙබෙය්හු, තවදුරටත් ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා දේශගුණික විපර්යාසවල අඛණ්ඩ බලපෑම් මධ්‍යයේ සුපරීක්ෂාකාරීව සහ ආරක්ෂක ක්‍රමවේදවලට අනුකූල වන ලෙස ඉල්ලා සිටියේ ය.[9]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c "Death toll from Ethiopia landslide hits 257, could reach 500". news.com.au. 25 July 2024. සම්ප්‍රවේශය 25 July 2024.
  2. ^ a b c "Death toll from Ethiopia landslides rises to 229". Al Arabiya. Agence France-Presse. 23 July 2024. සම්ප්‍රවේශය 23 July 2024. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "ALARABIYA" defined multiple times with different content
  3. ^ "More than 200 die in southern Ethiopia landslides". France 24 (ඉංග්‍රීසි බසින්). 2024-07-23. සම්ප්‍රවේශය 2024-07-24.
  4. ^ a b c "Scramble to send aid after Ethiopia landslide kills over 200". France 24. Agence France-Presse. 24 July 2024. සම්ප්‍රවේශය 24 July 2024.
  5. ^ "At least 229 people killed in Ethiopia landslides". Al Jazeera. 24 July 2024. සම්ප්‍රවේශය 24 July 2024.
  6. ^ "Ethiopian landslides kill 229 people". The East African (ඉංග්‍රීසි බසින්). 2024-07-24. සම්ප්‍රවේශය 2024-07-25.
  7. ^ a b "Death toll from Ethiopia landslide rises to 146: local official". Macau Business (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2024-07-23. සම්ප්‍රවේශය 2024-07-25. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":0" defined multiple times with different content
  8. ^ Yibeltal, Kalkidan. "Frantic digging at scene of deadly Ethiopia landslides". BBC News (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-07-25.
  9. ^ a b c d "Death toll from Ethiopian landslides jumps to 229, official says". Reuters. 23 July 2024. සම්ප්‍රවේශය 23 July 2024. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "REUTERS" defined multiple times with different content
  10. ^ Yibeltal, Kalkidan; Cooney, Christy (23 July 2024). "Ethiopia landslide rescuers pull 229 bodies from mud". BBC News. සම්ප්‍රවේශය 23 July 2024.
  11. ^ a b "News: Death toll from South Ethiopia region landslide climbs to over 229, search and rescue efforts continue for missing". Addis Standard. 23 July 2024. සම්ප්‍රවේශය 23 July 2024. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "addisstandard" defined multiple times with different content
  12. ^ UN Office for the Coordination of Humanitarian Affairs (25 July 2024). "Ethiopia: Flash Update #2 - Update on Landslide in Gofa Zone, South Ethiopia Region (As of 24 July 2024)". ReliefWeb. සම්ප්‍රවේශය 25 July 2024.
  13. ^ Rukanga, Basillioh (24 July 2024). "Desperate search in Ethiopia for landslide survivors". BBC News. සම්ප්‍රවේශය 24 July 2024.
  14. ^ "Ethiopia PM Visits Village Hit By Deadly Landslide". Barron's (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). Agence France Presse. සම්ප්‍රවේශය 2024-07-27.
  15. ^ "Ethiopia declares 3 days of national mourning as mudslide death toll rises to 257". Associated Press. 26 July 2024. සම්ප්‍රවේශය 27 July 2024.
"https://si.wikipedia.org/w/index.php?title=2024_ගෝෆා_නායයෑම්&oldid=692275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි