සාගරික කලාප
භෞතික හා ජීව විද්‍යාත්මක තත්ත්වයන්ට අනුව සාගරය නොයෙක් කලාප වලට වර්ග කෙරේ. සමුද්‍ර කලාපය (pelagic) තුළ සියලු විවෘත සාගර කලාප අඩංගු වන අතර ගැඹුර හා ලැබෙන ආලෝක ප්‍රමාණය අනුව එය තවදුරටත් උපකලාප වලට බෙදේ. මුහුදු මට්ටමේ සිට මිටර් 200 දක්වා ගැඹුරෙන් පවතින්නේ ප්‍රකාශ කලාපයයි.මෙම කලාප තුළ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය බහුලව සිදුවන බැවින් සාගරයේ ජෛව විවිධත්වයෙන් පොහොසත්ම කලාපය මෙය වේ. පැළෑටියකට තම ජීවිතය පවත්වා ගත හැක්කේ ප්‍රභාසංස්ලේෂණ කාර්යයෙන් පමණක් නිසා මෙම කලාපයට පහතින් ජීවත් වන සියළු ජීවින් ඉහළින් පාවී පැමිණෙන ද්‍රව්‍ය කෙරෙහි හෝ තවත් ප්‍රාථමික නිෂ්පාදකයෙකු මත හෝ රඳා පැවතිය යුතුය. මීටර් 2000 ට වඩා වැඩි ගැඹුරෙන් පවතින නිරාලෝක (Aphetic) කලාපයේ පවතින ජලතාප වෙනට් මෙවැනි ජිවියෙකි. ප්‍රකාශ කලාපයේ, සාමුද්‍ර කලාපය, අභි සාමුද්‍ර කලාපය (epipelagic) ලෙස හැඳින්වේ. නිරාලෝක කලාපයේ සාමුද්‍ර කොටස විෂමතා එක පිහිටන තවත් උප කලාප කිහිපයකට බෙදිය හැක. එහි ඉහළින්ම පවතින්නේ මොසෝ සාමුද්‍ර (meso pelagic) කලාපයයි. එහි පහත් සීමාව සෙල්සියස් අංශක 12 තාපයක පවතින අතර නිවර්තන අනුව සැලකුවහොත් මීටර් 70-1000 අතර මට්ටමක මෙම කලාප පිහිටයි. ඉන්පසු හමුවන ආගාධ සාගරික/ අව්‍යාමුද්‍ර (bathypelagic )කලාප පවතින්නේ සෙල්සියස් අංශක හෙවත් මීටර් 700 හෝ 1000 සහ මීටර් 2000 හෝ මීටර් 400 අතර කලාපයේය. ආගාධ තලය මතින් පවතින්නේ ආගාධ සමුද්‍ර කලාපය (Ned pelagic) පහත් සීමාව 6000m පමණ ගැඹුරකින් පිහිටයි. මෙහි ගැඹුර 6000m -10000m අතර පවතින අතර එය සාගරයේ ගැඹුරින්ම පිහිටි සාගර කලාපයයි.
සාමුද්‍ර, නිරාලෝක කලාප මෙන්ම නිතල නිරාලෝක (benthic apnohc) කලාපද සාගරයේ පිහිටා ඇත. මෙම වර්ගයට ඉතා ගැඹුරින් පිහිටි කලාප 3 ක් අයත් වේ. (bathyal) කලාපයේ මහද්වීපික බෑවුම සහ නැග්ම 400m දක්වා ආවරණය කරයි. ආගාධ කලාපයට 4000m-600m අතර ඉතා ගැඹුරින් පිහිටි තලය අයත් වේ. අවසාන වශයෙන් හෙඩාල් (hedal) කලාපය යනු සාගරයේ පතුලේ පිහිටි හෙඩාල් සමුද්‍ර (dalpeagic) කලාපයයි. සාමුද්‍ර කලාපය නෙට්රික් (netric) හා සාගරික (oceanic) ලෙස තවත් උප කලාප 2 කට වෙන් කළ හැක. නෙට්රික් කලාපය සමන්විත වන්නේ මහද්වීපික තටාකයට ඉහළින් පිහිටි ජල ස්කන්ධය මඟින් වන අතර සාගරික කලාපයේ පවතින්නේ නිරාවරණය වු ජලය පමණි. වෙරළාසන්න (littanal) කලාපය වඩදිය හා බාදිය ඇතිවන ප්‍රදේශය ආවරණය කරන අතර නාවික හා භෞමික තත්ත්ව අතර සංක්‍රමණික තත්ත්වයක් පෙන්නුම් කරයි. අන්තර් උදම් (intertidal)කලාපය ලෙසද මෙය හැඳින්වෙන අතර එයට හේතුව වන්නේ වඩදිය බාදිය මට්ටම මෙම කලාපීය තත්ත්ව මත බලපෑම් ඇති කිරීමයි.
දේශගුණික ආචරණය
[සංස්කරණය]සාගරික කාලගුණයේ වඩාත් චමත්කාර ජනක ආකාරයක් නම් ඝර්ම කලාපීය වාසුලි වේ. (ටයිපූන් හෙවත් කුණාටු වශයෙන් ද ඇතිවන පද්ධතිය මත හැඳින්වේ) සමුද්‍ර තරංග පෘථ��වි දේශගුණයට දැඩිව බලපෑම් කරන්නේ උණුසුම් හෝ ශීත සුළං සහ වර්ෂණය වෙරළ බඩ කලාපයට පරිණාමණයෙනි. ඒවා භූමිය තුළ සුළං මගින් වහණය කෙරේ. ඇන්ටාටික් මහාද්වීපය වටා ඇති ඇන්ටාටිකා පරිධ්‍රැවක තරංග සමුද්‍ර කිහිපයක තරංග ගොණු කරන අතර ප්‍රදේශයේ දේශගුණයට බලපෑම් ඇති කරයි.
Oceans - Regions and depths |