Jump to content

ලෝකයෙහි ඉතිහාසය

විකිපීඩියා වෙතින්
ක්‍රියුපෙ 10,000 සිට ක්‍රිව 2000 දක්වා ලෝක ජනගහණය (සිරස් (ජනගහණය) පරිමාණය ලඝුගණක වෙයි)[1]

ලෝකයෙහි ඉතිහාසය (හෝ ලෝක ඉතිහාසය) විසින් විස්තර කෙරෙනුයේ, ලීවිමේ ක්‍රමය සොයැගැනුමෙහි ආරම්භයෙහි සිට, පුරා විද්‍යාත්මක සහ ලිඛිත ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය තුලින් නිශ්චය කෙරෙන පරිදී, මානව වර්ගයාගේ ඉතිහාසය (හෝ මානව ඉතිහාසය) වෙයි.[2][3] නූතන මානවයන් මීට වසර 300,000 කට පෙර අප්‍රිකාවේ දී පරිණාමය වූ අතර, මුල් කාලීනව ඔවුහු දඩයමෙන් සහ ඵලවැල රැස් කිරීමෙන් ජීවත් වූහ. අවසන් හිම යුග සමයේ දී ඔවුන් අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වීම ඇරඹූ අතර, වසර 12,000 කට පමණ පෙර හිම යුගය නිමා වන විට මිනිසුන් මුළු පෘථිවිය පුරාවටම ව්‍යාප්ත වී තිබුනි. ඊට සුළු කලකට පසුව බටහිර ආසියාවේ සිදු වූ නවශිලා විප්ලවයත් සමග මිනිසුන් විසින් පළමු වරට විධිමත්ව සත්ව පාලනය සහ ගොවිතැන් කිරීම ඇරඹුනි. මෙහි ප්‍රථිපලයක් ලෙස ඔවුන් සංචාරක දිවි පෙවෙතින් ඈත් වී ස්ථාවර ජනාවාස ගොඩ නැගීමට පෙළඹුනි. මානව සමාජයන් වඩ වඩාත් සංකීර්ණ වීමත් සමග ඔවුන් හට ගිණුම්කරණයෙහි සහ ලිවීමේ ක්‍රමයන්ගෙ වුවමනාව ඉස්මතු වුනි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "හිස්ටොරිකල් එස්ටිමේට්ස් ඔෆ් වර්ල්ඩ් පොපියුලේෂන්". එ. ජ. ජන සංගණන කාර්යාංශය. අගෝස්තු 2016. සම්ප්‍රවේශය නොවැම්බර් 15, 2016.
  2. ^ ඩීරිංගර්, ඩේවිඩ්. "රයිටිං". එක්සයික්ලොෆීඩියා ඇමරිකානා. Vol. 29 (1986 ed.). p. 558. Writing gives permanence to men's knowledge and enables them to communicate over great distances.... The complex society of a higher civilization would be impossible without the art of writing.
  3. ^ වෙබ්ස්ටර්, හට්න් (1921). වර්ල්ඩ් හිස්ට්‍රි. බොස්ටන්: ඩී. සී. හීත්. p. 27.
"https://si.wikipedia.org/w/index.php?title=ලෝකයෙහි_ඉතිහාසය&oldid=708274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි