මෝටු පට්ලු
මෝටු පට්ලු | |
---|---|
ප්‍රභේදය | ප්‍රහසන විනෝදජනක-ප්‍රහසනය කාලානුරූප ප්‍රහසනය |
තැනුවේ | ක්රිපා ෂංකර් භාරද්වාජ් |
ප්‍රවර්ධනය කලේ | කොස්මෝස්-මායා[1] |
රචනය කලේ | නීරාජ් වික්‍රම් |
අධ්‍යක්ෂණය කලේ | සුහාස් කාදව්[2] |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | රොනෝජෝයි චක්‍රබෝර්ති |
රඟපෑම | මෝටු, පට්ලු, ජෝන් නම් අපරාධ නායක, ඝාසිත රාම්, ආචාර්ය ජාට්කා, ඉන්ස්පෙක්ටර් චිංගම් |
Voices of | සෞරව් චක්‍රබෝර්ති ඕමි ෂර්මා සංකල්ප් බ්‍රයන් ඩී. කොස්තා රාජා රේණු ෂාරදා විකාශ් කුමාර් |
තේමා සංගීත නිර්මාණකරු | සංදේශ් ෂන්දිල්‍යා[2] |
ඇරඹුම් තේමාව | "මෝටු ඕර් පට්ලු කි ජෝඩි" |
අවසන් තේමාව | "මෝටු ඕර් පට්ලු කි ජෝඩි" |
Composer(s) | සංදේශ් ෂන්දිල්‍යා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි ඉංග්‍රීසි සිංහල දෙමළ තෙලිඟු මලයාලම් කන්නඩ ටුලු බෙංගාලි |
කථාවාර සංඛ්‍යාව | 4 |
කථාංග ගණන | 260 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | අනූ සික්කා |
නිෂ්පාදක(යෝ) | දීපා සාහි අනිෂ් ජේ. එස්. මෙහ්තා |
ධාවන කාලය | මිනිත්තු 10–11 (තනි කථාංගයක දිග) |
නිෂ්පාදන සමාගම | කොස්මෝස් එන්ටර්ටේන්මන්ට්, සිංගප්පූරුව |
බෙදාහරින්නා | කොස්මෝස් එන්ටර්ටේන්මන්ට්, සිංගප්පූරුව |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | නිකලෝදියන් ��ික් HD |
ශබ්ද ආකෘතිය | ඩොල්බි ඩිජිටල් |
පළමුව ප්‍රදර්ශනය කෙරුණේ | 16 ඔක්තෝබර් 2012 |
මුල් ධාවනය | 16 ඔක්තෝබර් 2012[1] – වර්තමානය |
බාහිර සබැඳි | |
[cosmoa-maya.com නිෂ්පාදන වෙබ් අඩවිය] |
මෝටු පට්ලු යනු නිකලෝදියන් සහ වසන්තම් නාළිකා ඔස්සේ විකාශය වන ඉන්දියානු සජීවීකරණ කාලානුරූප ප්‍රහසන රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරනු ලබන්නේ කොස්මෝස්-මායා වෙතිනි.[1] මෙය අනුවරතනය කොට තිබෙන්නේ ලොට් පොට්හි සුප්‍රකට තීරු චිත්‍රකථාවක් තුළිනි. මෙහි විකාශය ආරම්භ වූයේ 2012 ඔක්තෝබර් 16 දින "ජෝන් බනේගා ඩොන්" යන කථාංගය සමගිනි. මෙමගින් නිරූපණය වන්නේ ෆූර්ෆූරි නගර් නම් කල්පිත නගරයේ දිවි ගෙවන මෝටු සහ පට්ලු නම් මිතුරන් දෙදෙනාගේ කථාවයි.
මෙහි අධ්‍යක්ෂකවරයා සුහාස් කාදව් වන අතර, තේමා සංගීත නිර්මාපකයා සංදේශ් ෂන්දිල්‍යා ය. මෙහි නිෂ්පාදකයින් වන්නේ දීපා සාහි සහ අනිෂ් ජේ. එස්. මෙහ්තා ය. මෙහි තේමා ගීතය වන "මෝටු ඕර් පට්ලු කි ජෝඩි" ගීතය ගයනු ලබන්නේ සුඛ්වින්දර් සිං විසිනි.[2] මෙය ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය ළමා වැඩසටහන් අතුරින් එකක් ද වේ.[1] ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවූ මෙම කතාමාලාව සූටිං මාටිං යන නාමය ඔස්සේ ටීවී දෙරණ නාළිකාවෙන් විකාශය කෙරේ.
කථාපුවත
[සංස්කරණය]මෙම කථාව ගෙතී ඇත්තේ ෆූර්ෆූරි නගර්හි ජීවත්වන මෝටු සහ පට්ලු නම් මිතුරන් දෙදෙනකු වටා ය.[3] මෙය ප්‍රධාන වශයෙන්ම හාස්‍යෝත්පාදක සිදුවීම්වල දී සිය භූමියට දක්වන අභිරුචියත්, අවාසනාවන්ත සිදුවීම්වලින් දිවි ගලවාගන්නා ආකාරයත් ය. මෝටු සහ පට්ලු කුලුපග මිතුරෝ වෙති. සමෝසා මෝටුගේ ප්‍රියතම ආහාරයයි. මෝටු හැමවිටම නගරයේ සිටින එකම සහ හොඳම සමෝසා සාදන්නා වන චයිවාලාගෙන් සමෝසා සොරකම් කිරීමට තැත් කරයි. මේ දෙදෙනාගෙන් මෝටු නිතරම ගැටලු ඇති කරගන්නා අතර, පට්ලු විසින් හැමවිටම එය විසඳනු ලබයි. ඇතැම් අවස්ථාවල ඝසිතරාම්, චිංගම් සහ ආචාර්ය ජාත්කා ඔවුනට සහාය වේ. ඝසිතරාම් ඇතැම් අවස්ථාවල ඔවුන් දෙදෙනාව නොමග යවමින් මුළා කරන්නේ මෝටු සහ පට්ලු ආචාර්ය ජාත්කාගේ විකාර සහ අරුම පුදුම යන්ත්‍ර සහ නිපැයුම් අත්හදා බැලීමට යොමු කරමිනි. මෝටු සමෝසා ආහාරයට ගන්නා විට ඔහුට වැඩි ශක්තියක් ලැබේ.
කතාමාලාවේ ප්‍රධාන එදිරිවාදියා වන්නේ "ජෝන් නම් අපරාධ නායකයා" ය. ඔහු සැමවිටම ඔහුගේ සගයන් දෙදෙනා වන නම්බර් වන් සහ නම්බර් ටූ පිරිවරා සිටියි. ජෝන් හැමවිටම තමන් සුපිරි අපරාධකරුවකු බව ඇඟවීමට උත්සාහ දරුව ද, මෝටු සහ පට්ලුගේ වීර ක්‍රියා හේතුවෙන් ඔහුගේ සැලසුම් අසාර්ථක වේ. ඔවුන් දෙදෙනා ජෝන්ගේ සැලසුම් හෙළි කරයි.
චරිත
[සංස්කරණය]- මෝටු: තරබාරු මිනිසකු වන මෝටු කථාවේ ප්‍රධාන චරිතවලින් එකකි. ඔහු සමෝසා ආහාරයට ගැනීමට ප්‍රිය කරන අතර, ඉන් ඔහුට බලය ලැබේ. ඔහුගේ හොඳම මිතුරා පට්ලු ය. ඔහු නිතරම අකරතැබ්බයන්ට මැදි වන්නේ ඔහුගේම ක්‍රියාවන් හේතුවෙනි. ඔහු හැමවිටම මුදල් ඉපයීමට, විනෝද වීමට සහ සමෝසා ලබා ගැනීමට පහසුම ක්‍රම පිළිබඳ සොයා බලයි. ඇතැම් අවස්ථාවල ජයග්‍රහණයන් හමුවේ ඔහු අතිශයින් ප්‍රීතියට පත්ව ඉතා මුග්ධ ක්‍රියාවන්හි නියැළිය හැක. උදාහරණයක් වශයෙන් අතීතයේ සිට කොල්ලකරුවකු වර්තමානය වෙත රැගෙන ඒම දැක්විය හැක. ඇතැම් අවස්ථාවල තමන් සිදු කොට නොමැති දේ ගැන ඔහු පුරසාරම් පවසයි. නමුත් ඔහු අන්‍යන්ට උපකාර කිරීමට කැමති යහපත් මිනිසෙකි. ඔහු රතු පැහැ කමිසයක් සහ තද නිල් (බොහෝදුරට කළු පැහැ) කබායක් හැඳ කහ පැහැ ජිජාමාවක් සහ පාවහන් පැළඳ සිටියි. ඔහුගේ කථන විලාසය දාරා සිංගේ ආභාසය ලබා ඇත. ඔහු සමෝසා ආහාරයට ගන්නා විට චෝටා භීම්ට මෙන් ඔහුට සුපිරි ශක්තියක් හිමි වන අතර, ඉන් ඔහුට ලොව සෑම අයකුම පරාජය කළ හැකි ය. ඔහුගේ පියා විශ්වයේ පිටසක්වල ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටි අතරතුර, ඇක්සාර් ග්‍රහලොවින් පැමිණි පිටසක්වලයින් විසින් පැහැරගෙන ගිය බැව් විශ්වාස කෙරේ.
- පට්ලු: සිහින්, කෙට්ටු මිනිසකු වන මොහු ද කථාවේ ප්‍රධාන චරිතවලින් එකකි. ඔහු මුළු නගරයේම සිටින දක්ෂ පුද්ගලයකු යැයි පිළිගැනේ. මෝටු නිසා නිතරම ගැටලුවලට මුහුණ පෑමට සිදුවුව ද, එම ගැටලු නිරාකරණය කරගැනීමට ඔහු උපකාර කරයි. ඔහු හැමවිටම මෝටුට උපදෙස් දෙන්නේ සාමාන්‍ය අයුරින් ජීවත් වන ලෙසයි. නමුත් කෙසේ හෝ මෝටු ඔහුව සිය ප්‍රශ්න විසඳාගැනීමට දායක කර ගනියි. සමෝසා ආහාරයට ගැනීමට අකමැති මොහු පුවත්පත් කියවීමට ලැදි ය. ඔහුගේ සීයා බොක්සිං ශූරයකු වූ බවත්, සුවිශේෂී ශක්තියක් ලබාගැනීමට හැකි විශේෂ වට්ටෝරුවක් ඔහු සතුව පැවති බවත් විශ්වාස කෙරේ. පසුව මෝටු විසින් මෙය සොයා ගනු ලබයි. මොහු කහ කබායක්, තැඹිලි පැහැ කලිසමක් හැඳ දුඹුරු රාමුවක් සහිත උපැස් යුවළක් හා දුඹුරු පාවහන් පැළඳ සිටියි.
- ආචාර්ය ජාත්කා: ආචාර්ය ජාත්කා විකාර අදහස් ඇති විද්‍යාඥයෙකි. ඔහුගේ උච්චාරණය සර්දාර් කෙනකුගේ මෙන් බැවින් ජන්ජාබි පුද්ගලයන් හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ. ඔහුගේ නව නිපැයුම් ඉතා විශිෂ්ට සහ සාර්ථක නමුත්, ජනයාට ප්‍රයෝජනවත් ඒවා නොවේ. ආචාර්ය ජාත්කා තට්ට හිසක්, කොළ කමිසයක්, දම් පැහැ ටයි පටියක් සහ නිල් පැහැ කලිසමක් හැඳ සිටියි. ඔහුගේ සීයා ෆූර්ෆූරි නගර්හි සිය නැත���වූ මුණුපුරා සොයමින් සිටින මිලියනපතියකු බැව් පෙනේ. නමුත් කපටි ජෝන් තමන් එම විද්‍යාඥ මුණුපුරා යැයි මවාපාමින් ඔහුව රවටයි. මොහු ද මෝටු වැනි අයෙකි.[4]
- ඝසිතරාම්: ඝසිතරාම් හට සෑම ක්ෂේත්‍රයකම වසර 20ක පමණ පළපුරුද්දක් පැවතිය ද, එම අත්දැකීම් කිසිවක් කිසිවකුට ප්‍රයෝජනවත් නොවේ. ඔහු පැවතෙන්නේ බටහිර බෙංගාලයේ බටහිර මිඩ්නාපෝර්හි ඝාතල්වලිනි. ආචාර්ය ජාත්කා සේම මොහුගේ ද ඊනියා "වසර 20ක පළපුරුද්ද" බොහෝ අවස්ථාවල මෝටු සහ පට්ලුට ගැටලු ඇති කරයි. මොහු ද පට්ලු වැනි අයෙකි. ඔහු තද නිල් පැහැ කමිසයක්, දම් පැහැ ධෝතියක්, තද දුඹුරු කබායක් සහ එම වර්ණයෙන්ම යුත් පාවහන් පැළඳ සිටියි.
- චිංගම්: මොහු පොලිස් පරීක්ෂකවරයෙනි. ඔහුගේ භාරයෙන් කිසිදු අපරාධකරුවකුට මිදී යා නොහැකි බව ඔහු විශ්වාස කරයි. කෙසේනමුත්, චිංගම් අපරාධරකරුවන් අල්ලා ගැනීමට සමත් වන්නේ මෝටු සහ පට්ලුගේ උපකාර නිසා ය. රජිනිකාන්ත් භක්තිකයකු වන මොහු දකුණු ඉන්දියානු සම්භවයක් ඇත්තෙකි. චිංගම් උද්‍යෝගීමත් නිලධාරියෙකි. කිසිදු අපරාධකරුවකුට ඔහුගෙන් බේරිය නොහැකිය යන අභිමානයෙන් ඔහු පසුවෙයි. මෙහි ඔහු සිය දෙබස් පවසා තුවක්කු පත්තු කරන සෑමවිටම ඔහුගේ හිස මත පොල් ගෙඩි පතිත වී ඔහු ද බිම ඇද වැටෙයි. කොළ පැහැ මෝටර් සයිකලයක් හෝ ඇතැම්විට පොලිස් ජීප් රථයක් පදවයි. ඇතැම්විට හේරා සහ ෆේරි නම් කොස්තාපල්වරුන් දෙදෙනකු ද ඔහුගේ සහායට සිටියි.
- චයිවාලා: මෝටුගේ නිවසට යාබද වෙසෙන මිනිසෙකි. මෝටු සහ පට්ලුගේ ප්‍රියතම ආහාරයන් වන පිළිවෙලින් සමෝසා සහ තේ පිළියෙල කරන ෆූර්ෆූරි නගරයේ ඇති එකම පුද්ගලයා ඔහුයි. මොහුගේ වෙළඳසැලෙන් සමෝසා සොරකම් කරන මෝටු ඔහුට මුදල් නොදෙයි. චයිවාලාගේ සමෝසා ආහාරයට ගැනීමෙන් මෝටු හට සුවිසල් ශක්තියක් ලැබේ. සමෝසා ආහාරයට ගැනීමෙන් පසු මෝටුට සුපිරි ශක්තිමත් හිමි වේ. එනමුත් ඔහු සමෝසා නොමිලේ ලබාදීමට කැමති නැත. ඔහුව සහ ෆූර්ෆූරි නගරයේ වැසියන්ව මුදාගන්නා විට ඔහු නිතරම නොමිලේ සමෝසා දීමට මෝටුට පොරොන්දු වනු දැකගත හැක.
- ජෝන්: ජෝන් යනු කථාවේ එදිරිවාදියා ලෙස කටයුතු කරන අපරාධ නායකයෙකි. ජෝන්ගේ අරමුණ වන්නේ භයානක මැර නායකයකු වීමටයි. නමුත් ඔහුගේ සෑම සැලැස්මක්ම අසාර්ථක වී කෙළවර වන්නේ පොලිස් සිරභාරයට පත්වීමෙන් හෝ ජනයා අතින් අවමානයට ලක්වීමෙනි. ඔහු ඇතැම්විට කෙටි ගීත ලියයි. සාමාන්‍ය සොරුන් මෙන් ඔහු චිංගම්ට බිය නොවූව ද, මෝටු සහ පට්ලුට බියක් දක්වයි. මොහු තරාබරු, කොට පුද්ගලයෙකි. මොහු තද නිල් පැහැ මල් සහිත නිල් පැහැ කමිසයක්, කහ පැහැ බැනියමක්, දුඹුරු ඉණපටියක්, නිල් පැහැ වාටියක් සහිත අඳුරු පැහැ කලිසමක් සහ දුඹුරු පාවහන් පැළඳ සිටියි.
- නම්බර් 1: ජෝන්ගේ සගයකු වන මොහු අඥාන පුද්ගලයෙකි. ඔහු ජෝන්ගේ කෙටි ගීතවලට ප්‍රිය කරයි. මෝටු සහ පට්ලු අල්ලා ගැනීමට නිර්මාණශීලී අදහස් මොහු සතුවුවත්, ජෝන් ඒවා නොසලකා හරින්නේ ඒවා නොවැදගත් බව පවසමිනි. නමුත් ජෝන් තමන් සතුව වඩා හොඳ සැලැස්මක් ඇති බව පවසමින් නම්බර් 1ගේ සැලැස්මම යළි පවසයි. ජෝන්ට ගරුකළ ද, මොහු නිතරම ජෝන් අතින් පීඩාවට ලක්වේ. මොහු ප්‍රංශ අල්ලි සහිත තොප්පියක්, මැජෙන්ටා ඉරි සහිත කමිසයක්, ඩෙනිම් කලිසමක් සහ කහ පැහැ කර ලේන්සුවක් පැළඳ සිටියි.
- නම්බර් 2: ජෝන්ගේ සහායකයකු වන මොහු කථා කරන්නේ අල්ප වශයෙනි. ඔහුගේ ඇසෙහි තද පැල්ලමක් ඇති අතර, විශාල නාසය වටා පටියක් ඇත. තද දුඹුරු හිසකෙස් සහිත මොහු මයුර නිල් පැහැ ඉරි සහිත කමිසයක්, තද නිල් පැහැ කර ලේන්සුවක් සහ දුඹුරු පැහැයට හුරු තැඹිලි කලිසමක් හැඳ සිටියි.
- බොක්සර්: මෝටුගේ අසල්වැසියෙකි. මොහු රතු පැහැ බොක්සිං අත්වැසුම්, සුදු පැහැ අත්නොමැති කමිසයක් සහ සිරස් කහ ඉරි සහිත රතු පැහැ කලිසමක් හැඳ සිටියි. ප්‍රකෝපකාරී මිනිසකු වන මොහු පාසලේ ගුරුවරයකු ද වේ. මොහුගේ පුහුණුකරු වන්නේ ඨාකූර් මහතා ය. ඔහුට හැමවිටම අසල්වැසියන්ට උපකාර කිරීමට අවශ්‍ය වුව ද, කෝපය හේතුවෙන් ගැටලු ඇති කරගනියි. ඔහුගේ මිලාධික කාරය මෝටු විසින් විනාශ කරනු ලබයි. "බොක්සර්ගේ බබා" කථාංගයෙහි ඔහු හොඳ දෙමාපියකු නොවන බවත්, ඔහු සිය පුත්‍රයා වන සනීව රැකබලා ගැනීමට අසමත් වන බවත් පෙනී යයි.
- බබල්ගම්: චිංගම්ගේ පියා ය. ෆූර්ෆූරි නගර් ඇතුළු යාබද ගම්මාන ඇතුළත් කලාපයේ කොමසාරිස්වරයා මොහුයි. මෝටු සහ පට්ලු දැක විස්මයට පත්වන ඔහු ඔවුන් දෙදෙනාව හවල්දාර්වරුන් ලෙස සේවයට බඳවා ගනියි. නමුත් ඔවුන් දෙදෙනා එතරම් දක්ෂ නොවන බව වටහා ගැනීමෙන් පසු ඔහු විසින් ඔවුන් දෙදෙනාව පොලීසියෙන් නෙරපා හරිනු ලබයි.
- හේරා සිං: ඉන්ස්පෙක්ටර් චිංගම්ගේ හවල්දාර්වරයෙකි. ඔහු හැමවිටම චිංගම්ට පවසන්නේ, "ආප් තෝ ටොප් හෝ, හින්දුස්ථාන් කි හොප් හෝ" යනුවෙනි.
- ෆේරි ලාල්: ඉන්ස්පෙක්ටර් චිංගම්ගේ හවල්දාර්වරයෙකි. මොහු හැමවිටම පවසන්නේ, "ඔබ ඉතා ශ්‍රේෂ්ඨයි සර්, නමුත් උපන්නේ මඳක් ප්‍රමාද වී සර්" යනුවෙනි.
- සබ්සිවාලි: මැය ෆූර්ෆූරි නගරයේම හොඳම එළවළු අලෙවි කරයි. ඇතැම් අවස්ථාවල මෝටු ඇයට ද කරදරයක් වන අතර, ඇයට ගෙවීමට ණය ද ඇත. ඇතැම් විටෙක දැඩි ලෙස කෝප වන ඇය චිංගම්ට ද පහර දෙන්නේ ඔහුගේ මෙහෙයුම්වල දී ඇගේ එළවළු විනාශ වීම නිසාවෙනි. මැය කොළ සාරියක් සහ කළු හැට්ටයක් හැඳ සිටියි.
මීට අමතරව අතිරේක චරිත ලෙස නගරාධිපති සිං මහතා, ප්‍රධාන ඇමතිතුමා සහ චෝටුගේ චරිත ද දක්නට ලැබේ.
පිහිටීම
[සංස්කරණය]මෙම කතාමාලාව සඳහා පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ ෆුර්ෆුරි නගර් නම් ප්‍රබන්ධ නගරයයි.[5] ෆූර්ෆූරි නගර් කුඩා සාමකාමී, දර්ශීය ඉන්දියානු නගරයක් වන අතර, ගංගාවක් සහ වෙළඳසැල් කිහිපයක්, විශාල පොළක්, බස් නැවතුම්පලක්, තනි මහල් නිවාස රැසක්, දේවාල දක්නට ලැබේ. කතාමාලාවේ කමල්පූර්, සූර්සූරි නගර් සහ මොඩර්න් සිටි නැමැති වෙනත් යාබද ගම්මාන කිහිපයක් සහ නගරයක් දක්නට ලැබේ. කුඩා ගම්මානයක් වුව ද මෙහි ගුවන් තොටුපලක් ද ඇත. මෙම ගම්මානය ඉන්දියාවේ පිහිටා ඇතැයි පැහැදිළිව සඳහන් නොවුව ද, වාහන බොහෝමයක අංක තහඩුවල මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ MH අක්ෂරය දැකගත හැත. එසේම මෙම නගරයේ පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම මහාරාෂ්ට්‍ර පොලීසියට සමාන යැයි පැවසේ.
නිෂ්පාදනය
[සංස්කරණය]සංගීතය
[සංස්කරණය]සම්පූර්ණ කතාමාලාවේම දක්නට ලැබෙන සියලු ගීත රචනා කරන ලද්දේ ප්‍රකට ඉන්දියානු චිත්‍රපට රචකයකු වන සංදේශ් ෂන්දිල්‍යා විසිනි. මෙහි තේමා ගීතය වන "මෝටු ඕර් පට්ලු කි ජෝඩි" ගීතය හින්දි බසින් ගයනු ලබන්නේ බොලිවුඩ් ගායක සුඛ්වින්දර් සිං විසිනි.[2]
කථාංග
[සංස්කරණය]කථාංග අං. | කථාංගයේ නම | කථාංග අං. | කථාංගයේ නම |
---|---|---|---|
1A | Jon Banega Don | 131A | Motu Patlu Canteen |
1B | Pilot Training | 131B | The Magical Laptop |
2A | Scooter Race | 132A | Motu Patlu Acchey Insaan |
2B | Angry Clouds | 132B | Alien Baby |
3A | Baby Dinosaur | 133A | Motu Patlu Jasoos |
3B | Antriksh Yatra | 133B | Pizza Boys |
4A | Car Park | 134A | Furfuri Nagar Mein Bhoot |
4B | Time Machine | 134B | Motu The Sun Flower |
5A | Animal Instinct | 135A | Courier Company |
5B | Diamond Robbery | 135B | John's Mask |
6A | Jagtey Raho | 136A | Motu Patlu In Hotel |
6B | Bomb Ki Khabar | 136B | Motu Patlu Jinn |
7A | Chamatkari Mukut | 137A | Chingum Ek Roop Anek |
7B | Boxer's Baby | 137B | Bhukkad Patlu |
8A | Super Duper Man | 138A | Sniffer Dog |
8B | Race To Rock Garden | 138B | Tele Porting Machine |
9A | Flying Helmet | 139A | Bachche Motu Patlu |
9B | Road Roller | 139B | Lie Detector Robot |
10A | Ice Factory | 140A | Kabaddi Kabaddi |
10B | Photography Competition | 140B | Party Aaj Raat Ko |
11A | Motu Patlu Mbbs | 141A | Motu Patlu In Balloon |
11B | Mehnat Ki Kamayee | 141B | Motu Ka Darr |
12A | Lottery | 142A | Motu Ki Khushi |
12B | Motu The Alien | 142B | Bahadur Motu |
13A | Future Camera | 143A | Inaam Dus Karood |
13B | Cross Connection | 143B | Jyotishi Motu |
14A | Motu Patlu And Robot Dog | 144A | Shaitanee Zuban |
14B | Motu Banega Don | 144B | Motu Patlu Ki Dukan |
15A | Super Murgiyan | 145A | Puncture Shop |
15B | Amir Chand Fakir Chand | 145B | Bat In The Town |
16A | Motu Patlu Aur Yamraj | 146B | Motu Patlu Ki Tow Chain |
16B | Fwwe Fight | 146A | Supersonic Speed Band |
17A | Jinn | 147A | Singing Competition |
17B | Murti Ki Khoj | 147B | Action Duplicating Machine |
18A | Motu Patlu And Tiger | 148A | The Villain Mask |
18B | Ek Thee Heroine | 148B | Chacha Ki Tijori |
19A | Magician | 149A | Alien Calling Machine Acm |
19B | Peacock Fish | 149B | Energy Charger |
20A | Mela | 150A | Duplicate Chingum |
21A | Trekking | 150B | The Train |
20B | Bhoot Bangla | 151A | A Dog Show |
21B | Salim Robot | 151B | King Patlu |
22A | Black Bull | 152A | Asli Raja Naki Raja |
22B | Kite Competition | 152B | Magical Pencil |
23A | Hawaldar | 153A | Invisible Bomb |
23B | Body Guard | 153B | Motu Ke Ghar Ka Renovation |
24A | Giant Mosquitoes | 154A | Best Friend Award |
24B | Big John | 154B | Motu Patlu Ka Atm (Any Time Machine) |
25A | Chamatkari Chashma | 155A | Gilli Danda Competition |
25B | Mithai Ki Dukan | 155B | Motu Patlu In Pyramid |
26A | Samudri Khajana | 156A | Pirates Of Furfuri Nagar |
26B | Cricket League | 156B | Invisible John |
27A | Snow Park | 157A | Mr Gayab |
27B | Ant's Land | 157B | Yam Hain Ham |
28A | Circus | 158A | Moorakh Nagari |
28B | Gulabi Hathi | 158B | Pirates Of Furfurinagar |
29A | Motu Patlu Baney Film Producer | 159A | Robotic Tunga |
29B | Soul Change | 159B | Super Star Motu Patlu |
30A | Gold Samosa | 160A | Don Ki Junglee Billian |
30B | Army | 160B | Flying Bus |
31A | Whishing Stone | 161A | Alien Shankh |
31B | Mermaid | 161B | Diamonds In The Train |
32A | Dance Competition | 162A | Motu Mobile |
32B | Hero Se Zero | 162B | The Magic Camera |
33A | Rock Band | 163A | Ice Hockey |
33B | Wajan | 163B | Chamatkari Locket |
34A | The Game | 164A | Chipko Stick Ka Dhamaal |
34B | Lost Island | 164B | Chingam Ki Chori |
35A | Jhatka Ki Shaadi | 165A | Fortune Wheel |
35B | Chamtkari Joota | 165B | Dr.Jhatka Ke Karodpati Dadaji |
36A | Motu Ka Birthday | 166A | Don Ka Birthday |
36B | Holi | 166B | Dr.Jhatka Ka Laser Cutter |
37A | Motu Ke Clones | 167A | Message Ka Rahasya |
37B | Motu Patlu Aur Mummy | 167B | Mayor John |
38A | Madari | 168A | Meals On Wheels |
38B | Memory Loss | 168B | Motu Ki Self Defence |
39A | Duplicate Patlu | 169A | Motu Loudspeaker |
39B | Tel Malish | 169B | Motu Patlu Ki Deewar |
40A | Ward Boys | 170A | Patlu Ke Haat |
40B | Hero No 1 | 170B | Police Station Main Tabela |
41A | Car Mechanic | 171A | Thanda Thanda Cold Cold |
41B | Reporter | 171B | Roller Skate Thief |
42A | Carrot Thief | 172A | John Ki Missiles |
42B | Captain Crook | 172B | Badhti Ka Naam Dadhi |
43A | Patlu's Mustache | 173A | Pigeon Paying Guest |
43B | Prince Motu | 173B | John’S Certificate |
44A | Samosaaaaaaaaa | 174A | Lathi Charge |
44B | Giant Tree | 174B | Motu Ka Vachan |
45A | Car Wash | 175A | Mobile Tower |
45B | Football Match | 175B | John The Super Hero |
46A | Hawai Safar | 176A | Body Control Machine |
46B | Samaj Seva | 176B | Joker Motu Patlu |
47A | Robot Hand | 177A | Madari Ki Rassi |
47B | Shaving Foam | 177B | Denture Alien |
48A | Furfuri Nagar And Bank | 178A | Eyes Of Motu Patlu |
48B | Boxing Competition | 178B | Glass Man Alien_ |
49A | Bin Bulaye Barati | 179A | Motu Patlu Ka Photo Phone |
49B | Motu Ki Height | 179B | Motu’S Friend Yeti |
50A | Motu Patlu Aur Third Eye | 180A | Stone Man |
50B | Hungry Motu | 180B | Toys Attack |
51A | Makaan Maalik (Updated) | 181A | Ghasitaram The Cloud Man |
51B | Dog Training Center | 181B | Revenge Of John |
52A | Pari Ka Vardan | 182A | Motu Patlu In Mines |
52B | Tution Teacher | 182B | Motu Patlu Ka Aam |
53A | Dragon Motu | 183A | Motu Ke Sapne |
53B | John Ka Badla | 183B | Furfuri Marathon |
54A | Friendship Gift | 184A | Motu Master Chef |
54B | Chotey Chotey Motu Patlu | 184B | Burey Fasen |
55A | Baby Alien | 185A | John’S Body Suit |
55B | Ek Se Badhkar Ek | 185B | Lakshman Rekha |
56A | Office Cleaning | 186A | Motu The Monkey Man |
56B | Ruck Motu Ruck | 186B | John Ek Roop Anek |
57A | Fauji Uncle | 187A | Shaitan Murga |
57B | Old Car Auction | 187B | John The Alien |
58A | The Golden Goose | 188A | Ajab Gajab Ring |
58B | Magical Scenery | 188B | Magical Coin |
59A | Chotu Ka Home Work | 189A | Chalaak John |
59B | Chuha Daud Billi Ayee | 189B | Metor Alien Attack |
60A | Motu Patlu Ka Dhamaal | 190A | Bahroopiye Patakhey |
60B | Zatka Expiriment | 190B | Safety_Book |
61A | Health Compition | 191A | John Ka Challenge |
61B | John The Gentleman | 191B | Electric Shoes |
62A | Snow Man | 192A | Yamraj Ka Ear Phone |
62B | Gold Coin | 192B | Motu Ki Chheenk |
63A | John Ka Jaal | 193A | Motu Ki Shadi |
63B | Sleepy Motu | 193B | John The Mosquito |
64A | Mandir Ka Khajana | 194A | Phata Poster Nikla Motu |
64B | Motu Patlu Ki Shooting | 194B | Dr.Jhatka Ki Ulta Pulta Machine |
65A | Mobike Ride | 195A | Tijori Ka Raaz |
65B | Motu Ka Jukam | 195B | Patlu Ki Beemari |
66A | Motu Ka Udhar | 196A | Rangeela Baba |
66B | Patlu Ki Bull Power | 196B | Jadoogarini Ka Seb(Apple) |
67A | Robot Horse | 197A | Shrinking Machine |
67B | Furniture Ki Dukaan | 197B | John Ka Bhoot |
68A | Motu Patlu Ka Dhaba | 198A | John The Circus Man |
68B | Giaent Se Mukabla | 198B | Alien Doll |
69B | Motu Ki Dosti | 199A | Doggy Days Out |
69A | Motu Patlu Ka Hawa Mahal | 199B | John Ka Bhookamp |
70A | Alien House | 200A | Magical Wrist Watch |
70B | Magical Book | 200B | Sachha Mann |
71A | African Safari | 201A | Devil's Stone |
71B | The Giant Roses (Updated) | 201B | Anti Theft Medicine |
72A | Cake Competition | 202A | Karamati Binoculars |
72B | Motu Patlu In Golf Course | 202B | Lucky Coin |
73A | Alien Ke Samosey | 203A | Mehman John |
73B | Furfuri Nagar Ka Bhoot (Updated) | 203B | Magical Tattoos |
74B | Magical Flute | 204A | Alien Ball |
75A | Motu Patlu In Space Ship | 204B | Dayawan Motu |
75B | Fancy Dress | 205A | Shaitan Murti |
76A | Motu Patlu Aur Shaitan Ice Cubes | 205B | Bakra |
76B | Motu Vs John | 206A | Unbreakable |
77A | Motu Patlu Aur Monkey Kingdom | 206B | Ear Man Motu |
77B | Motu Patlu In Hotel | 207A | Weight Machine |
78A | Personality Change Machine | 207B | Bold Se Old Laser Pen |
78B | Motu Patlu Photo Shop | 208A | Police Van |
79A | Motu Patlu Aur Bunty Babblu | 208B | Motor Cycle Ka Dhamal |
80 A | Bura Na Mano Masti Hai | 209A | Heerey Ki Talash |
80 B | Motupatlu Ka Makan | 209B | Motu Ke Samosey Ki Dukan |
81 A | Bijli Gul | 210A | Lost Island |
81 B | Dhahi Handi | 210B | Furfuri Nagar Club |
82 A | Golden Butterfly | 211A | Machine Man |
82 B | Motu Patlu Ka Hawayee Dhaba | 211B | Sitar Wala Kungfu Master |
83 A | Animal Park | 212A | Super Duper Fan |
83 B | Shopping Mall | 212B | Battery Power |
84 A | Holi Hai Bhai Holi Hai | 213A | Alarm Clock |
84 B | Motu Patlu Ka Magic Bag | 213B | Judwa Boxer |
85 A | Magnetic Motu | 214A | Chingum Ka Farm House |
85 B | The Kung Fu Master | 214B | Johny Madadgar |
86 A | Motu Patlu Ka Birthday Dhamal | 215A | Samosa Vending Machine |
86 B | Dogy Se Mukabla | 215B | Boxing Gloves |
87 A | Jungle Me Mangal | 216A | Bhalu Ka Aatank |
87 B | Hungama Ho Gaya | 216B | Patlu Pahlwan |
88 A | Future News Tab | 217A | Badal Mein Ghar |
88 B | Dog In The Well | 217B | Motu Ke Baal |
89 A | Shaadi Ka Dhamaal | 218A | Spin Rotator |
89 B | Alien Patlu | 218B | Laal Pari |
90 A | Motu Ka Sapna | 219A | Daldali Teer |
90 B | Motu Patlu In Antartica | 219B | Amusement Park Mein Dhamal |
91 A | Intelligent Motu | 220A | Jadoogarni Ka Jhadu |
91 B | Cycle Race | 220B | Jadoogar Joker |
92 A | Buzo Ko Bachana Hai | 221A | Patlu Ki Race |
92 B | Motu Balloon | 221B | Inspector Patlu |
93 A | Time Pass | 222A | Motu Patlu Ball Game |
93 B | The Electric Man | 222B | Motu Ka Rona |
94 A | Magical Scissors | 223A | Motu Ka Gussa |
94 B | The Devil Toothpaste | 223B | Motu Ki Roshni |
95 A | John Birthday | 224A | Kushti Ka Mukabla |
95 B | Slow Motion Gadget | 224B | Motu Patlu Ki Gift |
96 A | Don The Magician | 225A | Dr Jhatka Ki Washing Machine |
96 B | The Life Of Rat | 225B | Diamonds And Balloons |
97 A | Aadiwasi Ka Mukut | 226A | Wo Bhi Kya Din Thhe |
97 B | Robot Of Furfuri Nagar | 226B | Motu Patlu In Frog World |
98 A | Motu Patlu Ki Jodi | 227A | Hum Chor Nahin |
98 B | Bravery Competition | 227B | Donkey With Horn |
99 A | Ek Jinn Do Malik | 228A | Ajnabi Chor |
99 B | The Bulk | 228B | Motu Ki Umar |
100 A | Rocky Ka Ghar | 229A | John Ka Rumaal |
100 B | Cricket Match | 229B | Power Of Imagination |
101 A | The Battle Of Tree | 230A | Shocking News Ka Shock |
101 B | Naagon Se Panga | 230B | Jyotishi Tota |
102 A | Cylinder Ki Sawaar | 231A | Bubblegum Bomb |
102 B | Positive Motu | 231B | Motu Patlu The Truck Driver |
103 A | The Treasure Hunt | 232A | Jailer Alien |
103 B | John And The Hen | 232B | Motu Patlu The Plumber |
104 A | Motu The Scientist | 233A | Khamosh Motu |
104 B | Human Remote Control | 233B | Motu Patlu Hands Up |
105 A | Motu Patlu Ki Car | 234A | TV Antenna |
105 B | The Revenge Of Crows | 234B | Motu The Super Dog Man |
106 A | The Golden Chariot | 235A | Alien Chasma |
106 B | Auto Rikshaw | 235B | Horn Please |
107 A | Water Problem | 236A | Adventure Of Mansi And Akaash |
107 B | Alien Hat | 236B | Motu Patlu In Jail |
108 A | Wish Point | 237A | Baazon Se Takkar |
108 B | Dhongi Jyotishi | 237B | Guru Ho Ja Shuru |
109 A | Motu Patlu The Fire Fighter | 238A | Motu Patlu Aur Madhumakkhi |
109 B | The Magical Album | 238B | Animal Converting Gadget |
110 A | Tabela | 239A | Jaadui Anguthi |
110 B | Traffic Police | 239B | John Ki Chaal Motu Patlu Behal. |
111 A | Swimming Pool | 240A | Khajaney Ki Taslash |
111 B | Rupya Dus Karod | 240B | Motu Ka Phone Ka Shauk |
112 A | The Smart Missile | 241A | Na Kehna Mana Hai |
112 B | Athwa Ajooba | 241B | Motu Patlu - Dr Jhatka Ki Fighting Machine |
113 A | Fire Ball Aliens | 242A | John Shaitan Motu Patlu Pareshan |
113 B | Patakhey Ki Dukan | 242B | John 'S Air Line |
114 A | Yog Guru Motu | 243A | Chingum Hi Chingum |
114 B | Satellite Patlu | 243B | John The Robot |
115 A | House Cleaning | 244A | The Scientist Neighbour |
115 B | Samosey Wali Murgi | 244B | Naughty Motu |
116 A | Ants Attack | 245A | Motu Eraser |
116 B | Tiger John | 245B | John Ek Icchhadhari Naag |
117 A | Sevak John | 246A | John Shrinks Motu Patlu |
117 B | Bahaduri Puraskar | 246B | Bhullakad Motu |
118A | Motu Ki Poonch | 247A | Motu The Roller Skate Coach |
118B | Mermaid Patlu | 247B | Motu The Grass Eater |
119 A | Baar Baar Lagataar | 248A | Motu The Running Man |
119 B | April Fool | 248B | Motu Patlu - The Best Commandos |
120 A | Motu Ka Gadha | 249A | Motu The King Of Mummies |
120B | Motu Ka Commitment | 249B | Motu Ke Andey |
121A | Colour Changing Camera | 250A | Remote Control |
121B | Khatrey Ki Ghanti | 251A | Motu The Alien |
122A | Kal Karey So Aaj Kar | 251B | John The Bee Man |
122B | Bada Kabutar | 252A | John Ka Body Guard |
123A | Mimicry Parrot | 252B | Helpline |
123B | Motu-Patlu Ki Bus | 253A | Good Luck - Bad Luck |
124A | Dost No.1 | 253B | The Crystal Camera |
124B | Motu Ka Smart Phone | 254A | Bahadur No 1 |
125A | Furfuri Nagar Ka Mayor | 254B | Motu Ke Sawal |
125B | Motu Twister | 255A | The Danger Man |
126A | Motu Patlu Kidnapped | 255B | The Special Armour Suit |
126B | Motu Patlu Ka Ghar | 256A | The Agreement |
127A | Commando Training | 256B | Motu Patlu Laundry Shop |
127B | Bolney Wali Moorti | 257A | Motu Akbar The Great |
128A | The Magical Bells | 257B | The Golden Aliens |
128B | Buri Nazar Waaley Tera Munh Laal | 258A | Motu The Doctor |
129A | John The Bodyguard | 258B | Machchar In The Car |
129B | The Evil Goggles | 259A | The Root Attack |
130A | Motu The King Of Tribe | 259B | Bhooton Ki Lottery |
130B | Slippery Motu | 260B | Hansna Zaroori Hai |
1.Motu Patlu in wonderland 2.Motu Patlu mission moon 3.Motu Patlu Deep sea Adventure 4.Motu Patlu Kungfu kings 5.Motu Patlu aur khazaane Ki Race 6.Motu Patlu Kungfu king returns 7.Motu Patlu in Carnival Island 8.Motu Patlu 36 Ghante Race Against Time 9.Motu Patlu in Alien World 10.Motu Patlu in Double Trouble 11.Motu Patlu King of Kings (3D ලෙසින්) 12.Motu Patlu The Invisible Plane
හඬ රංගනය
[සංස්කරණය]- සෞරව් චක්‍රබෝර්ති - මෝටු, පට්ලු, ආචාර්ය ජාත්කා, ඝසිත රාම්, චිංගම් සහ බොක්සර්
- ඕමි ෂර්මා - ජෝන්
- ආන්චල් ත්‍රිවේදි - හේරා, ෆේරි
- සංකල්ප් රස්තෝගි - චයිවාලා, නම්බර් 1
- රේණු ෂාරදා - සබ්සිවාලි
- බ්‍රයන් ඩී. කොස්තා - නම්බර් 2 (කථා වාර 1–2)
- රාජා - නම්බර් 2 (කථාවාරය 3–වර්තමානය)
- දීපක් කුමාර් (කථාවාරය 4-වර්තමානය)
වෙළඳ භාණ්ඩකරණය සහ ප්‍රවර්ධනය
[සංස්කරණය]මෙම රූපවාහිනී කතාමාලාවේ ආරම්භයේ සිටම එහි නිර්මාණකරුවන් වන Lotpot සඟරාව, මායා ඩිජිටල් ස්ටූඩියෝස් සහ නිකලෝදියන් ඉන්ඩියා සමාගම් කතාමාලා නිෂ්පාදනය සහ ආයෝජන පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටියි.[6][7]
2014 මාර්තු මාසයේ දී, නික් ඉන්ඩියා සමාගම යෙලෝ ඩයමන්ඩ් පෙති සමග ගිවිසුමකට එළැඹියේ විවිධ මාධ්‍ය ඔස්සේ හමි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම පිණිසයි.[8][9] 2014 නොවැම්බරයේ දී, කතාමාලාවේ චරිත යොදාගෙන වෙළඳ දැන්වීමක් නිර්මාණය කොට නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා හෝර්ලික්ස් සමාගම සමග දැවැන්ත ගිවිසුමක් ඇති කරගන්නා ලදී.[10]
අන්තර්ජාතික විකාශය
[සංස්කරණය]- Indosiar 2014–වර්තමානය
- Kompas TV 2016—වර්තමානය
- මාස්රංගා ටෙලිවිෂන් 2015–වර්තමානය[11]
- ටීවී දෙරණ - ශ්‍රී ලංකාව
- Kabillion (ඇ.එ.ජ.)
- NTV Plus 2015-වර්තමානය
වෙනත් මාධ්‍ය
[සංස්කරණය]ටෙලි චිත්‍රපට
[සංස්කරණය]- Motu Patlu in Wonderland! - ආචාර්ය ජාත්කාගේ අත්හදා බැලීමේ ගුවන් යානය දෝෂයක් හේතුවෙන් නොදන්නා දිවයිනක් වෙතට ගොඩබස්වයි. ඔවුන් නොයෙකුත් තර්ජනවලට මුහුණපායි.එහිදී ගෝරිල්ලන්ගේ ජනපදයකදී පිටසක්වලයන් චෝටුව පැහැර ගනී.අවසානයේ මෝටු හා පට්ලු ඔහුව බේරාගනී.[12]
- Motu Patlu: Mission Moon - මෝටු පට්��ු[13] විසින් ආර්ථික ලාභ ලබා ගැනීමේ අරමුණින් සඳෙහි වැලි රන් බවට හරවන ආත්මාර්ථකාමී මිනිසකු නතර කිරීමට ප්‍රයත්න දරති.
- Motu Patlu: Deep Sea Adventure - මුහුදු ගමනක යෙදෙන අතරතුර, මෝටු පට්ලුගේ නැව මුහුදුබත් වේ. එහි දී ඔවුහු දිය යට අරුම අත්දැකීමකට මුහුණ පාති.[14]
- Motu Patlu: Kung-Fu Kings - කුරිරු සටන් කලා ගුරුවරයකු වන ටයිගර් චෑං ෆූර්ෆූරි නගරය වෙත පැමිණ ඔවුනට බැණ වදියි. ටයිගර්ට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් මෝටු නරේෂ් යටතේ පුහුණු වෙයි.[15][16]
- Motu Patlu: Khazaane Ki Race - ක්‍රිස්මස් කන්දෙහි සැඟවුණු නිධානයක් සෙවීමේ අරමුණින් මෝටු පට්ලු, ජෝන් සහ චම්කු නම් පාතාල නායකයකු සමග ගැටෙයි.[17][18]
- Motu Patlu: Kung Fu Kings Returns- නරේෂ්ගේ මුණුපුරා වන ටිම් ටිම්ව අද්භූත රාක්ෂයකු විසින් පැහැර ගැනීමෙන් පසුව, මෝටු පට්ලු අසාමාන්‍ය ලෙස ටයිගර් චෑං සමග සන්ධානයක් ඇති කරගන්නේ ඔහුව සොයා ගැනීමටයි. එහි දී ඔවුනට ආචාර්ය ස්නේක් විසින් පවත්වනු ලබන රාක්ෂයන්ගේ තරගයකට සහභාගී වීමට සිදු වේ. සැබැවින්ම ආචාර්ය ස්නේක් යනු ටිම් ටිම්ගේ පුත්‍රයා වන අතර, ඔහුගේ පර්යේෂණ හේතුවෙන් ඔහු සර්පයකු බවට පත්ව ඇත. ටිම් ටිම්ව පැහැරගෙන ඇත්තේ ඔහු විසිනි.[19]
- Motu Patlu: Carnival Island! - මෝටු පට්ලු හට කාර්නිවල් දිවයිනේ සිය සියලු නිර්මාණ වනසා දමන සීයාගේ අභිරහස විසඳීමට සිදු වේ.
- Motu Patlu: 36 Ghante Race - ගෝල්ඩන් කාර් සම්මානයේ සොරකම පිළිබඳ අභිරහස විසඳීමට මෝටු පට්ලු පැය තිස් හයක් පුරා කාලය සමග සටනක යෙදෙයි.ඔවුන්ව පැය 36 රේස් එකට පුහුණු කළ තැනැත්තාගේ කාරයේ තිබී කුසලානය හමුවේ.
- Motu Patlu Alien World! - මෝටු සහ පට්ලු පිටසක්වල ග්‍රහලොවක් වෙත ගමන් කරන්නේ මෝටුගේ පියාව බේරා ගැනීමටයි.එහෙත් මෝටුගේ පියා ග්‍රහලොවේ නවතියි.
- Motu Patlu in Double Trouble - චිංගම්ගේ විවාහයෙන් පසුව, මෝටු පට්ලු තමන්ට පෙනුමින් සමාන විද්‍යාඥයන් දෙදෙනකු සමග මාරු වෙයි.
- Motu Patlu: The Invisible Plane - ෆූර්ෆූරි නගර් ගුවන්තොටුපළේ ගුවන්යානා තරගයක් පැවැත්වෙන විට, අංගාරා සහ ඔහුගේ මිනිසුන් රාජ්‍යයේ සිහිනය වන අදිසි ගුවන් යානය පැහැර ගනියි. මෝටු, පට්ලු, ආචාර්ය ජාත්කා, චිංගම් සහ ඝසිතරාම් ආක්ටික් වෙත රහස් පියාසැරියක යෙදෙනේනේ එය සොයා ගැනීමටයි. දුෂ්ට අංගාරාගෙන් මිදීමට ඔවුනට යෙටීලාගේ සහාය ද ලැබේ.
සිනමාහල් චිත්‍රපට
[සංස්කරණය]- Motu Patlu: King Of Kings
මේවාත් බලන්න
[සංස්කරණය]- චෝටා භීම්
- නින්ජා හටෝරි
- පක්ඩම් පක්ඩේ
- වීර් ද රොබට් බෝයි
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c d Milligan, Mercedes (19 May 2016). "Cosmos-Maya Leads Regional Animation Production". Animation Magazine. සම්ප්‍රවේශය 16 November 2016.
- ^ a b c d "Nickelodeon presents home-grown animated show 'Motu Patlu by Cosmos Entertainment/Maya Digital Studios". Bollywoodtrade.com. සම්ප්‍රවේශය 1 January 2013.
- ^ "living in". සම්ප්‍රවේශය 29 March 2017.
- ^ "Dr Jhatka, who gave us a shock". සම්ප්‍රවේශය 25 May 2015.
- ^ Release Date
- ^ Anil Wanvari. "Indian Television Dot Com - Nickelodeon gears up to promote Motu-Patlu". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ "Viacom18 to expand sale of TV channel merchandise". The Hindu Business Line : Mobile Edition. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ "Nickelodeon signs Motu-Patlu Licensing Deal with Prataap Snacks". afaqs.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ Anil Wanvari. "Indian Television Dot Com - Nick opens up Motu Patlu for promotional licensing; launches toys with yellow diamond rings". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ Business Standard. "- Business Standard Mobile Website". business-standard.com. සම්ප්‍රවේශය 25 May 2015.
{{cite web}}
:|author=
has generic name (help) - ^ http://www.thedailystar.net/arts-entertainment/tv/motu-patlu-air-maasranga-television-110095
- ^ "Indian Advertising, Media, Marketing, Digital, Advertising Agencies - afaqs!". afaqs.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ "Motu Patlu Animated Series". motu patlu.
{{cite web}}
: Cite has empty unknown parameter:|dead-url=
(help) - ^ Anil Wanvari. "Indian Television Dot Com - Motu Patlu defines Nick's success". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ "Nickelodeon launches Motu-Patlu merchandise; to air 4th movie soon". afaqs.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ Anil Wanvari. "Indian Television Dot Com - Catch the movie 'Motu Patlu in Deep Sea Adventure' only on Nickelodeon". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ "Fifth 'Motu Patlu' film to premiere on Republic Day". The Times of India. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ Anil Wanvari. "Indian Television Dot Com - We deserve it, says Nina Jaipuria as ad sales rates hike 25-30%". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
- ^ New Sixth Movie Motu Patlu made for tv movie oremiere Kungfu kings returns, http://ayztube.com/new-sixth-movie-of-motu-patlu-made-for-tv-movie-premiere-kungfu-kings-returns/, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ්අඩවිය
- මෝටු පට්ලු කාටූන් සංරක්ෂණය කළ පිටපත 2017-05-08 at the Wayback Machine
- මෝටු පට්ලු සජීවීකෘත කතාමාලාව සංරක්ෂණය කළ පිටපත 2017-06-10 at the Wayback Machine