බ්ලෙන්ඩර් (මෘදුකාංගය)
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
සංවර්ධක(යෝ) | Blender Foundation |
---|---|
ප්‍රථම නිකුතුව | 2 ජනවාරි 1998 |
ස්ථායි නිකුතුව | 4.3.2[1]
/ 17 දෙසැම්බර් 2024 |
Repository | |
ක්‍රමලේඛන භාෂා(���) | C, C++ and Python |
මෙහෙයුම් පද්ධතිය | හරස් වේදිකා: AmigaOS4, FreeBSD, ලිනක්ස්, MorphOS, මැක් ඕඑස් එක්ස් and මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්[2] |
වර්ගය | 3D පරිගණක ග්‍රැෆික්ස් |
බලපත්‍රය | GNU General Public License v3 or later |
වෙබ් අඩවිය | blender.org/ |
බ්ලෙන්ඩර් යනු නිදහස් මෘදුකාංගයක් ලෙස නිකුත්කරන ලද සජීවීකරණ වැඩසටහනකි. එය ආකෘතීකරණය , UV නිරාවරණය , වයනය , මෙවලම් , ජල අනුහුරුකරණ , සජීවීකරණය කිරීම , විදැහීම , අංශු හා අනෙකුත් අනුහුරුකරණ , රේඛීය නොවන සංස්කරණය කිරීම් , සංයුතීකරණය කිරීම් හා අන්තර් ක්‍රියාකාරී 3D යෙදුම් නිර්මාණය කිරීමට යොදා ගත හැක.බ්ලෙන්ඩර් , මයික්‍රොසොෆොට් වින්ඩෝස්, මැක් OS X , ලිනක්ස් , IRIX , සොලාරිස් , නෙට් BSD , ෆ්රී BSD, ඕපන් BSD යන මෙහෙයුම් පද්ධති ඇතුළත්ව මෙහෙයුම් පද්ධති ගණනාවක් සඳහා භාවිතයේ ඇත.තවද BeOS , ස්කයි OS, ඇමීගා OS , මෝප් OS හා පොකට් PC සඳහා අනවසර සංස්කරණ ද ඇත.බ්ලෙන්ඩර්ට සොෆ්ට්ඉමේජ් XSI, සිනමා 4D , 3 ds Max , ලයිට් වේව් හා මායා වැනි ඉහළ ගණයේ 3D මෘදුකාංගවලට සමාන මානයකින් හා ගැඹුරකින් යුත් රොබස්ට් අංගයක් ඇත. මෙම අංගයට දෘඩ වස්තු තරල හා මෘදු වස්තු ගතිකය වැනි දියුණු අනුහුරුකාරක මෙවලම් , ආකෘතීකරණ මෙවලම් මත පදනම් වූ නවීකාරක , ප්‍රබල චරිත සජීවීකරණ මෙවලම් , මංසල් මත පදනම් වූ ද්‍රව්‍යය හා සංයුක්ත පද්ධති හා කාවැද්දුම් උපදේශාවලීකරණය සඳහා වූ පයිතන් ඇතුළත් වේ.
References
[සංස්කරණය]- ^ "Blender 4.3.2". 17 දෙසැම්බර් 2024. සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2024.
- ^ "Features". සම්ප්‍රවේශය January 3, 2010.