තාමාන් ෂන්මුගරත්නම්
තාමාන් ෂන්මුගරත්නම් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
தர்மன் சண்முகரத்னம் | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සිංගප්පූරුවෙහි තේරී පත්වූ ජනාධිපතිවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පදවි ප්‍රාප්තිය 14 සැප්තැම්බර් 2023 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | ලී ෂෙන් ලෝං | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තික | හලීමා යාකුබ් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Personal details | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | තාමාන් ෂන්මුගරත්නම් 25 පෙබරවාරි 1957[1] සිංගප්පූරු විජිතය (වර්තමානයෙහි සිංගප්පූරු ජනරජය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | ස්වාධීන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් දේශපාලන සම්බන්ධකම් | පීපල්ස් ඇක්ෂන් පක්ෂය (2001–2023) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කලත්‍රයා | ජේන් යුමිකෝ ඉට්ටෝජි | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ළමයි | මායා ෂන්මුගරත්නම්, ආකාශ් ෂන්මුගරත්නම්, ක්‍රිෂාන් ෂන්මුගරත්නම්, අර්ජුන් ෂන්මුගරත්නම් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දෙමාපියs |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අධ්‍යාපනය | ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය (බීඑස්සී) කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයය (MPhil) හාවඩ් විශ්වවිද්‍යාලයය (MPA) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රැකියාව |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අත්සන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තාමාන් ෂන්මුගරත්නම්[a] PBM (උපත 25 පෙබරවාරි 1957) යනු සිංගප්පූරු ජාතික රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ අර්ථ ශාස්ත‍්‍රඥයෙක් වන අතර සිංගප්පූරුවෙහි තේරී පත්වූ ජනාධිපතිවරයා වෙයි. තේරී පත්වූ ජනාධිපතිවරයා වීමට පෙර, 2019 සහ 2023 අතරතුර සිංගප්පූරුවෙහි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ලෙසින්ද, 2015 සහ 2023 අතරතුර සමාජ ප‍්‍රතිපත්තීන් සඳහා සම්බන්ධීකරණ අමාත්‍යවරයා ලෙසින්ද, සහ 2011 සහ 2023 අතරතුර සිංගප්පූරුවෙහි මුල්‍යාධිකාරයෙහි සභාපතිවරයා වශයෙන්ද තාමාන් සේවය කලේය.[1]
වෘත්තිමය ලෙසින් අර්ථ ශාස්ත‍්‍රඥයෙක් වූ තාමාන්, ඔහුගේ කාර්ය දිවිය සම්පූර්ණයෙන් ගත කලේ සිංගප්පූරුවෙහි රාජ්‍ය සේවය තුල ප්‍රධාන වශයෙන් ආර්ථික සහ සමාජ ප්‍රතිපත්තීන් හා බැඳි භූමිකාවන් සඳහා වෙයි. උච්ච තලයෙහි විවිධ ජාත්‍යන්තර කවුන්සිල සහ මණ්ඩල සඳහා සමකාලික ලෙසින් නායකත්වය සැපයීමටද තාමාන් හට සිදුවිය. රාජ්‍ය සහ පෞද්ගලික අංශ සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන ආර්ථික සහ මූල්‍යමය නායකයන්ගේ ගෝලීය මණ්ඩලයක් වන තිස්දෙනාගේ කණ්ඩායමෙහි භාරකාර මණ්ඩලයෙහි සභාපතිත්වය වර්තමානයෙහි තාමාන් විසින් දරයි. එංගෝසී ඔවොන්ජො- ඉවෙයේලා, මාරියානා මට්සුකාටෝ සහ ජොහාන් රොක්ස්ට්‍රම් සමගින් ජලයෙහි ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසමෙහි සම-සභාපතිත්වයද ඔහු දරයි. එහි ආරම්භක නිර්දේශයන් විසින් 2023 මාර්තු මාසයෙහිදී පැවැත්වුනු එජා ජල සම්මේලනයෙහි ප්‍රතිඵල හැඩගැන්වීමට උපකාර විය. එංගෝසී ඔකොන්ජො-ඉවෙයේලා සහ ලෝරන්ස් සමර්ස් හා සමගින් ව්‍යාප්ත වසංගත සඳහා සූදානම්ව සීටීම සහ ප්‍රතිචාරය පිළිබඳ ගෝලීය මූල්‍යකරණය සඳහා G20 උච්ච තල ස්වාධීන මඬුල්ලෙහි සම-සභාපතිත්වයද තාමාන් විසින් 2021 වසරෙහි සිට දරන ලදි. ගෝලීය මූල්‍යකරණ පාලනකරණය පිළිබඳ G20 අග‍්‍රගණ්‍ය පුද්ගලයන්ගේ කණ්ඩායමෙහි සභාපතිත්වය සඳහා 2017 වසරෙහිදී තාමාන් පත්කෙරිණි.
මුල් කාලීන වෘත්තිය දිවිය
[සංස්කරණය]තාමාන් සිංගප්පූරුවේ මුදල් අධිකාරියේ (MAS) සිය සේවා ජීවිතය ආරම්භ කළ අතර එහිදී ඔහු එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා විය. පසුව ඔහු සිංගප්පූරු පරිපාලන සේවයට සම්බන්ධ වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කළේය, නැවත MAS වෙත පැමිණීමට පෙර ඔහු අවසානයේ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත්විය. ඔහුට 1999 දී රාජ්‍ය පරිපාලන පදක්කම (රන්) පිරිනමන ලදී. 2001 මහ මැතිවරණයේදී පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා ඔහු MAS හි කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය.
පුද්ගලික ජීවිතය
[සංස්කරණය]ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිතව 19 වන සියවසෙහි සිට පැවත එන සිංගප්පූරු පවුලක සතරවන පරම්පරාවෙහි තාමාන් උපත ලැබීය.[2] [3] [4] [4] සිංගප්පූරු පිළිකා ලියාපදිංචි ලේඛනය ආරම්භ කල සහ පිළිකා පර්යේෂණ සහ ව්‍යාධි විද්‍යාව හා බැඳි ජාත්‍යන්තර සංවිධාන ගණනාවකම සභාපතිත්වය දැරූ සහ "සිංගප්පූරුවෙහි ව්‍යාධි විද්‍යාවෙහි පියා" ලෙසින් හැඳින්වුනු වෛද්‍ය විද්‍යාඥයෙක්වූ ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්ය කේ. ෂන්මුගරත්නම්ගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙකුවූ තාමාන් ඔහුගේ පුතු වෙයි. [5] [6] [7]
තාමාන් විවාහව සිටින්නේ ඔහුට වඩා වසර හතරක් ජ්‍යෙෂ්ඨ වන මිශ්‍ර ජපාන-චීන සම්භවයක් සහිත සිංගප්පූරු නීතිඥවරියක් වන ජේන් යුමිකෝ ඉට්ටෝජි සමග වෙයි [8]. [9] සිංගප්පූරුව තුල සමාජ ව්‍යවසායන් හී සහ ලාභ-නොලබන කලා ක්ෂේත්‍රයෙහි ඇය සක්‍රීය ලෙසින් නිරත වන්නීය. යුවල හට එක් දියණියක් සහ පුතුන් තිදෙනෙකු වෙති.
සටහන්
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b "MP | Parliament Of Singapore".
- ^ ජෝර්ජ් ඉයෝ: මියුසිංස්- සීරීස් වන්, වර්ල්ඩ් සයන්ටිෆික්, 25 අගෝ 2022, පිටු.134-136 https://books.google.com/books?id=ewGVEAAAQBAJ&pg=PA134&#v=onepage&q&f=false
- ^ "මට්න් මන්චි". 12 ජූලි 2015. 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ a b "ටැමිල්ස් ඉන් ෆෙඩරේටඩ් මලයා ඇන්ඩ් සිංගප්පූර්". ඩේලි නිවුස්. 19 පෙබරවාරි 2016. 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "අයියෝ! ආෆ්ටර් 16 ඉයර්ස්, හී ස්ටිල් කාන්ට් සේ 'ලා". 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "ඉන්ටර්විව් විත් එමෙරිටස් ප්‍රොෆෙසර් කේ ෂන්මුගරත්නම්" (PDF). SMA News. 27 දෙසැම්බර් 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "වර්කිං ඕවර්ටයිම්". 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "ට්‍රයි ඩිසිප්ලින් විත් ලව් – ඇක්ටිං එඩියුකේෂන් මිනිස්ටර් තාමාන්: මයි කිඩ්ස්, දෙයා මැන්ඩරින් ඇන්ඩ් දෙයා ෆියුචර් ඉන් චයිනා". ද නිව් පේපර්. 9 ජූනි 2004. 5 දෙසැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "තාමාන් බිලීව්ස් සිංගප්පූර් ඊස් රෙඩි ෆො අ නොන්-චයිනීස් පිඑම්". ද ස්ට්‍රේට් ටයිම්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-08-25.
- 1957 උපත්
- වුල්ෆ්සන් විද්‍යාලය, කේම්බ්‍රිජ්හී ආදි ශිෂ්‍යයෝ
- ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයෙහි ආදි ශිෂ්‍යයෝ
- ඇංග්ලෝ-චයිනීස් ශාස්ත්‍රාලයෙහි ආදි ශිෂ්‍යයෝ
- සිංගප්පූරුවෙහි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරු
- සිංගප්පූරුවෙහි මුදල් අමාත්‍යවරු
- සිංගප්පූරුවෙහි මුල්‍යාධිකාරයෙහි සභාපතිවරු
- සිංගප්පූරුවෙහි අධ්‍යාපන අමාත්‍යවරු
- තිස්දෙනාගේ කණ්ඩායම
- ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයෙහි ගෞරවණීය අධිසාමාජිකයෝ
- හාවඩ් කෙනඩි ශාස්ත්‍රාලයෙහි ආදි ශිෂ්‍යයෝ
- ජීවත්වන්නෝ
- සිංගප්පූරුවෙහි කැබිනට් අමාත්‍යවරු
- සිංගප්පූරුවෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- පීපල්ස් ඇක්ෂන් පක්ෂයෙහි දේශපාලනඥයෝ
- සිංගප්පූරුවෙහි ජනාධිපතිවරු
- දෙමළ සම්භවයක් සහිත සිංගප්පූරු ජනයා
- ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත සිංගප්පූරු ජනයා
- සිංගප්පූරු දෙමළ දේශපාලනඥයෝ