Jump to content

ජාත්‍යන්තර රූ රැජිණ

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර රූ රැජිණ
Miss International
ජාත්‍යන්තර රූ රැජිණ ලාංඡනය.
සංස්ථාපනය1960
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයටෝකියෝ.
පිහිටුම
වෙබ් අඩවියOfficial website

ජාත්‍යන්තර රූ රැජිණ (Miss International) යනු 1960 වර්ෂයේ සිට පවත්වනු ලබන, එක් එක් වසර වලදී ලෝක මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරගයකි.[1]

මෙහිදී තරගකාරියන් ගෙන් බලාපොරොත්තු වන මූලික කරුණු වන්නේ "සාමය සහ සුන්දරත්වය" නියෝජනය කිරීමයි. ඒ අනූව තරගකාරියන්ගේ කාරුණිකත්වය, දයාව, මිත්‍රශීලීත්වය, සුන්දරත්වය, බුද්ධිමත් බව, තීරණ ගැනීමේ හැකියාව, සහ ජාත්‍යන්තරය පිළිබඳ සංවේදීතාවය මැන බලනු ලබයි. සමස්ථ ජාත්‍යන්තර රූ රැජිණ තරගයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ ලෝක සාමය, හොඳ හිත, සහ අනොන්‍යය අවබෝධය ඇතිකරවීමයි.[2] ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරග 5 න් එකක් ලෙසද ජාත්‍යන්තර රූ රැජිණ තරගය නම් දරයි.[3]


ඉතිහාසය

[සංස්කරණය]

1960 දී අමෙරිකාවේ, කැලිෆෝනියා හීදී ප්‍රථම ජාත්‍යන්තර රූ රැජිණ තරගය පැවැත්විණ.[4] එ් එතෙක් කල් කැලිෆෝනියා හීදී පැවැත්වූ විශ්ව රූ රැජිණ තරගය මියාමි වලට විස්ථාපනය කල බැවිනි.[5] 1967 වර්ෂය තෙක් අමෙරිකාවේ, කැලිෆෝනියා හී පැවැත්වූ තරගය,[6] 1968–1970 වර්ෂ වලදී ජපානයේ පැවැත්වීය. පසුව 1971 සහ 1972 වර්ෂ වලදී තරගය, යලි අමෙරිකාවේ කැලිෆෝනියා හී පැවැත්වූවත් ඉන්පසු එලඹි සියළුම වර්ෂ වලදී තරගයට දායකත්වය දැක්වූවේ ජපානයයි.[2]

2013 තරගයේදී, ඉතිහාසයේ පලමු වරට, 2012 වසරේ ජාත්‍යන්තර රූ රැජිණ වූ ජපානයේ ඉකුමි යොෂිමට්සු (Ikumi Yoshimatsu), සම්මතය වූ පරිදි 2013 ජාත්‍යන්තර රූ රැජිණ වූ පිලිපීනයේ බී සැන්තියාගෝ (Bea Rose Santiago) වෙත කිරුළ නොපැලැන්දූ අතර, ඒ වෙනුවට 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්‍රා (Alejandra Andreu) විසින් සැන්තියාගෝට කිරුළ පලන්දන ලදී. මීට පෙර 2009 ජාත්‍යන්තර රූ රැජිණ වූ මෙක්සිකෝවේ අනගැබ්රියෙලා (Anagabriela Espinoza) වෙතද කිරුළ පැලැන්දුවේද 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්‍රා විසිනි. මෙය හිටපු කිරුළ හිමි ජාත්‍යන්තර රූ රැජිණක් විසින් නවක රූ රැජිණන් දෙදෙනෙකුට වෙන් වෙන්ව කිරුළ පැලැන්දූ පලමු සහ එකම අවස්ථාවද වෙයි.

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

[සංස්කරණය]
වසර රට ජාත්‍යන්තර රූ රැජිණ ජාතික ජයග්‍රහණය ස්ථානය
2013  පිලිපීනය Bea Rose Santiago Binibining Pilipinas International ටොකියෝ, ජපානය
2012  ජපානය Ikumi Yoshimatsu ජපන් රූ රැජිණ ඔකිනාවා, ජපානය
2011  ඉක්වදෝරය Fernanda Cornejo ඉක්වදෝර් රූ රැජිණ Chengdu, චීනය
2010  වෙනිසියුලාව Elizabeth Mosquera වෙනිසුවෙලා රූ රැජිණ Chengdu, චීනය
2009  මෙක්සිකෝව Anagabriela Espinoza Nuestra Belleza México Chengdu, චීනය
2008  ස්පාඤ්ඤය Alejandra Andreu ස්පාඤ්ඤ රූ රැජිණ මැකාවු, චීනය
2007  මෙක්සිකෝව Priscila Perales Nuestra Belleza México ටොකියෝ, ජපානය
2006  වෙනිසියුලාව Daniela Di Giacomo වෙනිසුවෙලා රූ රැජිණ බෙයිජිං, චීනය
2005  පිලිපීනය Lara Quigaman Binibining Pilipinas International ටෝකියෝ, ජපානය
2004  කොලොම්බියාව Jeymmy Vargas කොලොම්බියා රූ රැජිණ බෙයිජිං, චීනය

ගැලරිය

[සංස්කරණය]

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

[සංස්කරණය]
රට වාර සංඛ්‍යාව ජයගත් වසර[7][8]
 වෙනිසියුලාව
6
1985, 1997, 2000, 2003, 2006, 2010
 පිලිපීනය
5
1964, 1970, 1979, 2005, 2013
 කොලොම්බියාව
3
1960, 1999, 2004
 ඕස්ට්‍රේලියාව 1962, 1981, 1992
 එක්සත් ජනපද 1974, 1978, 1982
 ස්පාඤ්ඤය 1977, 1990, 2008
 පෝලන්තය 1991, 1993, 2001
 ජර්මනිය
2
1965, 1989
 එක්සත් රාජධානිය 1969, 1972
 කොස්ටා රිකා 1980, 1983
 නෝර්වේ 1988, 1995
 මෙක්සිකෝව 2007, 2009
 නෙදර්ලන්තය
1
1961
 අයිස්ලන්තය 1963
 ආර්ජන්ටිනාව 1967
 බ්‍රසීලය 1968
 නවසීලන්තය 1971
 ෆින්ලන්තය 1973
 යුගෝස්ලාවියාව 1975
 ප්‍රංශය 1976
 ගෞතමාලාව 1984
 එංගලන්තය 1986
 පුවටෝ රිකෝ 1987
 ග්‍රීසිය 1994
 පෘතුගාලය 1996
 පැනමාව 1998
 ලෙබනනය 2002
 ඉක්වදෝරය 2011
 ජපානය 2012

එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

[සංස්කරණය]
Map of Miss International-winning countries as of 2013.
කලාපය සංඛ්‍යාව එක් එක් රටවල ජයග්‍රාහිකාවන්
අමෙරිකාව 22 වෙනිසුවෙලාව (6), කොලොම්බියාව සහ අමෙරිකාව (3), කොස්ටාරිකා සහ මෙක්සිකෝව, (2), ඉක්වදෝරය, අර්ජන්ටිනාව, බ්‍රසීලය, ගෝතමාලාව, පැනමාව, පෝර්ටෝ රිකෝ (1)
යුරෝපය 20 එංගලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය (3), ජර්මනිය සහ නෝර්වේ (2), පිංලන්තය, ප්‍රංශය, ග්‍රීසිය, අයිස්ලන්තය, හෝලන්ඩ්, පෘතුගාලය සහ යුගොස්ලෝවියා[^] (1)
ආසියාව 7 පිලිපීනය (5) ලෙබනනය, ජපානය (1)
ඕෂනියාව 4 ඕස්ට්‍රේලියාව (3), නවසීලන්තය (1)
අප්‍රිකාව 0

විශේෂ කරුණු

[සංස්කරණය]
  • ජයග්‍රාහිකාවක් තනතුරින් පහ කල හෝ ඉල්ලා අස්වීමක් හෝ සිදු නොකල එකම ප්‍රධාන ජාත්‍යන්තර තරගය වන්නේ ජාත්‍යන්තර රූ රැජිණ තරගයයි.
  • මෙතෙක් බිහිවූ ජයග්‍රාහිකාවන් සියල්ල ජීවත්ව සිටින රූ රැජිණ තරගයක් වන්නේද මෙයයි. (1996 දී පිහි ඇනුමකට ලක්ව ඝාතනය වූ 1991 ජාත්‍යන්තර රූ රැජිණ වූ, පෝලන්තයේ අග්නිඑස්කා (Agnieszka Kotlarska) හැර).[9]
  • ජාත්‍යන්තර රූ රැජිණන් 5 දෙනෙකු විශ්ව රූ රැජිණ තරගයේදී අවසන් වටයට සහ අවසන් ස්ථාන වලට තේරී පත්ව තිබේ.
    • 1960:  කොලොම්බියාව = Stella Márquez, හොඳම 15- 1960 විශ්ව රූ රැජිණ තරගය.
    • 1984:  ගෞතමාලාව = Ilma Urrutia, හොඳම 10- 1984 විශ්ව රූ රැජිණ තරගය.
    • 1987:  පුවටෝ රිකෝ = Laurie Tamara Simpson, පස්වන ස්ථානය 1987 විශ්ව රූ රැජිණ තරගය.
    • 1998:  පැනමාව = Lía Victoria Borrero, හොඳම 6- 1997 විශ්ව රූ රැජිණ තරගය.
    • 2007:  මෙක්සිකෝව = Priscila Perales, හොඳම 10- 2006 විශ්ව රූ රැජිණ තරගය.
  • ජාත්‍යන්තර රූ රැජිණන් 3 දෙනෙකු, කිරුළ දිනාගැනීමට පෙර ලෝක රූ රැජිණ තරගයට සහභාගීව අර්ධ අවසන් වටයට තේරී පත්ව ඇත.
  • ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියන් 2 දෙනෙකු, පසුව ලෝක රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාවන් බවට පත්ව තිබෙයි.
  • ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියක් පසුව විශ්ව රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාව බවට පත් වූවාය.
  • දිගම කිරුළ හිමි කාලය
    • 1965:  ජර්මනිය = Ingrid Finger- දින 624 ක්. 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරගය අවලංගු වීම නිසා.
  • කෙටිම කිරුළ හිමි කාලය
  • විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරග වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරගකාරියන්.
    • 1975:  යුගෝස්ලාවියාව = Lidija Manić - විශ්ව රූ රැජිණ තරගකාරිය.
    • 1976:  ප්‍රංශය = Sophie Perin - විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරගකාරිය.
    • 1995:  නෝර්වේ = Anne Lena Hansen - ලෝක රූ රැජිණ තරගකාරිය.
    • 2002:  ලෙබනනය = Christina Sawaya - ලෝක රූ රැජිණ තරගකාරිය.
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය
    • 1991 - Agnieszka Kotlarska ←  පෝලන්තය → 1993 - Agnieszka Pachałko. (වසර 1, මාස 11, දවස් 20)

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "MOFA examines beauty contest's 'belittling'". The China Post. 21 October 2008. සම්ප්‍රවේශය 16 November 2010.
  2. ^ a b History of Miss International සංරක්ෂණය කළ පිටපත 2011-06-16 at the Wayback Machine. Miss-international.org. Retrieved on 2010-10-21.
  3. ^ Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  4. ^ "6th place winner low-rates Miami". The Miami News. 13 August 1960. සම්ප්‍රවේශය 16 November 2010.[permanent dead link]
  5. ^ "May settle dispute over beauty pageant". Lewiston Evening Journal. 22 August 1959. සම්ප්‍රවේශය 16 November 2010.
  6. ^ "Pageant shifted". Spokane Daily Chronicle. 23 April 1968. සම්ප්‍රවේශය 16 November 2010.
  7. ^ [1]
  8. ^ [2]
  9. ^ "Zabił ze złej miłości". Gazeta Wyborcza. Poland. 8 June 2005. සම්ප්‍රවේශය 16 November 2010.

භාහිර සබැදි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජාත්‍යන්තර_රූ_රැජිණ&oldid=592043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි