ගරුඩා
Appearance
සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද සමාන වැ යෙදෙන ‘ගරුඩ’ ශබ්දයට ‘ආ’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් පදයෙකි. ඇතැම්හු (සඤ්ඤක) ‘ඬ’ සහත වැ ‘ගරුඬා’ යි යොදත්. සංස්කෘතයෙහි ���ෝ පාලියහි හෝ සඤ්ඤකය සිංහලයෙහි යෙදෙනුයේ ‘ගුරුළු’ යනු යි. මනඃකල්පිත පක්ෂියකු හඳුන්වනු වස් මේ වදන යෙදේ. ලංකාවේ එක්තරා විෂ සහිත සත්ත්ව විශේෂයක් හඳුන්වනු පිණිස (සඤ්ඤක) ‘ඬ’ සහිත ‘ගරුඬා’ යන වදන යෙදේ.