ඇලන් බෝඩර්
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | ඇලන් රොබට් බෝඩර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 27 ජූලි 1955 ක්‍රමෝන්, නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | ඒබී, කැප්ටන් ග්‍රම්පි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 5 අඩි 9 අඟ (175 සෙමී) [1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | වමතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | මද වේග වමතින් ඕර්තඩොක්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | නායක, පුහුණුකරු, පරිපාලක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1980–1996 | ක්වීන්ස්ලන්ඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1986–1988 | එසෙක්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1976–1980 | නිව් සවුත් වේල්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1977 | ග්ලොස්ටර්ෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 2008 13 ජනවාරි |
ඇලන් රොබට් බෝඩර් ඒඕ[2] (උපත 27 ජූලි 1955) යනු, හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පිතිකරුවෙකු වූ බෝඩර්, වසර ගණනාවක් තුල ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහි නායකයා විය. තරග කිරීමේදී ඔහුගේ අපනාමය වූයේ "ඒ.බී." යන්නයි. ඔහුගේ ක්‍රීඩා අභිවෘත්තිය තුලදී ටෙස්ට් තරග 156 ක් ක්‍රිඩා කර ඇති අතර, ඔහුගේ ඕස්ට්‍රේලියානු මිත්‍ර ස්ටීව් වෝ විසින් මෙම කෞෂල්‍යය පසු කරන තෙක් එය වාර්තාවක් ���ිය. අනුයාත ලෙසින් ටෙස්ට් තරග153 ක් සඳහා තරග කරමින් එසේ වැඩිම ගණනක් සඳහා පෙනී සිටීමේ වාර්තාවද සහ නායකයා වශයෙන් ටෙස්ට් තරග වැඩිම සංඛ්‍යාවක් ක්‍රීඩා කල වාර්තාවද බෝඩර් තවමත් උසුලයි. ප්‍රාථමික වශයෙන් වමතින් පිත්ත හසුරුවන පිතිකතරුවෙකු වුවද, අර්ධ-කාලීන වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යවන්නෙකු ලෙසින් කඩින් කඩ සාර්ථකත්වයක්ද ඔහු ලබා ඇත. බෝඩර් විසින් ටෙස්ට් ලකුණු 11,174 ක් රැස් කර ගති (2005 වසරේදී බ්‍රයන් ලාරා විසින් එය පසු කරන තෙක් ලෝක වාර්තාවක් විය). ඔහු විසින් සිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා අභිවෘත්තිය තුලදී, ශතක 27 ක් රැස් කර ගති. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පෙනී සිටීම් වැඩිම ගණනක් සහිතවූ ක්‍රීඩකයා සහ ටෙස්ට් සහ එදිජා යන තරග ආකෘති දෙකෙහිම ඉදිරියේ සිටි ලකුණු රැස් කරන්නා ලෙසින් ඔහු විශ්‍රාම ගත්තේය. ටෙස්ට් තරග ලකුණු රැස් කිරීම සඳහා ඔහුගේ ඕස්ට්‍රේලියානු වාර්තාව, 2009 ජූලි මසදී එංගලන්තයට එරෙහි තුන්වන අළු බඳුන ටෙස්ට් තරගයෙහිදී රිකී පොන්ටිං විසින් ඔහු අභිබවා යෑමට පෙර වසර 15 ක් පුරා නොබිඳී පැවතියේය.[3]
අයිසීසී ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම් හඳහා එක් කර ගනු ලැබුනු සමාරම්භක ක්‍රීඩකයන් 55 දෙනා අතුරින් බෝඩර් එක් අයෙකු විය.[4]
සටහන්
[සංස්කරණය]- ^ "ඇලන් බෝඩර්". espncricinfo.com. ඊඑස්පීඑන් ස්පෝට්ස් මීඩියා. සම්ප්‍රවේශය 20 ජනවාරි 2014.
- ^ "බෝඩර්, ඇලන් රොබට්, ඔෆිසර් ඔෆ් දි ඕඩර් ඔෆ් ඕස්ට්‍රේලියා". itsanhonour.gov.au. අග්‍රාමාත්‍ය සහ කැබිනට් දෙපාර්තමේන්තුව. 27 සැප්තැම්බර් 1989. සම්ප්‍රවේශය 7 සැප්තැම්බර් 2013.
- ^ "පොන්ටිං පාසස් බෝඩර් ඈස් හයස්ට් ඕස්ට්‍රේලියන් රන් ගෙටර්".[භින්න වූ සබැඳිය]
- ^ "බෝඩර්, හාවි, ගවර්, අන්ඩර්වුඩ් ඉන්ඩක්ටඩ් ඉන්ටු හෝල් ඔෆ් ෆේම්".