ජෝ බයිඩන්
Appearance
ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු එකසත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස බරාක් ඔබාමා යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්රහණය කළේය. ජෝ බයිඩන්, ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය.