Jump to content

ස්පේස් එක්ස්

විකිපීඩියා වෙතින්
17:41, 30 අගෝස්තු 2020 වන විට Terence K Arachchi (සාකච්ඡාව | දායකත්ව) (අලුත් පිටුවක් බිහිකලා) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)


Space Exploration Technologies Corp හෙවත් Space X ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්‍රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය.

ඊලෝන් මස්ක් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) හා ප්‍රධාන තාක්ෂණික නිළධාරී (COO) තනතුරු දෙකම දරන අතර ග්වෙන් ශොට්වෙල් සභාපතිත්වය දරයි.

ස්පේස් එක්ස් ඉතිහාසය

ස්පේස් එක්ස් ආරම්භයට තුඩුදුන් ප්‍රධාන හේතුවක් ලෙස ඊලෝන් මස්ක් සඳහන් කරන්නේ වසර 2000 කාලයේදී ඇමරිකාවේ නාසා ආයතනයට මුහුණ දෙන්නට සිදුවූ අතිවිශාල ප්‍රතිපාදන කප්පාදුවයි. අභ්‍යවකාශ තරණය හා ඉන් මිනිස් වර්ගයට ඇති ප්‍රතිලාභ ගැන විශාල විශ්වාසයක් තිබූ මස්ක් ඇමරිකාව තුල යලිත් අභ්‍යවකාශ ගමන් සඳහා මහජන උනන්දුව ඇතිකිරීම සඳහා රුසියාවෙන් අඩුමිල රොකට් හා රොකට් එන්ජින් ලබාගැනීමේ උත්සහයක නිරතවුනා.

මේ සඳහා කිහිපවතාවක් රුසියාවේ සංචාරය කල මස්ක්ට හිස් අතින් ආපසු එන්නට සිදුනා. මෙම ගැටලුවට විකල්පයක් ලෙස නැවැත නැවත භාවිතා කිරීමෙන් විශාල ලෙස පිරිවැය අඩුකරගත හැකි රොකට් යානා නිෂ්පාදනය පිලිබඳව අදහස ඇතිවුනේ ඉන් පසුව බව මස්ක් පවසා තිබෙනවා.

අඩු පිරිවැය රොකට්

ඩොලර් මිලියන ගණනකින් පිරිවැය ගණනය වන අභ්‍යවකාශ රොකට් ගුවන්ගත කිරීමක පිරිවැය අඩුකරගැනීම සඳහා ඊලෝන් මස්ක් ඇතුලු ස්පේස් එක්ස් කණ්ඩායම සැලසුම් කලා. මේ සැලසුම් අතර ප්‍රධාන වන්නේ;

1. නැවැත නැවත ගුවන්ගත කල හැකි රොකට් යානා නිපදවීම

2. රොකට්ටුවට අවශ්‍ය ප්‍රධාන කොටස් සියල්ලම ස්පේස් එක්ස් සමාගම තුලම නිපදවීම

3. මොඩියුලර් ආකෘතියෙන් රොකට්ටු නිර්මාණය මගින් කුඩා රොකට්ටුවල කොටස් විශාල රොකට්ටු වලට යොදාගැනීම

ෆැල්කන් 1- Falcon 1

ෆැල්කන් 1, ස්පෙස් එක්ස් සමාගම සාර්ථකව ගුවන්ගත කල පලමු අභ්‍යවකාශ රොකට්ටුව මෙන්ම පුද්ගලික සමාගමක් විසින් සිදුකල පලමු කක්ෂගත අභ්‍යවකාශ ගමන (orbital space-flight) සිදුකල රොකට්ටුව වනවා. මෙම රොකට්ටුවට ෆැල්කන් යන නම යෙදුවේ ස්ටාර්-වෝස් චිත්‍රපට මාලාවේ දැක්වෙන "මිලෙනියම් ෆැල්කන්" නම් අධිවේගී අභ්‍යකාශ යානයට ගෞවරයක් ලෙස බව මස්ක් ප්‍රකාශකර තිබෙනවා.

2008 සැප්තැම්බර් 28 වැනිදා පලමුවරට අභ්‍යවකාශ ගතවූ ෆැල්කන් 1 යානය ද්‍රව-ඉන්ධන රොකට්ටුවක් වූ අතර එය නැවත භාවිතයට ගත හැකි ලෙස නිමවා තිබුනේ නෑ. ස්පේස් එක්ස් නිපදවූ මර්ලින් නම් රොකට් එන්ජිමකින් බලගැන්වුනු ෆැල්කන් 1, අදියර දෙකකින් (two stage) අභ්‍යවකාශයට ඇතුලුවන ලෙස නිර්මාණය කල එකක්. පලමු අදියර මර්ලින් රොකට් එන්ජිමෙන් බලගැන්වුනු අතර දෙවැනි අදියර ස්පේස් එක්ස් නිපදවූ කෙස්ට්‍රෙල් නම් කුඩා එන්ජිමකින් බලගැන්වුනා.

ෆැල්කන් 1 රොකට්ටුව, ස්පේස් එක්ස් සමාගමේ තාක්ෂණය ප්‍රායෝගිකව ආදර්ශනය කර පෙන්වූ අතර පුද්ගලික අංශයට සාර්ථකව මෙන්ම විශ්වාසවන්ත ලෙස රොකට්ටු නිෂ්පාදනය කොට අභ්‍යවකාශ ගතකල හැකි බව ඔප්පු කලා. නාසා ආයතනය, සිය අභ්‍යවකාශ අවශ්‍යතා සඳහා ස්පේස් එක්ස් තෝරා ගැනීමට ෆැල්කන් 1 රොකට්ටුව විශාල දායකත්වයක් ලබා දුන්නා.

2008දී නාසා ආයතනය ස්පේස් එක්ස් සමාගමට Commercial Resupply Services (CRS) කොන්ත්‍රාත්තුව ලබාදුන්නා. ඒ අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ගෙනයාමට ස්පේස්ක් එක්ස් සමාගමට අවස්ථාව ලැබුනා. මේ සඳහා ෆැල්කන් 9 නම් විශාල රොකට්ටුව හා ඩ්‍රැගන් නම් අභ්‍යවකාශ යානය නිර්මාණය සඳහා නාසා ආයතනය මූල්‍ය සහයද ලබා දුන්නා.

ෆැල්කන් 9 - Falcon 9

ෆැල්කන් 1ට යොදාගත් මර්ලින් එන්ජින් නවයක් පලමු අදියරට යොදාගන්නා ෆැල්කන් 9, අදියර දෙකකින් ඩ්‍රැගන් කැප්සූලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇති කක්ෂය වෙත ගෙනයා හැකි රොකට්ටුවක්. ටොන් 22ක බරක් පහල පෘථිවි කක්ෂයටද (Low Earth Orbit) ටොන් 5.5ක බරක් Geostationary කක්ෂය වෙතද ගෙනයාමට ෆැල්කන් 9ට හැකියාව තිබෙනවා.

අභ්‍යවකාශ ගමනේ පලමු අදියර අවසන්ව, දෙවැනි අදියර රොකට්ටුවෙන් වෙන්වූ විට, පලමු අදියර ආපසු පෘථිවියට ගොඩබැස්වීමේ අපූරු හැකියාව ෆැල්කන් 9 රොකට්ටුවලට තිබෙනවා. මෙය පලමු වතාවට සාර්ථකව සිදුවුනේ 2015 දෙසැම්බරයේදීයි.

ෆැල්කන් 9 රොකට්ටු මේවනවිට අභ්‍යවකාශ ගමන් 89ක් සාර්ථකව සිදුකර තිබෙන අතර ඉන් 51 වතාවකදී පලමු අදියර ආපසු ගොඩබැස්වීමට සමත්ව තිබෙනවා.

ෆැල්කන් හෙවි - Falcon Heavy

ෆැල්කන් හෙවි යනු ටොන් 64ක බරක් පහල පෘථිවි කක්ෂය වෙත ගෙනයා හැකි, බලසම්පන්න රොකට්ටුවකි. පලමු අදියර ලෙස එකට තබන ලද ෆැල්කන් 9 රොකට්ටු තුනක් සමගාමීව ක්‍රියාත්මක වේ. මැදින් ඇති ෆැල්කන් 9ට ඈඳූ අනෙක් ෆැල්කන් රොකට්ටු දෙක බූස්ටර් රොකට්ටු ලෙස ක්‍රියාකරයි.

මෙම රොකට්ටුවේ පලමු අදියරේ මැද රොකට්ටුව හා බූස්ටර් රොකට්ටු දෙකද ඇතුලුව මර්ලින් එන්ජින් 27ක් එකවර ක්‍රියාත්මක වෙයි. ෆැල්කන් හෙවි රොකට්ටුවට අඟහරු වෙත ටොන් 16ක් බර යානාවක් ගෙනයාමට හැකිය. ෆැල්කන් හෙවි රොකට් පද්ධතිය දැනට සාර්ථක ගමන්වාර තුනක් අවසන් කර ඇති අතර තවත් 8ක් සැලසුම්කර ඇත.

කාගෝ ඩ්‍රැගන් කැප්සූලය - Cargo Dragon (Dragon 1)

අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ටොන් 6ක සැපයුම් ගෙනයාමට නිර්මාණය කල කාගෝ ඩ්‍රැගන් කැප්සූලය ෆැල්කන් 9 රොකට්ටුවක් ආධාරයෙන් ගුවන් ගත කරයි. පලමු පියාසැරිය 2010දී සිදුවූ අතර මෙය පුද්ගලික සමාගමක් අභ්‍යවකාශයට යවා, ආපසු ගෙන්වාගත් එකම අභ්‍යවකාශ යානාව වනවා. මේ වනවිට කාගෝ ඩ්‍රැගන් කැප්සූලය සාර්ථක ගමන්වාර 23ක් අවසන් කොට ඇති අතර එය විශ්‍රාම ගන්වා තිබෙනවා. ඩ්‍රැගන් 2 කැප්සූලය ඒ වෙනුවට හඳුන්වාදී ඇති වඩාත් විශාල කැප්සූලයක් වනවා.

ඩ්‍රැගන් 2 භාණ්ඩ ප්‍රවාහන කැප්සූලය - Dragon 2 (cargo version)

නාසා ආයතනය ලබාදුන් Commercial Resupply Services-2 කොන්ත්‍රාත්තුව යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ටොන් 6ක සැපයුම් ගෙනයාමට නිර්මාණය කල කාගෝ ඩ්‍රැගන් 2 කැප්සූලය නැවත නැවත භාවිතයට ගත හැකි ලෙස නිර්මාණය කර තිබෙනෙනවා.

ස්වයංක්‍රියව ISS මධ්‍යස්ථානය වෙත පියාසර කොට එය හා සම්බන්ධවීමට හැකි කාගෝ ඩ්‍රැගන් කැප්සූලයේ පියාසර මෘදුකාංග ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වනනවා. C++ හා ජාවාස්ක්‍රිප්ට් පරිගණක භාශාවලින් පියාසර මෘදුකාංග සකසා තිබෙනවා.

කෲ ඩ්‍රැගන් කැප්සූලය - Crew Dragon (Dragon 2 crewed version)

අභ්‍යවකාශගාමීන් 7ක් ගෙනයා හැකි ලෙස සකසා තිබෙන ඩ්‍රැගන් 2 කැප්සූල මාදිලිය කෲ ඩ්‍රැගන් ලෙස හඳුන්වනවා. මෙයට හදිසියකදී ගුවන්ගත වෙමින් තිබෙනව රොකට්ටුවෙන් ඉවත්ව ගගනගාමීන් ආරක්ෂාකරගත හැකි ගැලවුම් පද්ධතියක් (launch escape system) හඳුන්වාදී තිබෙනවා. අධිබල සුපර්-ඩ්‍රේකෝ නම් එන්ජින් 8ක් ක්‍රියාත්මකවී ඉතා වේගයෙන් රොකට්ටුවෙන් ඈතට කැප්සූලය ගෙනයාහැකි ලෙස මෙම පද්ධතිය සකස්කොට තිබෙනවා.

කෲ ඩ්‍රැගන් කැප්සූලයට අභ්‍යවකාශගාමීන්ගේ ස්වසන ක්‍රියාවලියට ඔක්සිජන් සැපයීමට හා වායුගෝලීය පීඩනය කැප්සූලයේ රඳවාගැනීම සඳහ life support system පද්ධතියක් සකසා තිබෙනවා.

මේ වනවිට කෲ ඩ්‍රැගන් කැප්සූලය පලමු නාසා අභ්‍යවකාශ ගාමීන් දෙදෙනා ISS මධ්‍යස්ථානයට ගෙනගොස් සුරක්ෂිතව ආපසු ගොඩබස්වා පලමු ගමන සාර්ථකව අවසන් කර තිබෙනවා.

කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 අභ්‍යවකාශ ගමන - Crew Dragon Demo 1

මිනිසුන් ගෙනයාම සඳහාම සැකසූ කෲ ඩ්‍රැගන් කැප්සූලයේ පලමු පරීක්ෂණ අභ්‍යවකාශ ගමන ඩෙමෝ 1 ලෙස හඳුන්වනවා. මෙහිදී ගගනගාමීන් වෙනුවට රිප්ලි නම් ආකෘතියක් පියාසර කරවූවා. 2019 මාර්තු 2වැනිදා සිදුවුකල මේ පියාසැරිය, පලමු මිනිස් චාරිකාවට පෙර කෲ ඩ්‍රැගන් කැප්සූලයේ අවසන් පරීක්ෂණ පියාසැරිය ලෙස සැලකුනා.

අලුත්ම ෆැල්කන් 9 රොකට්ටුවකින් ගුවන්ගත වූ කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 පියාසැරිය රිප්ලි නම් ආකෘතියක් සාර්ථකව ISS මධ්‍යස්ථානය හා බද්ධවූ අතර, ISS හි ගගනගාමීන් කෲ ඩ්‍රැගන් කැප්සූලය තුලට පිවිස එය පරීක්ෂා කලා. 2019 මාර්තු 8 වැනිදා ඩෙමෝ 1 මෙහෙයුම සාර්ථකව ගොඩබැස්සා.

කෲ ඩ්‍රැගන් ඩෙමෝ 2 අභ්‍යවකාශ ගමන

කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 අභ්‍යවකාශ ගමන

ස්ටාර්-ලින්ක් අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව

ස්ටාර්-ලින්ක් අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව


"https://si.wikipedia.org/w/index.php?title=ස්පේස්_එක්ස්&oldid=457366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි