ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණය ලෙස භෞතික විද්‍යාවේ දී හැඳින්වේ. ඒකමාන පද්ධතියකදී නම් ත්වරණය යනු වේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ලෙස ද සැලැකිය හැකි ය. කෙසේ වෙතත් ප්‍රවේගය දෛශික රාශියක්(දිශාවක් හා විශාලත්වයක් ඇති.)බැවින් ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගය මෙන් ම දිශාව ද වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණයෙන් දැක්වේ. ත්වරණයෙහි ‍මාන වනුයේ (දුර)×(කාලය)-2 ය. අන්තර්ජාතික සම්මත ඒකක අනුව ත්වරණය මනින්නේ තත්පර වර්ගයට මීටර වලිනි (ms-2). ඍණ ත්වරණය නොහොත් මන්දනයෙහි ද මාන සහ ඒකක ත්වරණයෙහි මාන සහ ඒකක ම වේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව

භෞතික විද්‍යාවේදී ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීම ද ත්වරණයක් ලෙස හැඳින්වේ. වෘත්ත චලිතයේදී වස්තුවක ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීමෙන් කේන්ද්‍රාභිසාරී ත්වරණයක් ඇති වේ.

සම්භාව්‍ය ය��න්ත්‍ර විද්‍යාවේදී නියත ස්කන්ධයක් ඇති වස්තුවක ත්වරණය එම වස්තුව මත යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වන බව කියැවේ (නිව්ටන්ගේ දෙවැනි නියමය). වස්තුව මත යෙදෙන බලය F ද, එහි ස්කන්ධය m ද, ඇති වන ත්වරණය a ද නම්:සමීකරනය

"https://si.wikipedia.org/w/index.php?title=ත්වරණය&oldid=697524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි