ලීලාවති රැජින
වෙත යළියොමුව:
- a page that was merged into another page වෙතින් මෙය යළියොමු කිරීමකිFrom a merge: . This redirect was kept in order to preserve the edit history of this page after its content was merged into the content of the target page. Please do not remove the tag that generates this text (unless the need to recreate content on this page has been demonstrated) or delete this page.
- For redirects with substantive page histories that did not result from page merges use {{R with history}} instead.
උපත හා පුර්ව ජීවිතය
[සංස්කරණය]ලීලාවතී රැජිණගේ උපත සහා ළමා අවධිය පිළිබදව ඇති තොරතුරු ප්‍රමාණවත් නැත. තරුණ අවධිය පිළිබදව නම් යම් ප්‍රමාණයක් තොරතුරු සොයා ගත හැකි වේ.
පළමුවෙනි විජයබා රජු (1055-1100) චෝලයන් සාර්ථකව මර්දනය කිරීමෙන් පසු ඔහු තම රාජධානිය පුලතිස්ස පුරයේ පිහිටුවාගත්තේය. පසුව රජවු වික්‍රමබාහු රජුගේ කාලයේදි ශ්‍රී ලංකාව, රජරට, දක්ෂිණ දේශය, සහ රුහුණු යනුවෙන් කොටස් තුනකට බෙදින. එහෙත් වික්‍රම බාහු රජු අදටත් රජරට රජකම් කල ශ්‍රේෂ්ඨ රජකෙනෙක් ලෙස සැලකේ. දක්ෂිණ දේශයේ යුව රජු ලෙස කටයුතු කල මනාභරණ රජු සහ රුහුණනේ යුව රජු වු මනාභාරණ රජුගේ සොයුරන් වු සිරිවල්ලභ සහ කිත්සිරි මේඝ රජවරුන් අතර නොයෙකුත් ආරවුල් පැවතිනි.
එහෙත් මෙම රජවරුන් තිදෙනා විජයභා රජුගේ සොයුරියකගෙන් හා පාණ්ඩ රජුගෙන් පැවත එන අය වූ බැවින් ලක්දිව සිහසුනට උරුමකම් දැරීය. එනිසා මොවුන් තිදෙනාගෙන් වික්‍රමබාහු රජුට බොහෝ තර්ජන එල්ල විය.
සිරිවල්ලභ රජු සහ සුගලා දේවියගේ දියණිය වන ලීලාවතීගේ සොහොයුරා මණාභරණ නම් විය. දක්ෂිණ දේශයේ යුව රජු වු මනාභරණගේ පුත් පරාක්‍රමබාහු කුමරු ඇයගේ ඥාති සොහොයුරකු වුවේය. මානාභරණ රජුගේ මරණින් පසු කිත්සිරි මේඝ රජු දක්ෂිණ දේශයේ සිහසුනට පත් විය. ඉන් පසු මානාභරණ රජුගේ ඥාතීන් රුහුණේ සිරිවල්ලභ රජු සමග ජීවත් විය. පරාක්‍රමබාහු කුමරු සහ ලීලාවතී බිසව විවාහ වුයේ කිනම් අවස්තාවේදැයි සදහනක් සොයාගත නොහැක.
ලීලාවතී බිසවගේ සොහොයුරු මනාභරණ (මොහු පරාක්‍රමබාහු රජුගේ සොහොයුරියන් වන චිත්තා සහ පබාවති සමග විවාහ විය) සහ සුගලා දේවිය පරාක්‍රමබාහු රජු සමග භේදබින්නවීම් සිදු විය.
කිහිප අවස්ථාවකදීම මනාභරණ රජු, පරාක්‍රමබාහු රජු සමග සටන්වලට යොමු විය. එහෙත් සුගලා දේවිය මෙම ගැටුම්වලදී ඉතා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කලාය. මෙම ගැටලුකාරි අවස්ථාවන්ට ලීලාවතී කුමරිය කුමන ආකාරයකින් සම්බන්ධ වුයේ ද යන්න සොයාගත නොහැක.
සටහන්
[සංස්කරණය]Queen Lilavati - Birth and early life |