Jump to content

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
මාගම්පුර වරාය
මාගම්පුර ජාත්‍යන්තර වරාය
Map
fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න
පිහිටීම
රට ශ්‍රී ලංකාව
ස්ථානයතිස්සමහාරාමය, හම්බන්තොට
ඛණ්ඩාංක06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E / 6.11944; 81.10806ඛණ්ඩාංක: 06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E / 6.11944; 81.10806
විස්තර
විවෘත කිරීම2010 නොවැම්බර් 18
සංඛ්‍යාලේඛන
වෙබ් අඩවිය
http://www.slpa.lk/

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ( හම්බන්තොට වරාය හෝ රුහුණු මාගම්පුර වරාය ලෙසද කටවහරේ හැඳින්වේ) ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර වරාය වන අතර එය හම්බන්තොට (ඓතිහාසික මාගම් රාජධානියට අයත් වූ) ප්‍රදේශයේ පිහිටා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශය පිහිටා ඇති මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙහි ඉදිකිරීම් 2008 ජනවාරි මස තුළදී ඇරඹි අතර 2010 නොවැම්බර් මස 18 වන දින එවක ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 'කරදියවර මංගල්‍යයක්' පවත්වා විවෘත කරන ලදී. මෙම වරායේ නැංගුරම්පළවල් 3ක් ඇති අතර චීන රජයේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන නිමවා ඇත. මෙම වරාය ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වේ. මෙහි ප්‍රථම අදියරේ ආයෝජනය ඇ.ඩෝ. මිලියන 361 වන අතර ඉන් 85% සැපයුනේ චීනයේ එක්-ඊම් බැංකුවයි. [1]

ආශ්‍රිත

මූලාශ්‍ර

  1. ^ සංරක්ෂිත පිටපත, http://www.slpa.lk/port_hambantota.asp?chk=4, ප්‍රතිෂ්ඨාපනය 2014-07-05