2018 නිදහස් කුසලානය
2018 හීරෝ නිදහස් කුසලානය | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
නිල ලාංඡනය | |||||||||||||||||
| |||||||||||||||||
කණ්ඩායම් | |||||||||||||||||
බංග්ලාදේශය | ඉන්දියාව | ශ්‍රී ලංකාව | |||||||||||||||
නායකයන් | |||||||||||||||||
ෂකිබ් අල් හසන්[n 1] | රෝහිත් ෂර්මා | දිනේෂ් චන්දිමාල්[n 2] | |||||||||||||||
වැඩිම ලකුණු | |||||||||||||||||
මුෂ්ෆිකර් රහීම් (199) | ෂිකර් ධවාන් (198) | කුසල් පෙරේරා (204) | |||||||||||||||
වැඩිම කඩුළු | |||||||||||||||||
රුබල් හුසේන් (7) මුස්තෆිසුර් රහමන් (7) |
වොෂින්ටන් සුන්දර් (8) යුස්වේන්ද්‍ර චාහල් (8) |
නුවන් ප්‍රදීප් (4) අකිල දනංජය (4) | |||||||||||||||
|
2018 නිදහස් කුසලානය යනු ශ්‍රී ලංකාවෙහි පැවති ක්‍රිකට් තරගාවලියක් වන අතර 2018 මාර්තු මාසයෙහිදී පැවතිනි.[1] එය වනාහී බංගලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරග මාලාවකි.[2] මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම නිමිත්තෙනි.[3] මෙම තරගාවලියට විස්සයි20 තරග 7 ක් ඇතුලත් වේ.[4] තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවතිනි.[5] ප්‍රථම වරට D ස්පෝර්ට්ස් නාලිකාව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ සජීවී ක්‍රිකට් තරග විකාශනය කිරීමට මාධ්‍ය අයිතිය ලබා ගත්තේය.[6][7]
තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූයේ ශ්‍රී ලංකා රජය විසින් දින 10 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පනවනු ලැබීමෙන් පසු තදබල ආරක්ෂාව යටතේය. හදිසි නීතිය පැනවීමට හේතුවූයේ අම්පාර සහ මහනුවර යන ප්‍රදේශවල ඇතිවූ මුස්ලිම් සහ සිංහල බෞද්ධන් අතර ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයයි.[8][9][10]
ඉන්දියාව පස්වන තරගයේදී බංගලාදේශය ලකුණු 17 කින් පරාජය කිරීමත් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[11] අවසන් මහා තරගයේදී බංගලාදේශය කඩුලු 08 කින් පරාජය කරමින් ඉන්දියාව නිදහස් කුසලානය දිනාගත්තේය. ශ්‍රී ලංකාව තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත්තේය.[12][13]
ලකුණු සටහන
කණ්ඩායම
|
ත | ජ | ප | සම | ජප | ප්‍රසාද | ලලවේ |
---|---|---|---|---|---|---|---|
ඉන්දියාව | 4 | 3 | 1 | 0 | 0 | 6 | +0.377 |
බංග්ලාදේශය | 4 | 2 | 2 | 0 | 0 | 4 | –0.293 |
ශ්‍රී ලංකාව | 4 | 1 | 3 | 0 | 0 | 2 | –0.085 |
පැවැත්වෙන තරග
1වන වි20ජා
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- විජේ ශන්කර් වි20ජා මංගලාවතරණය ලැබීය.
- මෙය ශ්‍රී ලංකාව මවුබිමේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් පළමු වි20ජා ජයග්‍රහණයයි.[14]
2වන වි20ජා
එ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
3වන වි20ජා
එ
|
||
- කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.
- මෙය බංගලාදේශය වි20ජා තරගයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.[15]
- මෙය ශ්‍රී ලංකාව පරාජය වූ 50වන වි20ජා තරගයයි.[16]
- මෙය බංගලාදේශය හඹාගොස් ජයග්‍රහණය කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයයි.[17][18]
4වන වි20ජා
එ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 19 කට සීමා කළේය.
- කේ. එල්. රාහුල් හිට් විකට් ආකාරයට දැවීගිය පළමු ඉන්දියානු ක්‍රීඩකයා බවට පත්විය.[19]
5වන වි20ජා
එ
|
||
- කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.
6වන වි20ජා
එ
|
||
- කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.
- මුෂ්ෆිකර් රහීම් වි20ජා ලකුණු 1,000 සීමාව පසුකිරීමත් සමග ඔහු එම සන්ධිස්ථානය පසුකළ තුන්වන බංගලාදේශ ක්‍රීඩකයා බවට පත්විය.[20]
- කුසල් පෙරේරා වි20ජා ලකුණු 1,000 සීමාව පසුකළ පස්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය.[21][22][23]
අවසන් මහා තරගය
එ
|
||
- කාසියේ වාසිය දිනු ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- රෝහිත් ෂර්මා වි20 ලකුණු 7,000 සීමාව පසුකළේය.[24]
සටහන්
මුලාශ්‍ර
- ^ "ඉන්ඩියා, බංග්ලාදේශ්, ශ්‍රී ලංකා ටු ප්ලේ ට්‍රයි-සීරීස් ඉන් 2018". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 15 මාර්තු 2017.
- ^ "India, Sri Lanka, Bangladesh triangular series in 2018". Times of India. සම්ප්‍රවේශය 15 March 2017.
- ^ "Nidahas Trophy to be played next March". The Papare. සම්ප්‍රවේශය 15 March 2017.
- ^ "Nidahas trophy 2018 announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 16 March 2017.
- ^ "Nidahas Trophy 2018 fixtures announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 17 November 2017.
- ^ "Nidahas Trophy 2018: Indian matches get a new broadcaster". CricTracker. සම්ප්‍රවේශය 3 March 2018.
- ^ "Nidahas Trophy 2018: All you need to know – Schedule, Broadcast and Live Streaming". CricTracker. සම්ප්‍රවේශය 5 March 2018.
- ^ "Nidahas Trophy to remain unaffected despite emergency in SL". Cricbuzz (ඉංග්‍රීසි බ��ින්). සම්ප්‍රවේශය 7 March 2018.
- ^ "2018 Nidahas Trophy set to commence despite state of emergency in Sri Lanka". TimesNow. සම්ප්‍රවේශය 7 March 2018.
{{cite news}}
: Cite has empty unknown parameter:|dead-url=
(help) - ^ "Nidahas Trophy on track in Colombo despite Sri Lanka emergency - Times of India". The Times of India. සම්ප්‍රවේශය 7 March 2018.
- ^ "Rohit and Sundar carry India into final". ESPN Cricinfo. 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.
- ^ "Cool Mahmudullah rises above last-over fracas". ESPN Cricinfo. 14 March 2018. සම්ප්‍රවේශය 16 March 2018.
- ^ "India clinch title with Karthik's stunning last-ball six". ESPN Cricinfo. 18 March 2018. සම්ප්‍රවේශය 18 March 2018.
- ^ "Nidahas Trophy 2018, Sri Lanka vs India, 1st T20I – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 6 March 2018.
- ^ "Mushfiqur leads from front in Bangladesh's record win". Reuters. සම්ප්‍රවේශය 11 March 2018.
- ^ "Sixes galore, and a prolific pair of Kusals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2018.
- ^ "Mushfiqur special seals record win". Cricbuzz. සම්ප්‍රවේශය 11 March 2018.
- ^ "Mushfiqur special powers Bangladesh to record run-chase". Cricbuzz. සම්ප්‍රවේශය 11 March 2018.
- ^ "Nidahas Trophy 2018, Sri Lanka vs India, 4th T20I – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 13 March 2018.
- ^ "Bangladesh stun Sri Lanka in fracas-filled nailbiter to set up India final". BDNews24. සම්ප්‍රවේශය 17 March 2017.
- ^ "Kusal Perera and Thisara fightback for Sri Lanka in must win crucial virtual semifinal". cricketcountry. සම්ප්‍රවේශය 17 March 2018.
- ^ "Kusal Perera's record breaking fifty ended in vain as Bangladesh thump Sri Lanka to secure final spot". NDTV. සම්ප්‍රවේශය 17 March 2018.
- ^ "Pereras alleviate Sri Lankan pressure after top-order collapse". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2018.
- ^ "Nidahas Trophy 2018, Final, Bangladesh vs India – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 19 March 2018.