ගෝමරන්කඩවල සමූලඝාතනය
Appearance
ගෝමරන්කඩවල සමූලඝාතනය Gomarankadawala massacre | |
---|---|
ස්ථානය | ගෝමරන්කඩවල |
දිනය | 2006 අප්‍රියෙල් 23 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | වෙඩි තැබීම් |
ආයුධය(න්) | තුවක්කු |
මරණ | 6 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
2006 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ගම්මානයේදී සිංහල සිවිල් වැසිය��් 6 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කල අතර, එම ප්‍රහාරය ගෝමරන්කඩවල සමූලඝාතනය ලෙස හැඳින්වේ.
සිදුවීම
2006 අප්‍රියෙල් 23 වන දින, කල්‍යාණපුර, ගෝමරන්කඩවල කුඹුරක එරුණු ට්‍රැක්ටරයක්, සකසා ගනිමින් සිටි සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකු වෙතට කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඝාතනය කොට පලා යන ලදී.
මරණයට පත්වූවන්
මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 4 දෙනෙකු ඇතුළුව, සිවිල් වැසියන් 6 දෙනෙකුට සිය ජීවිත අහිමි විය.
මිය ගිය පිරිස,
- එම්. ඩී. චමින්ද ප්‍රසන්න බණ්ඩාර (වයස 27, ග්‍රාමාරක්ෂකයෙක්)
- ඒ. අනුර ශාන්ත අබේසේන (වයස 19 , පාසල් සිසුවෙක්)
- ආර්. එරන්ද සඳරුවන් රූපසේන (වයස 15 , පාසල් සිසුවෙක් )
- ඩී. ලලිත් බණ්ඩාර දිසානායක (වයස 15 , පාසල් සිසුවෙක්)
- අජිත් කුමාර ආරියවංශ (වයස 19 , පාසල් සිසුවෙක්)
- ඩී. වසන්ත කුමාර ( වයස 24 , ගොවියෙක්)
මේවාද බලන්න
මූලාශ්‍ර
- Gunananda, A.T.M. "Gomarankadawala: “We need more security say villagers“ ", The Sunday Times, April 30, 2006.
වැඩිදුර කියවීම්
- "Kalyanapura, Gomarankadawala Massacre on 23 April 2006" සංරක්ෂණය කළ පිටපත 14 මාර්තු 2007 at the Wayback Machine