Jump to content

හතරවන විජයබාහු රජ

විකිපීඩියා වෙතින්
00:59, 17 ඔක්තෝබර් 2024 වන විට VihirLak007 (සාකච්ඡාව | දායකත්ව) (update) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
හතරවන විජයබාහු රජ
දඹදෙනිය රාජධානියේ රජ
හතරවන විජයබාහු රජුගේ මස්සකයක්
රාජ්‍ය සමය1267/8-1270
පූර්වප්‍රාප්තිකයාදෙවන පරාක්‍රමබාහු රජ
අනුප්‍රාප්තිකයාපළමු බුවනෙකබාහු රජ
මරණය1272 ඔක්තොම්බර්
දඹදෙණිය, ලංකාව
දරුවන්තෙවන පරාක්‍රමබාහු රජ
වංශයසිරි සඟ බෝ රාජවංශය
පියාදෙවන පරාක්‍රමබාහු රජ
ආගමථෙරවාද

හතරවන විජයබාහු රජ යනු ක්‍රි.ව. 1270 දි දෙවන පරාක්‍රමබාහු රජතුමාගෙ මරණයෙන් පසු දඹදෙනිය අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් වූ ඔහුගේ වැඩිමහළු පුත් විජයබාහු කුමාරයා ය. හතරවන විජයබාහු නමින් ප්‍රකට වූ මෙතුමා බෝසත් විජයබාහු නමින් ද හැඳින්වින.

එහෙත් මෙම රජතුමාට බලයේ සිටිය හැකි වුනේ දෙවසරක් පමණි. මිත්ත නම් සෙන්පතියෙක් ක්‍රි.ව. 1272 දී රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය.[1]

මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකලේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමු බුවනෙකබාහු රජ නමින් දඹදෙනිය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු රජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේය.

සබැඳි පිටු

[සංස්කරණය]
  1. ^ "මහාවංශය - හතරවන විජයබාහු රජු". www.sundaytimes.lk. සම්ප්‍රවේශය 2023-07-16.

බාහිර සබැඳි

[සංස්කරණය]
හතරවන විජයබාහු රජ
 මරණය: 1270
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
දෙවන පරාක්‍රමබාහු රජ
දඹදෙණියේ රජ
1267/8–1270
අනුප්‍රාප්තිකයා 
පළමු බුවනෙකබාහු රජ
"https://si.wikipedia.org/w/index.php?title=හතරවන_විජයබාහු_රජ&oldid=718262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි