මදුරෛ නායක් රාජවංශය
මදුරෛ නායක් රාජවංශය | |
---|---|
1529–1736 | |
අගනුවර | මදුරෛ (1529–1616) තිරුචිරපල්ලි (1716–1736) |
පොදු භාෂා(ව) | දෙමළ, තෙලිඟු |
රජය | ආණ්ඩුකාරවරු, අනතුරුව රාජාණ්ඩුව |
ඉතිහාසය | |
• Established | 1529 |
• අහෝසි කළේ | 1736 |
පූ��්වප්‍රාප්තික රාජ්‍ය
|
අනුප්‍රාප්තික රාජ්‍ය
|
කැඩීගිය රාජ්‍ය
|
ලිපි මාලාවක කොටසක් වන |
තමිල් නාඩුවේ ඉතිහාසය |
---|
මදුරෛ නායක් රාජවංශයේ රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ | |
---|---|
තමිල් නාඩුවේ ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ කොටසකි | |
මදුරෛ නායක් පාලකයින් | |
විශ්වනාථ නායක් | 1529–1563 |
කුමාර ක්‍රිෂ්ණප්පා නායක් | 1563–1573 |
හවුල් පාලකයින් සමූහය I | 1573–1595 |
හවුල් පාලකයින් සමූහය II | 1595–1602 |
මුත්තු ක්‍රිෂ්ණප්පා නායක් | 1602–1609 |
මුත්තු වීරප්පා නායක් | 1609–1623 |
තිරුමලෛ නායක් | 1623–1659 |
මුතු අලකාඩ්රි නායක් | 1659–1662 |
චොක්කනාථ නායක් | 1662–1682 |
රංගක්‍රිෂ්ණා මුතු වීරප්පා නායක් | 1682–1689 |
මංගම්මාල් රැජින‡ | 1689–1704 |
විජය රංග චොක්කනාථ නායක් | 1704–1731 |
මීනාක්ෂි රැජින‡ | 1731–1736 |
‡ රාජ්‍යාධීකාරී රැජිනියන් | |
අගනුවරවල් | |
මදුරෛ | 1529–1616 |
තිරුචිරපල්���ි | 1616–1634 |
මදුරෛ | 1634–1665 |
තිරුචිරපල්ලි | 1665–1736 |
ප්‍රධාන බලකොටු | |
මදුරෛ 72 අට්ටාල බලකොටුව | |
තිරුචිරපල්ලි ගල් බලකොටුව | |
ඩින්ඩිගුල් බලකොටුව | |
තිරුනෙල්වෙල්ලි බලකොටුව | |
වෙනත් යුධ බලකොටු | |
නාමක්කාල් බලකොටුව | |
සංකගිරි බලකොටුව | |
අතූර් බලකොටුව | |
මාලිගා | |
තිරුමලෛ නායක් මහල්, මදුරෛ | |
චොක්කනාථ නායක් මාලිගය හෙවත් දර්බාර් ශාලාව, තිරුචිරපල්ලි | |
රාණි මංගම්මාල් තමුක්කම් මාලිගය, මදුරෛ | |
මදුරෛ නායක්වරුන් යනුවෙන් හැඳින්වෙන්නේ 1529 සිට 1736 පමණ දක්වා වර්තමාන ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ වැඩි ප්‍රදේශයක පාලනය ගෙනගිය දෙමළකරණය වූ තෙලිඟු සම්භවයක් සහිත පාලකයන් පිරිසකි.[1][2] මොවුන්ගේ අගනගරය වූයේ මදුරෛ ය. නායක් රාජ්‍ය සමය තුළ කලාවන් දියුණු වූ අතර, සංස්කෘතික සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ රැසක් ද ක්‍රියාත්මක විය. එසේම දිල්ලි සුල්තාන්වරුන් විසින් විනාශ කොට තිබූ දේවාල ගණනාවක් යළි ජීවමාන කරවූ මොවුහු අනන්‍ය ගෘහනිර්මාණ ශෛලියක් ද හඳුන්වා දුන්හ.
මදුරෛ නායක්වරුන්ගේ සම්භවය ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තමිල් නාඩුවේ බලීජා හි යුධමය වෙළඳ ප්‍රජාවකින් ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[2][3][4]
මෙම රාජවංශයට පාලකයින් 13 දෙනකු ඇතුළත් වූ අතර, ඉන් 9 දෙනකු රජවරුන් ද, දෙදෙනකු රැජිනියන් ද වූ අතර, දෙදෙනකු හවුල් පාලනයක් ගෙනගොස් තිබේ. මෙහි වඩාත්ම වැදගත් පාලකයන් වන්නේ තිරුමල නායක රජ සහ මංගම්මාල් රැජිනයි. මෙකල විදේශ වෙළඳාම ප්‍රධාන වශයෙන් ලන්දේසීන් සහ පෘතුගීසීන් විසින් මෙහෙයවූ අතර, බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශවරුන් මේ වන විට එම ප්‍රදේශයට පැමිණ නොතිබිණි.
ඉතිහාසය
[සංස්කරණය]විශ්වනාථ නායක
[සංස්කරණය]විශ්වනාථගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ ආරියනාථ මුදලියාර් පාලයම් හෙවත් පොලිගාර් ක්‍රමය අනුව නායක් රාජධානිය පාලනය කිරීමට සහාය දැක්වී ය. මෙම ක්‍රමය අර්ධ-වැඩවසම් ක්‍රමයක් වූ අතට, එහි දී රට පාලයම් හෙවත් කුඩා පළාත් ගණනාවකට බෙදන ලදී; මෙම සෑම පාලයම් ඒකකයක් සඳහාම පාලයක්කාරර් නම් ප්‍රධානියකු පත්කෙරිණි. ආරියනාථ විසින් පාණ්ඩ්‍ය රාජධානිය පාලයම් 72කට වෙන් කළ අතර, එහි ප්‍රධානීන් වූ වියළි කලාපීය පොලිගාර් ප්‍රධානීන් 72 දෙනාව මෙහෙයවීම සිදුකරන ලදී.[5]
මහමදිකයන් විසින් විනාශ කරන ලද මීනාක්ෂි කෝවිල 1569දී යළි ඉදිකෙරිණි. දේවාල පිවිසුමෙහි පසෙකින් සහස්‍ර ස්තම්භ මණ්ඩපයේ අදටත් අසකු මත හිඳගත් ආරියනාථ මුදලියාර්ගේ ප්‍රතිමාව දක්නට ලැබේ. නූතන බැතිමතුන් විසින් එම ප්‍රතිමාවට මල් මාලා පළඳවනු දක්නට ලැබෙයි. 1600 තෙක් ජීවත් වූ ඔහු සිය මරණය තෙක්ම නායක් රාජවංශය කෙරෙහි සිය බලපෑම පැතිරවීමට සමත් විය.[6]සැකිල්ල:Full
සංක්ෂිප්ත දකුණු ආසියානු ඉතිහාසය |
---|
කුමාර ක්‍රිෂ්ණප්පා නායක (1563–1573)
[සංස්කරණය]විශ්වනාථ නායක්ගෙන් පසුව ඔහුගේ පුත් ක්‍රිෂ්ණප්පා නායක් රාජ්‍යත්වයට පත්වූ අතර, ඔහු සිය පියාගේ කාර්‍යශූර අමාත්‍යවරයකු වූ ආරියනාථ සමඟ එක්ව මදුරෛ රාජධානිය පුළුල් කළ අතර, පුරාතන පාණ්ඩ්‍ය භූමිය ද සිය පාලනයට නතුකර ගැනීමට සමත් විය.[7]
තිරුමල නායක (1623–1659)
[සංස්කරණය]රාමප්පෛයන් අම්මනෛ නම් ඓතිහාසික ලේඛනය අනුව,1639 සහ 1641 අතර කාලයේ දලවෝයි රාමප්පයන් නම් බ්‍රාහ්මණයා රාන්දෞලා ඛාන් සහ තෙවන ශ්‍රීරංගට එරෙහි යුද්ධයේ දී සිය ශූරත්වය පෙන්වා ඇත.[8][9]
වංගාරු තිරුමලෛගෙන් පැවත එන්නන්
[සංස්කරණය]මහනුවර නායක්වරු
[සංස්කරණය]වංගාරු තිරුමලෛගේ පවුලේ ඇතැම් සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාව තුළ නායක් රාජවංශයක් ආරම්භ කළ අතර, එය මහනුවර නායක්වරුන් ලෙස හැඳින්වේ. 1815 තෙක්ම ඔවුහු මහනුවර සිය අගනගරය කර ගනිමින් ශ්‍රී ලංකාව පාලනය කළහ. අතීතයේ සිටම මහනුවර රජවරු මදුරෛ වෙතින් බිසෝවරුන් ගෙන්වා ගැනීම සිදුකළහ. මේ නිසා පෘතුගීසීන් සමඟ සටනේ දී මහනුවර නායක්වරුනට මදුරෛ නායක්වරුන්ගේ යුධ සහාය හිමි විය. මේ අනුව, 17වන සහ 18වන සියවස් වන විට, මහනුවර රජවරුන් සහ නායක් කුමරියන් අතර විවාහය සම්ප්‍රදායයක්ව තිබිණි.[10]
නායක කාසි
[සංස්කරණය]ඇතැම් මුල්කාලීන මදුරෛ නායක කාසිවල රජුන්ගේ රුව ඇතුළත් විය. එසේම එම කාසි බොහෝමයක ගව රුව ද දක්නට ලැබේ. රාජවංශයේ අවසන් පාලකයන් කිහිපදෙනාගෙන් අයකු වන චොක්කනාථ නායක් වලසුන්, හස්තීන්, සහ සිංහ රූ ඇතුළත් කාසි නිකුත් කොට තිබේ. එසේම ඔහුගේ හනුමාන් සහ ගරුඩා නිරූපිත කාසියක් ද හමුව තිබේ. නායක කාසිවල වන අභිලේඛන දෙමළ, තෙලිඟු, කන්නඩ, සහ නාගරී අක්ෂරවලින් සටහන් කොට තිබේ.[11]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Howes, Jennifer (1 January 1998). The Courts of Pre-colonial South India: Material Culture and Kingship. Psychology Press. p. 28. ISBN 07-0071-585-1.
- ^ a b Rao, Velcheru Narayana; Shulman, David; Subrahmanyam, Sanjay (1998). Symbols of substance : court and state in Nayaka period Tamil Nadu. Oxford University Press. p. 10.
Originally part of the great Telugu migrations southward into the Tamil country in the 15th and 16th centuries, the Balija merchant- warriors reveal the rise of hitherto marginal, and only recently politicized.. These mobile, aggressive, land-hungry, Telugu-speaking warriors....helped to build the Nāyaka state-system and to impregnate it with their particular cultural vision; strong surviving traditions; supported by contemporary evidence, assert Balija origins and / or marital connections for the major Nāyaka dynasties in the Tamil country quite apart from the well-known Balija role in restructuring the revenue systems of Nāyaka Tanjavur and Madurai
- ^ Religion in Vijayanagara Empire, by Konduri Sarojini Devi, p.100 mentions: "Granting that Acyuta conferred on Visvanatha the kingship of the Pandya Mandalam as Father Heras believes, it is possible that Visvanatha changed his faith to Vaishnavism to suit the exigencies. According to the Kaifiyat of the Karnata Kotikam Kings, "Acyutadeva Maharaya formally crowned Visvanatha Nayadu of the Garikepati family of the Balija caste as the King of Pandya country yielding a revenue of 2 and 1/2 crores of varahas..
- ^ Irschick, Eugene F. Politics and Social Conflict in South India, p. 8: "The successors of the Vijayanagar empire, the Nayaks of Madura and Tanjore, were Balija Naidus."
- ^ Bayly, Susan (2004). Saints, Goddesses and Kings: Muslims and Christians in South Indian Society, 1700–1900 (Reprinted ed.). Cambridge University Press. p. 48. ISBN 978-0-52189-103-5.
- ^ History&Description of Sri Meenakshi Temple, by T. G. S. Balaram Iyer, T. R. Rajagopalan
- ^ Gordon Johnson, John F. Richards, Christopher Alan Bayly (1987). https://books.google.com/books?id=aHcfv6zkJgQC. Cambridge University Press. ISBN 9780521563215.
{{cite book}}
: External link in
(help)CS1 maint: multiple names: authors list (link)|title=
- ^ History of Tirumala Nayaka, by K.Rajaram, p.27-31
- ^ History of Tamilnad, Volume 2, by N. Subrahmanian, p.282.
- ^ Trawick, Margaret (2007). Enemy lines: childhood, warfare, and play in Batticaloa. University of California Press. p. 40. ISBN 978-0-52093-887-8.
- ^ "The Hindu : Crafted coins". The Hindu. India. සම්ප්‍රවේශය 14 June 2008.
බාහිර සබැඳි
[සංස්කරණය]- Images of Nayak kings සංරක්ෂණය කළ පිටපත 2008-01-29 at the Wayback Machine
- The Hindu : Crafted coins
- Namma Madurai: From Vedas to military strategies – The Hindu
- Images of Nayak kings found in Sri Nellaiyappar Temple – TAMIL NADU – The Hindu
- Thirumalai Nayak period inscription found at temple – The Hindu
- "Madurai City Chronicles : Unique in its own way". The Hindu. Chennai, India. 4 August 2007. 7 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 June 2008.
- "Vanishing wall paintings". The Hindu. India. 16 September 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 June 2008.