Jump to content

කෝට්ටේ රාජධානිය

විකිපීඩියා වෙතින්
කෝට්ටේ රාජධානිය

ලංකාව
1412–1597
කෝට්ටේ රාජධානිය හී කොඩිය
කොඩිය
අගනුවරකෝට්ටේ
පොදු භාෂාවන්සිංහල
රජයරාජාණ්ඩුව
කෝට්ටේ රාජධානිය 
• 1412-1467
හයවන පරාක්‍රමබාහු රජ (පළමු)
• 1508-1528
නවවන ධර්ම පරාක්‍රමබාහු රජ (කැළණියෙහි)
• 1551-1597
ධර්මපාල රජ (අවසන්)
ඉතිහාසය 
• සමස්ත ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම
1412
• අහෝසි කළේ
1597
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
රයිගම රාජධානිය
පෘතුගීසි ලංකාව
සීතාවක රාජධානිය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (වර්තමාන කොළඹට ම���ක් බැහැරින් පිහිටි) කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය (ඉංග්‍රීසි: Kingdom of Kotte) යනු, 15වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ සමෘධිමත්ව වැජඹුනු රාජධානියකි. එහි රජු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජු විය.

කෝට්ටේ කටු සිතියම

ශබ්දනිෂ්පත්තිය

සිංහල භාෂාවෙන් කෝට්ටේ යන පදයෙහි අරුත (බල)කොටුව යන්නයි. එබැවින් මෙයින් හැඳින්වෙන්නේ අලකේශ්වර විසින් තැනුනු බලකොටුව බව පිළිගැනෙයි.

ස්ථාපනය

බටහිර වෙරළ තීරය ඔස්සේ එල්ල වුනු උතුරු ආක්‍රමණකාරීන්ගේ ප්‍රහාරයන් නිෂ්ක්‍රීය කිරීමට තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයෙහිදී ගම්පොළ රාජධානියෙහි අමාත්‍ය අලකේශ්වර (1370–1385) විසින් ස්ථාපිත මෙම බලකොටුව, පසුකාලීනව, එනම් 1412දී සයවන පරාක්‍රමබාහු රජු විසින් ඔහුගේ අගනගරය බවට තෝරා ගන්නා ලදි. ප්‍රදේශය වටකොට ඇති මහත් වගුරු බිම නිසාවෙන් එය ඉතා හොඳින් ආරක්ෂිතව පැවතිණි.[1]

ආශ්‍රිත

  1. ^ "ද කෝට්ටේ කිංඩම් ඩිනස්ටි ඇන්ඩ් ඉට්ස් පෝචුගීස් ඇලයිස්". හම්ප්‍රි කොඩ්රිංටන්. සම්ප්‍රවේශය 2008-01-03.

බාහිර බැඳි

"https://si.wikipedia.org/w/index.php?title=කෝට්ටේ_රාජධානිය&oldid=485985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි