චතුර්භූජ් දේවාලය (ඛජුරාහෝ)
චතුර්භූජ් දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
චතුර්භූජ් දේවාලය (දේවනගරි: चतुर्भुज मंदिर) යනු විෂ්ණු දෙවියන්ට පුදකළ දෙවොලකි.[1] චතුර්භූජ් (දේවනගරි: चतुर्भुज) යන වදන නිර්මාණය වී ඇත්තේ සංස්කෘත වදන් වන चतु: = සතර සහ भुजा = බාහු යන වදන් සංයුක්ත වීමෙනි. මෙහි සාහිත්‍යමය අර්ථය බාහු සතරක් ඇත්තා යන්න වන අතර එමගින් විෂ්ණු දෙවියන් අදහස් කෙරේ.
මෙම දේවාලය ක්‍රි.ව. 1100ට පමණ දින නිර්ණය කළ හැක.[1] මෙම දේවාලය එය පිහිටි ජටාකාරි[1] (දේවනගරි: जटकारी) ගම්මානය හේතුවෙන් ජටාකාරි[1] (දේවනගරි:जटकारी) දේවාලය ලෙස ද හඳුන්වයි.
මෙම දේවාලය ඛජුරාහෝවේ ශෘංගාරාත්මක ප්‍රතිමා දක්නට නොලැබෙන එකම දේවාලයයි.[1]
චන්දේල රාජවංශයේ යසෝවර්මන් විසින් මෙම දෙවොල ඛජුරාහෝවේ ඉදිකරන ලදී. මෙම දේවාලයේ විෂ්ණු ප්‍රතිමාවක් තැන්පත් කොට ඇත.[2]:22
පිහිටීම
[සංස්කරණය]මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ ජටාකාරා ගම්මානය අසල ය.[1] මෙම ගම්මානය හේතුවෙන් දේවාලය ජටාකාරි දේවාලය ලෙස ද හඳුන්වයි.[1]
ඛජුරාහෝවේ දකුණුදිග පෙදෙසේ පිහිටි බැවින් මෙම දේවාලය දක්ෂිණ දේවාල සමූහය යටතට වර්ග කොට ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]මෙම දේවාලය සක්මන් මළුවක් නොමැති ගර්භගෘහයක්, අන්තරාලයක්,[1] මණ්ඩපයක්[1] සහ ප්‍රවේශ ද්වාර මණ්ඩපයකින් සමන්විත ය.[1] දෙවොල “චබුතාරා” ආකාරයේ මණ්ඩපයක් මත ගොඩනගා ඇත.
බිත්ති වටා ප්‍රතිමාවලින් යුත් කැටයම් තීරු තුනක් දැකගත හැක.[1] (පිටත බිත්තියේ පින්තූරය බලන්න)
ප්‍රධාන දේව ප්‍රතිමාව
[සංස්කරණය]දෙවොලේ ඇති ප්‍රධාන දේව ප්‍රතිමාව අත් සතරක් ඇති විෂ්ණු ප්‍රතිමාවකි. (රූපය බලන්න) එය මීට 2.7ක් උසැති ය.[1] මෙම ප්‍රතිමාව විෂ්ණු දෙවියන්ගේ ප්‍රියතම දිශාව වන දකුණු දිශාවට මුහුණලා ඇති, මෙවැනි ආකාරයේ දකුණට මුහුණලා ඇති සැලසුමක් කාම්බෝජයේ අංකෝර් වට්හි දැකගත හැක.
ගැලරිය
[සංස්කරණය]-
චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
-
ප්‍රධාන දේව ප්‍රතිමාව (විෂ්ණු), චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
-
පියස්ස, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
-
ගංගා-යමුනා ප්‍රතිමාව, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
-
ගංගා-යමුනා ප්‍රතිමාව, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
-
පිටත බිත්තිය, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
-
පිටත බිත්තියේ ඇති ශිව ප්‍රතිමාවක්; චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c d e f g h i j k l m n o p "Archaeological Survey of India (ASI) - Chaturbhuj Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{cite web}}
:|first=
missing|last=
(help) - ^ Sen, S.N., 2013, A Textbook of Medieval Indian History, Delhi: Primus Books, ISBN 9789380607344
බාහිර සබැඳි
[සංස්කරණය]- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාර සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ