Jump to content

මහර්බල්

විකිපීඩියා වෙතින්
02:38, 17 අප්‍රේල් 2016 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (සංස්කරණය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

මහර්බල් (වැජඹුනු කාලය ක්‍රිපූ 2වන සියවස) යනු, දෙවන පියුනික් යුද්ධයේදී හැනිබල්ගේ අශ්වාරෝහක හමුදා සෙන්පතියා විය. රෝමයට එරෙහිව කාර්තේජ පාර්ශවයේ ජයග්‍රහණයට ඔහු බොහෝ විට තීරණාත්මක ලෙසින් වැදගත් විය. ඔහුගේ ඉතාලියානු මෙහෙයුම පුරාවටම, අශ්වාරෝහක සොල්දාදුවන් භාවිතයෙන් වාසිදායක තත්ත්වයක් පවත්වා ගෙන යෑමට හැනිබල් සමත්වූ අතර, එබැවින්ම සැලකිය යුතු පිට වාසියක් අත්පත් කර ගැනුමට ඔවුන් මත සහ මහර්බල් මත යෑපීමට හැනිබල්ට සිදු විය.

මහර්බල් මහත් ජනප්‍රිය වන්නේ [a] කැනායි සටන කෙළවරවූ විගසින් හැනිබාල් සමග ඇතිවූ සංවාදයකදී කී ලෙසින් පැවසෙන දෙයක් සම්බන්ධයෙනි.සංවාදයෙහි අවසන් වාක්‍යය සඳහා පසිඳු ලතින් භාෂා වාක්‍යය වන්නේ: "වින්ටෙරා ස්කිස්, හන්නිබාල්; වික්ටෝරියා ඌති නෙස්කිස්."

හමුදාමය මස්තකප්‍රාප්තීන්

[සංස්කරණය]

හිමිල්කෝගේ පුතු වන මහර්බල්, බොහෝවිට බර්බර් නමක් සහිත පියුනික් කාර්තජේනියානුවෙක් විය හැකි අතර, ඔහු පිළිබඳ කිසිවක් නොදන්නා මුත් ඔහුගේ බර්බර් නම නිසාද කාර්තේජයේ බහුතරයක් නියුමිඩියානුවන් (බර්බර්වරුන්) වෙතින් සමන්විත වූ හෙයින්ද ඔහු බොහෝ විට බර්බර්වරයෙක් වන්නට ඇත. සගන්ටම් (ක්‍රිපූ 219) වැටලීමේදී, ආඥාපති හැනිබල් නොසිටි බැවින්, එසේ වැටලීමට සහභාගීවූ හමුදාවට ආඥාදායකත්වය සැපයූ ලෙසින් ඔහු පිළිබඳව මුලින්ම සඳහන් වෙයි. ලිවී ප්‍රකාර, ඔහු විසින් අතිශයින් ප්‍රාණවත් බවකින් මෙහෙයුම් සිදු කල බැවින්, හැනිබල් නොසිටීම නොදැනුනු තරම් විය. හැනිබල් ඉතාලියට පැමිණි පසුව, අශ්වාරෝහක හමුදා ඛණ්ඩයක් සමගින් (බොහෝවිට හැනිබල්ගේ ස්පාඤ්ඤ මිත්‍ර පාක්ෂිකයන්) වෙන්කෙරුණු ඔහු, උතුරු ඉතාලියෙහි පෝ අසබඩ තැනිතලා ප්‍රදේශය විනාශ කර දැමීමට යෙදවිණි. පසිඳු පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ කොන්සල්වරයා දරුණු තුවාල ලැබූ සහ ඔහුගේ පුත්‍රයා රෝමානු ඉතිහාසයේ පළමු වරට පෙනීසිටි, ටීකීනුස් (ක්‍රිපූ 218) සඳහා වූ සටනෙහිදී ඔහුගේ ආඥාපතියා සමග එක්ව සටන් කරන ලෙසින් ඔහු නැවත කැඳවිණි.

ත්‍රසිමේන් විල සටන (ක්‍රිපූ 217)

[සංස්කරණය]

ත්‍රසිමේන්හිදී, සටනෙන් බේරීගිය රෝමානුවන් 6000 විසින් සමන්විත සේනාවක් අසබඩ ගම්මානයන් අතුරින් එකක ප්‍රබල ආරක්ෂක තත්ත්වයක පසුවූහ. මහර්බල් විසින් සුරක්ෂිතභාවය පිළිබඳව ඉදිරිපත් කෙරුණු සහතිකයක් මත, මෙම මරණයෙන් ගැලවුනු පිරිස ඔවුන්ගේ ආයුධ බිම තැබූහ. කෙසේවෙතත්, මෙම කොන්දේසි සහිත යටත්වීම අපරානුමත කිරීම හැනිබල් විසින් ප්‍රතික්ෂේප කෙරුණේ, මහර්බල් විසින් ඔහුගේ බලාධිකාරිය ඉක්මවා කටයුතු කල බවට දෝෂාරෝපණය කරමිනි. ඉතාලියානු මිත්‍ර පාක්ෂිකයන්ට අයත් සියළුම දෙන වන්දි නොමැතිව අත්හළ ඔහු, යුද්ධ සිරකරුවන් වශයෙන් රඳවා ගත්තේ රෝමානු පුරවැසියන් පමණි.[2] මහර්බල් අශ්වාරෝහක හමුදා ආඥාපතියෙකු වුවද, සටනින් දිවි ගලවා ගෙන සිටි රෝමානුවන් වැටලීම සඳහා අයිබේරියානු සුළු භටයන් සහ පාබළ හමුදා සඳහා නායකත්වය සැපයීය.

ඔහුගේ සහ-කොන්සල්වර ෆ්ලාමිනියුස් සමග සේනා සම්බන්ධයකට පැමිණෙමින් සිටි කොන්සල්වර ග්නායුස් සර්විලියුස් ජෙමිනුස් විසින්, ගයියුස් සෙන්ටිනියුස් ප්‍රීටරවරයාගේ නායකත්වය යටතේ ඔහුගේ අශ්වාරෝහක හමුදාව කලින් එවීය. ත්‍රසිමේන් සටනෙන් පසුව, (හෙල්ල හේවා��න් සහ අශ්වාරෝහකයන් අනුඛණ්ඩයකට නායකත්වය සපයන) මහර්බල් විසින් සෙන්ටිනියුස් සහ 4000 වූ ඔහුගේ අශ්වාරෝහක හමුදාව අතරමගදී සාර්ථකව අල්වා ගත්තේය. මහර්බල්ගේ සේනාව සෙන්ටිනියුස් හා ගැටුනු විට, රෝමානුවන්ගෙන් අඩක් නැසුනු අතර ඉතිරි අඩ පසු බැස්සෝය. දිවි ගලවාගත් රෝමානු අශ්වාරෝහකයන් පසුපස කඳු මුදුනක් දක්වා හඹා ගිය අතර, අත්‍යන්තයේදී ඔවුහු එහිදී යටත් වූහ.[3]

මෙම සටනෙන් පසුව, ධනවත් ෆලේරිනියානු තැනිතලා කොල්ලකෑමට නියුමීඩියානු අශ්වාරෝහක හමුදාවක් සමගින් මහර්බල් යැවුනු බවක් පෙනෙයි.

කැනායි සටන (ක්‍රිපූ 216)

[සංස්කරණය]

මෙම පසිඳු සටනෙහිදී මහර්බල්ගේ භූමිකාව පැහැදිලි නැත. ඔහු එහි සිටීම හෝ නොසිටීම අතර, රෝමානු ඉතිහාසඥයෝ බෙදී තර්ක කරන අතර, ඔවුනතරින් වඩාත් විශ්වසනීය පොලිබියුස් විසින් ඔහු එහි සිටීම කිසි ලෙසකින් දක්වන්නේ නැත.[b] ලිවී ප්‍රකාර, කැනායි සටනෙහිදී කාර්තජේනියානු යුද්ධ හමුදාවෙහි දකුණු පාර්ශවය සඳහා ආඥාපතිත්වය සැපයූවේ මහර්බල් විසිනි. මෙයට හාත්පසින්ම විරුද්ධ අදහසක් පල කරන අපියන් පවසන්නේ, මෙම අවස්ථාවෙහිදී අමතර අශ්වාරෝහක බල ඇණිය සඳහා ආඥාපතිත්වය ඔහු වෙත පැනවුණු බවයි.

ලිවී විසින් කියා දක්වන්නේ ජයග්‍රහණයෙන් පසුව නොපමාව ඔහුගේ අශ්වාරෝහක හමුදාව සමග රෝමය වෙත ප්‍රහාරය එල්ල කරන ලෙස මහර්බල් විසින් හැනිබල්ගෙන් ඉල්ලා සිටි බවත්, ඔහු එසේ කල හොත් දින පහක් ඇතුළත ඔහු කැපිටෝල් නම් මන්දිරය තුල රාත්‍රි භොජනය වළඳින බවට සහතික කල හැකි බවත්ය. ඔහුගේ ආඥාපතියා විසින් මෙය ප්‍රතික්ෂේප කල විට, හැනිබල් විසින් ජයග්‍රහණ අත්පත් ගැනීමට සමත් වුවද, ඒවා භාවිතා කිරීමට නොදන්නා බවට මහර්බල් විසින් ප්‍රකාශ කල බවට වාර්තා වෙයි. [4] කෙසේවෙතත්, විලියම් ස්මිත් හා සමකාලිනයන් විසින් සැලකුවාට වඩා හැනිබල්ගේ තීරණය වඩාත් සාධාරණ බවට නූතන ඉතිහාසඥයින් තීරණය කරති. ඔවුන් ගෙන හැර දක්වන්නේ, හැනිබල්ගේ යුද්ධ හමුදාව විඩාවට පත්ව සිටි බවත්, රෝමය විසින් නව හමුදා ඛණ්ඩ පිළියෙල කර ගැනීමට අවකාශ තිබූ බවත්, රෝමය සුරක්ෂිත කිරීමට ප්‍රබල ප්‍රාකාර තිබූ බවත්, හැනිබල් සතුව වටලා පහරදීමේ යන්ත්‍ර නොතිබූ බවත්ය. [5]

කැනායි සටනෙන් පසුව

[සංස්කරණය]

කසිලිනුම් සටනෙන් පසුව,[6] මහර්බල්ට සිදුවූ දෙය නොදනියි. කැරළිගැසූ කිසියම් ගෝත්‍රයකට එරෙහිව කාර්තජේනියානුවන් විසින් මෙම නම සහිත පුද්ගලයෙක් යෙදවූ බවට ෆ්‍රොන්ටියුස් [7] විසින් සඳහන් කරයි. කෙසේවෙතත්, ඒ පුද්ගලයා හැනිබල්ගේ අශ්වාරෝහක හමුදා සෙන්පතියාවූ මහර්බල්ම දැයි පැහැදිලි නැත. කසිලිනුම් වැටලීම සිදු කල කාලසීමාවෙහිදී එයට මදක් පසුව හෝ ඔහු මිය යන්නට ඇත.

පුස්තක නාමාවලිය

[සංස්කරණය]
  • ස්මිත්, විලියම් (1849). ඩික්ෂනරි ඔෆ් ග්‍රීක් ඇන්ඩ් රෝමන් බයෝග්‍රෆි ඇන්ඩ් මිතලජි. Vol. 2. සී. සී. ලිට්ල් සහ ජේ. බ්‍රවුන්; [ආදි., ආදි. වශයෙන් ]. p. 905. LCCN 07038839.
  • ලැසන්බයි, ජේ.එෆ්. (1998). හැනිබල්ස් වෝ. ඔක්ලහාමා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 64–6, 85. ISBN 0-8061-3004-0.


සටහන්

[සංස්කරණය]
  1. ^ ලිවීගේ කුප්‍රසිද්ධ ලෙසින් දූෂිත සහ එබැවින් අවිශ්වස්‍ය අත්පිටපතක් ඇසුරෙන් මෙම කතාන්තරය ව්‍යුත්පන්නව ඇති බව ඉතා මෑතකදී ප්‍රාඥයින් විසින් පෙන්වා දෙමින් පවසන්නේ, රෝමය වෙත විගස හමුදා බලකාය ගෙනයෑමක් හැකි විය හැකි පරිද්දෙන් කැනායි සමීපයක පිහිටා නොතිබූ බවත්, හැනිබල්ගේ හමුදාව අතිශයින් වෙහෙසට පත්ව සිටි බැවින් ප්‍රතිසාධනය (සහ යළිසැපයුම්) අවශ්‍යව සිටි බවත් සහ, මහර්බල් පවා එවිට එහි නොසිටිය හැකි වූ බවත්ය. කැනායි පිළිබඳව ලිවීගේ තොරතුරු පවා ප්‍රශ්නකාරී වී ඇත; අනෙකුත් දේ අතර, ගයියුස් ටෙරෙන්ටියුස් වර්රෝ කොන්සල්වරයාගේ කලබල සහිත කල්ක්‍රියාව විසින් රෝමානු පරාජයට පංගුකාර වූ බව ඔහු සඳහන් කරතත්, අභ්‍යන්තර සාක්ෂි (ලිවී වෙතින්ම) දක්වන්නේ රෝමයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සහ ජනතාව විසින් පරාජය සඳහා වගකීම වර්රෝ වෙත පැවරීමක් සිදු නොකල බවත්, බොහෝ විට ආඥාදායකත්වය සැපයුවේ ලූකියුස් අයිමීලියුස් පවුලුස් විසින් බවත්ය. කෙටියෙන් පවසතොත්, ඔහුගේ ඉතිහාස ලියැවිලි වලදී වංශවත් සහ සෙනෙට් සභික පාර්ශවයන් වෙත පක්ෂපාතී බවක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් ලිවී කුප්‍රකට වූ බැවින්, ඔහු සම්පූර්ණයෙන් විශ්වසනීය මූලාශ්‍රයක් නොවීය.[1]
  2. ^ පොලිබියුස්ගේ මෙම නොදැක්වීම බොහෝවිට වඩාත් වැදගත් වන්නේ, කැනායිහී දිවි ගලවාගත් අයවළුන් හා වඩාත් සම වයසෙහි සිටි තැනැත්තා ඔහු බැවින්ද, කැනායිහීදි මිය ගිය කොන්සල්වරුන්ගේ එක් අයෙකු වූ ලූකියුස් අයිමීලියුස් පවුලුස්ගේ ගේ මුණුපුරා වූ ස්කීපියෝ අමිලියානුස්ගේ සමීප මිතුරෙකු වූ හෙයින්ද වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ඕයෝස්, ඩෙක්ස්ටර් (2000). "මහර්බල්ස් බු මූ: ඔතන්ටිසිටි ඇන්ඩ් සර්වයිවල්". ද ක්ලැසිකල් ක්වාර්ටලි. නිව් සීරීස්. 50 (2): 610–614. doi:10.1093/cq/50.2.610-a. JSTOR 1558919. {{cite journal}}: |access-date= requires |url= (help)
  2. ^ Polyb. iii. 84, 85; Liv. xxii. 6, 7; Appian, Annib. 10.
  3. ^ Polyb. iii. 86; Liv. xxii. 8; Appian, Annib. 11.
  4. ^ Liv. xxii. 13, 46, 51; Appian, Annib. 20, 21; Floras, ii. 5; Zonar. ix. 1; Cato ap. Gell. x. 24; Plutarch, Fab. 17, විසින් මෙය බාර්කා නමැති වෙනත් කාර්තජේනියානුවෙකු විසින් මෙම උපදෙස් දුන් බවට සාවද්‍ය ලෙසින් දක්වයි.
  5. ^ හාන්, අයිරීන් බී. (2006-06-26). "දි ආෆ්ටර්මෑත් ඔෆ් කැනායි: වයි ඩිඩ් හැනිබල් නොට් ගෝ ෆො රෝම්?". රෝමන් හිස්ට්‍රි බුක්ස් ඇන්ඩ් මෝ. සම්ප්‍රවේශය 2013-05-26.
  6. ^ Liv. xxiii. 18
  7. ^ Strateg. ii. 5. § 12

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මහර්බල්&oldid=362974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි