Jump to content

ඕස්ට්‍රේලියානු තුන්කොන්-තරගාවලිය

විකිපීඩියා වෙතින්
16:17, 5 පෙබරවාරි 2012 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ඕස්ට්‍රේලියානු තුන්කොන්-තරගාවලිය
"කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලිය"
කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලියේ ලාංඡනය
පරිපාලකක්‍රිකට් ඕස්ට්‍රේලියා
ආකෘතියඑක් දින ජාක්‍යන්තරය
පළමු තරගාවලිය1979-80
අවසාන තරගාවලිය2007–08
තරගාවලි ආකෘතියතුන්කොන් රවුන්ඩ් රොබින් තරග මාලාව සහ ඊට පසු
තරග තුනකින් හොඳම එක අනුව තීරණය වන අවසන් තරග මාලාව
කණ්ඩායම් ගණන ඕස්ට්‍රේලියාව
 එංගලන්තය
 බටහිර ඉන්දීය කොදෙව්
 ඉන්දියාව
 පකිස්තානය
 නවසීලන්තය
 ශ්‍රී ලංකාව
 දකුණු අප්‍රිකාව
 සිම්බාබ්වේ
වත්මන් ශූරයා ඉන්දියාව
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (18)

ඕස්ට්‍රේලියානු තුන්කොන්-තරගාවලිය යනු සෑම ගිම්හාන කාලයකදීම ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන හා ඕස්ට්‍රේලියානු සහ සංචාරක කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තරයl (එදිජා) ක්‍රිකට් තරගාවලියකි. මෙම තරගාවලිය ක්‍රීඩා කෙරෙනුයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරග වාරයේ උච්චතම සමයෙහි, දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන ගිම්හාන මාසයන්හිදීය. ඕස්ට්‍රේලියාවේ එදිජා ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ කොටසක ජාත්‍යන්තර එක්-දින ක්‍රිකට් සඳහා ප්‍රාථමික ආකෘතිය බවට මෙම තරගාවලිය පත් වී ඇත.

තුන් කොන්-තරගාවලිය පළමුවෙන් පැවැත්වුනේ 1979-80 දී වන අතර 2007-08 දක්වා සෑම තරග වාරයකදීම පැවැත්වෙන ලදි. 2008-09 සිට 2010-11 අතරතුර කාලයේදී තුන් කොන්-තරගාවලියේ පැවැත්වීමේ ආකෘතියෙහි හිඩැසක් වූ අතර, මෙම කාලයෙහිදී ඕස්ට්‍රේලියාව විසින් වෙනස් වූ සංචාරක කණ්ඩායම් දෙකක් හා සමග එදිජා තරගයන් ක්‍රීඩා කල නමුත්, එම තරග වෙනස්වූ තරගාවලියන් සඳහා විය. තුන් කොන්-තරගාවලිය නැවත වරක් 2011-12 දී ක්‍රීඩා කිරීමට නියමිතය.[1]

ඉතිහාසය

[සංස්කරණය]

තුන් කොන්-තරගාවලිය නම් තුන්-කණ්ඩායම් ජාත්‍යන්තර තරග මාලා සංකල්පයේ සම්භවය කෙරී පැකර් විසින් අනුග්‍රහය දැක්වූ වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් වැඩ සටහන සමග ඇති විය. එදිජා ක්‍රිකට් සඳහා පැවැති යැයි ඔහු පැවැසූ මහත් මහජන උනන්දුවෙන් ප්‍රයෝජන ගැනීමට පැකර් මහත් උනන්දුවක් දැක්වූ අතර, 1977-78 හා 1978-79 තරග වාරයන් තුලදී ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, සහ ලෝක කණ්ඩායම් අතර දිගු තුන් කොන් තරග මාලා පැවැත්වීය. මෙම තරගමාලා වෙත කිසිවිටෙක එක් දින ජාත්‍යන්තර හෝ ලැයිස්තු ඒ තත්ත්වයන් ප්‍රදානය නොකෙරිණි.

1979-80 දී වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් විමතනය නිමා වුවද, තුන් කොන්-තරග මාලා ආකෘතිය අත්නොහැර රඳවා තබාගන්නා ලදි.

සටහන් හා ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ [1] ක්‍රික්ඉන්ෆෝ, URL සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2011