පොළොන්නරු යුගය
Appearance
(රජරට රාජධානියේ පොළොන්නරු යුගය වෙතින් යළි-යොමු කරන ලදි)
රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.නිශ්ශංක රජුන්ගේ කාර්යය නිසා පොලොන්නරුව නගරය බිඳ වැටිනි.
ආරම්භය
[සංස්කරණය]මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.