දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021-22
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018 | |||||
ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකානු | ||||
දින වකවානුව | 2021 සැප්තැම්බර් 2 – 2021 සැප්තැම්බර් 14 | ||||
නායකයන් | දසුන් ශානක (එදිජා සහ වි20ජා) | ටෙම්බ බවුම (1වන එදිජා)
කේෂව් මහාරාජ් (2,3 එදිජා සහ වි20ජා) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | චරිත් අසලංක (196) | ජනමන් මාලන් (162) | |||
වැඩිම කඩුළු | දුෂ්මන්ත චමීර (4) වනිඳු හසරංග (4) |
ටබ්‍රයිස් ෂම්සි (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | චරිත් අසලංක | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | දිනේෂ් චන්දිමාල් (71) | ක්වින්ටන් ඩි කොක් (153) | |||
වැඩිම කඩුළු | වනිඳු හසරංග (3) | ජෝර්න් ෆෝටූයින් (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ක්වින්ටන් ඩි කොක් |
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම 2021 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ජාත්‍යන්තර එක්දින (එදිජා) තරග තුනකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2] එදිජා තරඟමාලාව 2020-2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් විය.[3][4]
මෙම සංචාරය මුලින් සැලසුම් කර තිබුණේ 2020 ජූනි මාසයේදී වන නමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාරය සැක සහිත වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් වැඩබලන අධ්‍යක්ෂ ග්‍රේම් ස්මිත් ප්‍රකාශ කළේ කණ්ඩායම්වලට ඕනෑ තරම් පුහුණු කිරීමට කාලය අවශ්‍ය වනු ඇති බවයි.[5] 2020 අප්‍රේල් 20 වන දින, වසංගතය හේතුවෙන් සංචාරය කල් දැමූ බව ක්‍රිකට් මණ්ඩල දෙකම තහවුරු කළේය.[6][7] 2020 කැරිබියන් ප්‍රිමියර් ලීගය සහ 2020 ඉන්දීය ප්‍රිමියර් ලීගය සමඟ කාලසටහන්ගත කිරීමේ ගැටුම් හේතුවෙන් සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමූ බව 2020 අගෝස්තු 1 වන දින ග්‍රේම් ස්මිත් තහවුරු කළේය.[8]
2021 ජුලි 30 වන දින දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය තහවුරු කරන ලද අතර, සියලුම තරඟ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ජෛව ආරක්ෂිත බුබුලක සිදු විය.[9][10] පළමු එක්දින තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය[11] අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල වූ දෙවැනි එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ තරගමාලාව සම කරමිනි.[12] තෙවැනි එක්දින තරගය ලකුණු 78කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය.[13] පළමු වි20ජා තරග දෙක ජයගත් දකුණු අප්‍රිකාව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය.[14] දකුණු අප්‍රිකාව තෙවැනි සහ ��වසන් වි20ජා තරගය කඩුලු දහයකින් ජය ගනිමින් තරගමාලාව 3-0ක් ලෙස ජය ගත්තේය.[15]
සංචිත
[සංස්කරණය]ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | |
---|---|---|
එදිජා සහ වි20ජා[16] | එදිජා[17] | වි20ජා[18] |
|
|
|
2021 අගෝස්තු 22 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙම සංචාරය සඳහා 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කරන ලදී.[19] ඒ දසුන් ශානක නායකත්වය රඳවා ගැනීමත් සමඟයි.[20] එක්දින සහ විස්සයි20 තරග සඳහා ශ්‍රී ලංකා සංචිත වෙන වෙනම නම් කර නැත. ඒ වෙනුවට සංචාරය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ සංචිතයක් නම් කිරීමට තීරණය කළේය.[21]
දකුණු අප්‍රිකාවේ එක්දින සංචිතයෙන් ජූනියර් ඩලා ඉවත් කරන ලද්දේ ධනාත්මක කොවිඩ්-19 පරීක්ෂණයකින් පසුවය. ඔහු වෙනුවට ලූතෝ සිපම්ලා නම් කරන ලදී.[22] දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තරගමාලාවෙන් ඉවතට ගියේ පළමු එක්දින තරගයේදී මාපටැඟිල්ල කැඩී යාමෙන් පසුවය.[23] දෙවන සහ තුන්වන එක්දින තරඟ සඳහා දකුණු අප්‍රිකාවේ නායකයා ලෙස කේෂව් මහාරාජ් නම් කර තිබෙනවා.[24]
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: ශ්‍රී ලංකාව 10, දකුණු අප්‍රිකාව 0.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඕවර 41 කදී ලකුණු 265 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
- ජෝර්ජ් ලින්ඩේ ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.
- කේෂව් මහාරාජ් දකුණු අප්‍රිකාව සදහා පළමු වරට එක්දින තරගයකදී නායකත්වය ලබා දෙන ලදී.[25]
- ටබ්‍රයිස් ෂම්සි ඔහුගේ තරගයක පළමු එක්දින කඩුලු 5 දවා ගැනීම.[26]
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: දකුණු අප්‍රිකාව 10, ශ්‍රී ලංකාව 0.
3 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මහීෂ් තීක්ෂණ ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළ අතර එදිජා තරගවල ඔහුගේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගත්තේය.[27]
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: ශ්‍රී ලංකාව 10, දකුණු අප්‍රිකාව 0.
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මහීෂ් තීක්ෂණ සහ කේෂව් මහාරාජ් දෙදෙනාම ඔවුන්ගේ වි20ජා මංගල තරගය ක්‍රීඩා කළහ.
- කේෂව් මහාරාජ් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු වරට වි20ජා තරගයකට නායකත්වය ලබා දුන්නේය,[28] සහ වි20ජා තරග වල ඔහුගේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගත්තේය.[29]
2 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රවීන් ජයවික්‍රම ඔහුගේ මංගල වි20ජා තරගයට ක්‍රීඩා කළේය.
3 වන වි20ජා තරගය
[සංස්කරණය]යොමු කිරීම්
[සංස්කරණය]- ^ "South Africa tour of Sri Lanka schedule released". The Papare. සම්ප්‍රවේශය 30 July 2021.
- ^ "South Africa to tour Sri Lanka for three ODIs and T20Is each in September". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 July 2021.
- ^ "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- ^ "South Africa tour of Sri Lanka 2020 likely to be postponed". The Papare. සම්ප්‍රවේශය 3 April 2020.
- ^ "South Africa's June tour of Sri Lanka postponed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 April 2020.
- ^ "CSA and SLC jointly announce postponement of Proteas Tour to Sri Lanka". Cricket South Africa. සම්ප්‍රවේශය 20 April 2020.
- ^ "South Africa's tours of West Indies and Sri Lanka postponed indefinitely". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2020.
- ^ @OfficialCSA (30 July 2021). "CONFIRMED The #Proteas will travel to Sri Lanka for 3 ODIs and 3 T20Is from 2-14 September. All matches will be played at the Premadasa in Colombo" (Tweet) – via Twitter.
- ^ "South Africa to tour Sri Lanka in Sept for limited-overs series". ANI News. සම්ප්‍රවේශය 30 July 2021.
- ^ "Avishka, Charith star as Sri Lanka hold on to a crucial win". The Papare. සම්ප්‍රවේශය 5 September 2021.
- ^ "Sri Lanka vs South Africa, 2nd ODI: South Africa beat Sri Lanka by 67 runs (D/L method)". Cricket World. සම්ප්‍රවේශය 5 September 2021.
- ^ "Debutant Maheesh Theekshana spins Sri Lanka to series victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 September 2021.
- ^ "Spinners, de Kock lead South Africa to series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 September 2021.
- ^ "Openers demolish Sri Lanka after bowling strangle as South Africa sweep series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 September 2021.
- ^ "Sri Lanka announce 22-man squad for South Africa series". The Papare. සම්ප්‍රවේශය 30 August 2021.
- ^ "Quinton de Kock, David Miller and Lungi Ngidi to miss ODI leg of South Africa's Sri Lanka tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2021.
- ^ "Pretorius returns as Proteas name squads for Sri Lanka white-ball series". International Cricket Council. සම්ප්‍රවේශය 12 August 2021.
- ^ "30-man squad for limited over series against Proteas named". The Papare. සම්ප්‍රවේශය 22 August 2021.
- ^ "Chandimal returns, four rookies called in". Sundy Times (Sri Lanka). සම්ප්‍රවේශය 22 August 2021.
- ^ "Kusal Perera back in limited-overs squads after recovering from Covid-19". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 August 2021.
- ^ "SA bowling coach Charl Langeveldt and seamer Junior Dala to miss SL tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 August 2021.
- ^ "Fractured thumb rules Bavuma out, Maharaj to lead in remainder of ODI series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 September 2021.
- ^ "Bavuma ruled out of remainder of Sri Lanka series". Cricket South Africa. සම්ප්‍රවේශය 4 September 2021.
- ^ "South Africa need a spin intervention against improving Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 September 2021.
- ^ "Malan 121, Shamsi five-for level series for South Africa in rain-hit game". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 September 2021.
- ^ "Proteas' batting collapse hands ODI series victory to Sri Lanka". News24. සම්ප්‍රවේශය 7 September 2021.
- ^ "South Africa, Sri Lanka aim to fine-tune T20 World Cup plans". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 September 2021.
- ^ "Collective effort helps South Africa take 1-0 series lead". International Cricket Council. සම්ප්‍රවේශය 10 September 2021.