මහගොඩයාය සමූලඝාතනය
Appearance
මහගොඩයාය සමූලඝාතනය Mahagodayaya massacre | |
---|---|
ස්ථානය | මහගොඩයාය, ශ්‍රී ලංකාව |
දිනය | 2009 අප්‍රියෙල් 12 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | සමූලඝාතන |
මරණ | 9 (සිංහල පිරිමින්, කාන්තාවන් සහ දරුවන්) |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
මහගොඩයාය සමූලඝාතනය යනු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් 2009 වර්ෂයේදී සිදු කරන ලද තවත් එක් මනුෂ්‍ය සංහාරයකි.
සිදුවීම
මහගොඩයාය යනු මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තලට ආසන්නව පිහිටි කුඩා ගම්මානයකි. 2009 අප්‍රියෙල් 12 වන දින, රාත්‍රී 7.30ට පමණ මෙම ගම්මානයට කඩා වැදුණු එල්ටීටීඊ ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක්, එහි විසූ සිංහල වැසියන් 9 දෙනෙකු ඝාතනය කරන ලදී. මිය ගිය අය අතර මාස 6 ක පමණ ළදර��වෙකු සහ වයස අවුරුදු 11ක කුඩා දරුවෙකුද විය. සිංහල දෙමළ අළුත් අවුරුද්ද උදා වීමට දින දෙකකට පෙරදී මෙම ප්‍රහාරය සිදුවිය.[1][2]
මේවාද බලන්න
මූලාශ්‍ර
- ^ "ටයිගර්ස් මැසක්රෙ 12 සිවිලියන්ස් ඉන් මොණරාගල", theisland.lk. Retrieved on 2009-05-17.
- ^ "නම්බර් කිල්ඩ් ඇට් මහගොඩයාය ඉස් නයින්"[permanent dead link]