කුණ්ඩලිය
෴ විරාම ලක්ෂණය කුණ්ඩලිය නමිවේ. මෙය යෙදෙන්නේ කිසියම් ශබ්දයක් සංකේතවත් කිරීමට නොවන බැවින් සිංහල හෝඩියට අනුව අකුරක්වත් පිල්ලක් වත් නොවේ. වාක්‍යයක් හෝ ඡේදයක් හෝ අවසන් වන බව හඟවනු වස් මෙම කුණ්ඩලිය යෙදෙයි [1]. කුණ්ඩලිය, සිංහල භාෂාවට අනන්‍ය විරාම ලක්ෂණ��කි [තහවුරු කර නොමැත].
ඉතිහාසය
පුරාණ සිංහලයෝ සිය ලේඛණ කටයුතු සිදු කළේ පුස්කොළ පොත් මත පන්හිඳක් මගින් ලිවීමෙනි. පුස්කොළ පොත මත පන්හිඳෙන් ලිවීමේ දී වාක්‍ය දෙකක් වෙන් කිරීමට නැවතීමේ තිතක් තැබුවහොත් පුස්කොළ පොත ඉරී යාමට ඉඩ ඇති නිසා, පුස්කොළ පොතට හානියක් නොවී පහසුවෙන් සලකුණු කළ හැකි කුණ්ඩලිය භාවිතයට පැමිණි බව මේ සම්බන්ධ එක් මතයකි [2] [3].
සිංහල යතුරු පුවරුවෙහි භාවිතය
මෙම සළකුණ පරිගණක ආශ්රයෙන් සකස් කරනු ලබන කිසියම් ලිපියකට අන්තර්ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා නව විජේසේකර යතුරුපුවරුව - සිංහල යුනිකේත ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන තිබිය යුතුය. එහිදී සිංහල භාෂාව තෝරාගෙන යතුරු පුවරුවෙහි දකුණුපස alt යතුර (AltGr) සමඟ නැවතීමේ තිත (' යතුර) එකවිට යෙදිය යුතුය.
නූතන භාවිතය
මෑත කාලීන සිංහල ලේඛණ වල කුණ්ඩලිය බහුලව නොයෙදෙන නමුත් සමහර ස්වාධීන ලේඛකයන් (විශ්ෂෙයෙන්ම බ්ලොග්කරුවන්) විසින් එය යම් අවස්ථා වලදී භාවිත කරනු දැකිය හැක. සමහර කලාත්මක ලේඛනවල දී මාතෘකාවක පෙනුම ඔපවත් කිරීමට එය දෙපසින් කුණ්ඩලිය සලකුණු දෙකක් (විරාම ලකුණක් ලෙස නොව මෝස්තරයක් ලෙස) යොදා භාවිත කරන අයුරුද දැකිය හැකි වේ.
කුණ්ඩලිය භාවිතාකල මෑත කාලීන ලියවිලි අතර 2009 වසරේදී ශ්‍රීලංකා කැබිනට් අනුමැතිය ලද ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය සැලකිය හැක. එම ලියවිල්ලේ සිංහල සංස්කරණයේ පමණක් නොව දෙමළ සහ ඉංග්‍රීසි සංස්කරණ වලද අවසානය කුණ්ඩලියක් මගින් හුවා දක්වාඇත.
යුනිකෝඩ්
පරිගණකයේ භාවිතය සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (ISO) විසින් සම්මත කරන ලද සිංහල හෝඩිය ජාත්‍යන්තර පරිගණක සිංහල හෝඩිය යනුවෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් 1996 දී ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනා පරිදී 1998 දී මෙම හෝඩිය සම්ම්ත වී ඇත.
වසර 2000 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙහි යුනිකෝඩ් එක්තැන්සමිය (The Unicode Consortium) විසින් පළ කරන ලද The Unicode Version 3.0 (යුනිකෝඩ් 3.0 වන වෙළුම) නමැති ප්රකාශනයෙහි 426 පිටුවෙහි මෙම හෝඩිය මුල් වරට ඉදිරිපත් කොට ඇත. එහි අක්ෂර ගණන 61 කි. මෙම සංකේතාවලියෙහි අවසානයට කුණ්ඩලිය නමැති ලකුණ එයි.
බාහිර සබැඳි
- The Unicode Version 3.0 සංරක්ෂණය කළ පිටපත 2010-06-27 at the Wayback Machine (ඉංග්‍රීසි භාෂාවෙන්)
- විරාම ලක්ෂණ සහ විශේෂ අක්ෂර - එකතුව.org[permanent dead link]
- Techona සිංහල බ්ලොග් සින්ඩිය
යොමු සටහන්
- ^ මහාබෝධිවංශ ග්රන්ථ පදය-ප්‍රස්තාවනාව - WIKIBOOKS
- ^ [1] සංරක්ෂණය කළ පිටපත 2011-08-20 at the Wayback Machine, කුණ්ඩලිය භාවිත කළ බව මෙහිද සඳහන්.
- ^ සිංහල යුනිකෝඩ් වංශ කතාව - ලාංකීය සිතුවිලි, පුස්කොළ පොත් ඉරීයාම වැළැක්වීමට කුණ්ඩලිය භාවිත කළ බවට මතයක් මෙහි ඉදිරිපත් වෙයි.