Jump to content

සීනායි අර්ධද්වීපය

විකිපීඩියා වෙතින්
15:53, 1 අගෝස්තු 2023 වන විට Andre Engels (සාකච්ඡාව | දායකත්ව) (merge) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
රටවල දේශසීමා දැක්වෙන සීනායි අර්ධද්වීපයේ සිතියමක්

සීනායි අර්ධද්වීපය හෝ සීනායි (අරාබි: سيناءසීනා) යනු 60,000 වර්ග කිලෝ මීටර (6.5×1011 sq ft) පමණ භූමි වර්ගප්‍රමාණයකින් යුතු ඊජිප්තුවෙහි පිහිටි ත්‍රිකෝණාකාර අර්ධද්වීපයකි. එය පිහිටා ඇත්තේ උතුරින් මධ්‍යධරණී මුහුද සහ දකුණින් රතු මුහුද ඇති පරිදී වන අතර, අප්‍රිකාවේ නොපිහිටමින් ආසියාවේ පිහිටා ඇති එකම ඊජිප්තියානු භූමි ප්‍රදේශය වෙමින් මහාද්වීප දෙක අතර භූමි පාලමක් ලෙසින් ක්‍රියා කරයි. අර්ධද්වීපයෙන් වැඩි කොටසක් පරිපාලනමය වශයෙන් ඊජිප්තුවේ පරිපාලන ප්‍රදේශ 27 අතුරින් දෙකක් අතරෙහි බෙදෙන අතර (තවත් තුනක් සූවස් ඇළ පෙදෙස අතරමැදි කොට පිහිටයි), එහි 500,000 පමණ ජනගහනයක් වෙසෙති. එහි විධිමත් නාමයට අමතරව, ඊජිප්තියානුවෝ "ෆෙයිරූස්ගේ දේශය" ලෙසින් එය සෙනෙහසින් අමතන්නේ, එම අර්ථයම ඇති පුරාතන ඊජිප්තියානු "ඩුමාෆ්කට්" යන්න පදනම් කර ගනිමිනි.

මෙම භූමි ප්‍රදේශය ඓතිහාසික වශයෙන් බොහෝ රාජ්‍යයන් අතර ගැටුම් වලට කේන්ද්‍රස්ථානයක් වූයේ එහි යුද්ධෝපාය-සම්බන්ධී භූදේශපාලනීය පිහිටුම මත බෙහෙවින් පදනම් වෙමිනි. ඊජිප්තියානු රජයන්ගේ සෘජු පාලනය පැවැති කාලසීමාවන්ට අමතරව ( අයූබිඩ්වරුන්, මම්ලූක්වරුන්, මොහම්මඩ් අලි රාජවංශය, සහ නූතන ඊජිප්තියානු ජනරජය ඇතුළුව), ඊජිප්තුවේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම පෙදෙසද, ඔටෝමාන් අධිරාජ්‍යය, හා එක්සත් රාජධානිය (1882 සිට 1956 දක්වා මෙය විසින් ඊජිප්තුව අධිවාසනය කෙරිණි) විසින්ද අධිවාසනය කොට පාලනය කරන ලදි. ඛණ්ඩාංක: 29°30′N 33°50′E / 29.500°N 33.833°E / 29.500; 33.833

"https://si.wikipedia.org/w/index.php?title=සීනායි_අර්ධද්වීපය&oldid=570861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි