වනුෂි වෝල්ටර්ස්
Appearance
වනුෂි සිටාංජලී වෝල්ටර්ස් (උපත අගෝස්තු 1981) නවසීලන්ත නීතීඥවරියක්, දේශපාලනඥයෙක් සහ අපර් හාර්බර් (Upper Harbour) මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන කම්කරු පක්‍ෂයේ නියෝජිත මන්ත්‍රීවරියකි. [1]
මුල් ජීවිතය
වෝල්ටර්ස් උපත ලැබුවේ 1981 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදීය. ඇය ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු වූ සහ කොළඹ ප්‍රථම උපන් නගරාධිපති වූ රත්නසෝති සරවනමුත්තුගේ සහ ලංකාවේ දෙවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන නයිසුම් සරවනමුත්තුගේ මී මුණුබුරු දියණියයි.[3][4] වයස අවුරුදු පහේදී ඇය සිය දෙමාපියන් වන ජන රාජනායගම් සහ ප්‍රීතිවා රාජනායගම් (නී මාතර්) සමඟ නවසීලන්තයට ගියාය.
වෝල්ටර්ස් ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.[2]