Jump to content

සල්මන් ඛාන්

විකිපීඩියා වෙතින්
12:24, 3 ජනවාරි 2021 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 113.59.194.189 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

අබ්දුල් රශිඩ් සලීම් සල්මන් ඛාන් (හින්දි: सलमान ख़ान, උර්දුسلمان خان;; 1965 දෙසැම්බර් 27 උපත ලැබූ) බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පියෙකි.

1988 “බිවි හො තො අඉසි” ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර “මඉනෙ ප්යර් කියා” (1989) චිත්රපටය ඔහුගේ පළමු සාර්ථක චිත්‍රපටය විය. එහි රංගනය වෙනුවෙන් හොඳම රංගනය වෙනුවෙන් හා හොඳම ආධුනික පිරිමි රංගනයට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය හිමි විය. බොලිවුඩ් සිනමාවේ අති සාර්ථක චිත්‍රපට වූ “සාජන්” (1991), “හම් ආප්කෙ හේන් කෞන්” (1994), “කරන් අර්ජුන්” (1995), “බිවි නො.1” (1999) යන අධික ලාභ ලැබූ චිත්‍රපටයන්හි රංගනයන් හේතුවෙන් ඔහු සිනමා තරුවක් බවට පත් වුණි.

“කුච් කුච් හොතා හේ” (1998) චිත්‍රපටයේ සහය රංගනය වෙනුවෙන් 1999දී හොඳම සහය නළුවාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානයෙන් ඛාන් පිදුම් ලද්දේය. එයින් පසු “හම් දිල් දෙ චුකෙ සනම්” (1999), “තෙරෙ නාම්” (2003), “නො එන්ට්ර” (2005) “පාර්ට්නර්”(2007) සහ “වොන්ටඩ්” (2009) වැනි විවේචනාත්මක සහ වාණිජ්‍ය වශයෙන් සාර්ථක චිත්‍රපට කිහිපයකද ඔහු රංගනයෙහි යෙදුනේය. හින්දි සිනමාව තුළ විශිෂ්ඨ නළුවෙකු බවට පත්වීමට මෙලෙස ඛාන් සමත් විය. .

"https://si.wikipedia.org/w/index.php?title=සල්මන්_ඛාන්&oldid=470343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි