Jump to content

මුලතිව් මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්
15:06, 14 ජූලි 2011 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (නව ලිපිය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

මුලතිව් මැතිවරණ බලප්‍රදේශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මුලතිව් නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මුලතිව් මැතිවරණ බලප්‍රදේශය වෙනුවට වන්නි බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලැබුව ද බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මුලතිව් දිගටම පවතියි.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එක්ස්.එම්.සෙල්ලතම්බු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 10,261 52.36%
පී. චන්ද්‍රසේකර් ස්වාධීන තරාදිය 7,632 38.95%
ආර්. වික්කිනිරාසා ඉණිමග 977 4.99%
වී. සන්දිරාසනන් සීනුව 726 3.70%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,596 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 76
මුළු ඡන්ද සංඛ්‍යාව 19,672
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 24,698
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 79.65%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°15′0″N 80°49′0″E / 9.25000°N 80.81667°E / 9.25000; 80.81667