Jump to content

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS) යනු අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් ‍දැකගැනීමට හැකිය. එ��� පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 350 ක් (හැතැප්ම 217) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,700 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.77 ක් සම්පූර්ණ කරයි.

ISS යනු ඇමරිකා එක්සත් ජනපදයේ (NASA) රුසියාවේ (RKA), ජපානයේ (JAXA), කැනඩාවේ (CSA), සහ යුරෝපීය රටවල් එකොළහක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. බ්‍රසීලියානු අභ්‍යාවකාශ ඒජන්සිය (AEB, බ්‍රසීලය) නාසා ආයතනය සමග වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ. එසේම ESA නැතිනම් යුරෝපීය හවුලට අයත් ඉතාලිය ද විසින් ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සදහා වෙනම ගිවිසුම් ඇති කරගන තිබේ.

චීනය මේ සදහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමග එක්ව කටයුතු කිරිමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත.

ISS යනු කලින් සැලසුම් කෙරුනු වෙනත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන ‍නොකඩවා පවත්වාගෙන යාමක් බව දැක්විය හැකිය. රුසියාවේ මීර් 2, දරුණු ලෙස අරමුදල් හිගයකට ලක්වුනු ඇමෙරිකානු ෆ්‍රීඩම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, යුරෝපීය කොළම්බස් සහ කිබෝ මධ්‍යස්ථාන, ජපානයේ එක්පරිමන්ට් මොඩිවුල් මධ්‍යස්ථානය වැනි මධ්‍යස්ථාන කීපයකි.

ISS වෙත පළමුව නේවාසික කණ්ඩායමක් ඇති වූ දිනයේ (2000 නොවැම්බර් 2) සිට නොකඩවා ඒ ජනයාගෙන් යුක්ත වූ බැවිනි මිනිසුන් අභ්‍යවකාශයෙහි ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව ඇත. එක්ස්පඩිෂන්ට් 17 යානාවේ කණ්ඩායම දැනට මෙම මධ්‍යස්ථානයේ හි වාසය කරති. වර්තමානයෙහි මෙහි ඉඩපහසුකම් ඇත්තේ තිදෙනෙකුගේ කණ්ඩායමයකටය. ක්‍රියාකාරි පර්යේෂණ වැඩසටහනක් දියත් කිරිමට නම් ඉදිරි කාලයේ දී ගගනගාමීන් 6 දෙනෙකුගේ කණ්ඩායමකට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සලසා ගත යුතුය. මුල් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා පැමිණීයේ රුසියාවෙන් සහ ඇමෙරිකාවෙනි.

2006 ජුලි මාසයේ දී ESA ගගනගාමී ජර්මානු ජාතික තෝමර් රයිටර් විසින් එක්ස්පඩිෂන් 13 කණ්ඩායමට එක්වූයේ වෙනත් අභ්‍යවකාශ ඒජන්සියකින් පැමිණි ප්‍රථම සාමාජිකයා ලෙස වාර්තා ගත වෙමිනි. මේ වන විට මධ්‍යස්ථානය ගවේෂණ කිරිමට රටවල් 16 ක ගගනගාමීන්ට හැකිවි තිබේ.

ප්‍රථම අභ්‍යවකාශ සංචාරයකින් පස් දෙනාගේ ද චාරිකා අන්තයවුයේ ‍‍ ISS ය. මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සොයුස් සහ ප්‍රොග්‍රස් අභ්‍යාවකාශ යානා සහ ඇමෙරිකානු අභ්‍යවකාශ ෂටල මගිනි.

2008 වසරේ මාර්තු 9 වනදා ESA මගින් ඇ‍රියෙන් 5 සමග පළමු ස්වයංක්‍රීය හුවමාරු වාහනය (Automatic transfer Vehicle) වන ජුල්ස් වර්න් ATV වාහනය කිලෝග්රෑම් 8000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ද සමග ISS කරා ගුවන් ගත කෙරුනි. 2008 අප්‍රේල් 3 වනදා එම භාණ්ඩ සාර්ථකව ලබා ගන්නා ලද බව වාර්තා වේ.

ආරම්භයේ සිට ISS ව්‍යාපෘතියේ අවසන් වීමට නියමිත 2017 වර්ෂය දක්වා මේ සදහා වැය කරන මුදල ඩොලර් මිලියන 157 ක් වන අතර මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩ නගා ගෙන ඇති මිල අධිකම වස්තුව ISS වේ.