මුල් පිටුව

ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 21,964 කි.

විශේෂාංග ලිපිය

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස්, 2002 දී
ලිනස් ටොවල්ඩ්ස්, 2002 දී
  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවත් බිඳක්

    ජස්ටින් ටෲඩෝ
    ජස්ටින් ටෲඩෝ

    අතීතයේ අද වැනි දිනෙක ...

    ජනවාරි 12: ටර්ක්මෙනිස්ථානයේ අනුස්මරණ දිනය (1881);
    හයිටි භූමිකම්පාවෙන් සිදුවූ හානිය උදාහරණයකි
    හයිටි භූමිකම්පාවෙන් සිදුවූ හානිය උදාහරණයකි
    • 1866 – කොළඹ මහ නගර සභාවට පළමු වරට මැතිවරණයක් පැවැත්වෙයි.
    • 1918 එංගලන්තයේ හැල්මර් එන්ඩ් ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 155 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
    • 1933ස්පාඤ්ඤයේ කාසස් විහේහාස් ප්‍රදේශයේ රක්ෂිත පොලිසිය විසින් ගොවීන් 22 දෙදෙනකු ඝාතනය කරයි.
    • 1955එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
    • 2006සවුදි අරාබියේ මිනා ප්‍රදේශයේ ඇතිවූ තෙරපීමකින් මුස්ලිම් හජ් වන්දනාකරුවන් 362කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
    • 2010හයිටි රාජ්‍යයේ ඇතිවූ භූමිකම්පාවකින් (සේයාරුව) පුද්ගලයන් 300,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
    තවත් සිදුවීම්: ජනවාරි 11ජනවාරි 12ජනවාරි 13

    විශේෂාංග පින්තූරය

    වයලීනය

    වයලීනය ශ්‍රී ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාඨක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. 'රාවණ රස්තම්' නම් වූ වාද්‍ය භාණ්ඩය ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝලා නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියැ වේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සොයුරු ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොප��තියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂාවන්

    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=667040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
    භාෂාව