1957 සිංහල චිත්‍රපට ලැයිස්තුව
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චිත්‍රපටයේ නම | දායකයෝ | නළු නිළියන් | සටහන් |
---|---|---|---|
සිරකරුවා (ලංකා නවජීවන චිත්‍රපට) | ගී පද, තිර නාටකය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර (කතාව වික්ටර් හියුගෝ ගේ ලෙ මිසරාබ් ඇසුරෙනි); කැමරාව ඩබ් ඒ බී ද සිල්වා; සංගීතය ටී එෆ් ලතීෆ් | සිරිසේන විමලවීර, මතායස් ප්‍රනාන්දු, මාෂල් පෙරේරා, එස් එච් ජෝතිපාල, උපසේන විමලවීර, ශාන්ති අබේසේකර, එන් ආර් ඩයස්, පියදාස විජේකෝන් | ප්‍රදර්ශනය: 1957 ජනවාරි 25 සිට. දළු ලාපු ගහේ, නැන්සි පුංචි කාලේ, පරමෝත්තම බුදු පියේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
ජිවිත සටන (ශාන්ති කලා නිකේතනය) | නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ශාන්ති කුමාර්; කතාව ඩී වී සෙනෙවිරත්න (එන් වීඩු (දෙමල; 1953) සහ ගුමස්තා (හින්දි; 1953) චිත්‍රපටි ඇසුරෙනි); සංගීතය එස් එස් වේදා; ගී පද ඩී ටී ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න | ශාන්ති කුමාර්, සීතා ජයවර්ධන, හර්බි සෙනෙවිරත්න, අයේෂා වීරකෝන්, ආනන්ද වීරකෝන්, ෂේන් ගුණරත්න, මිලී කහඳවල, ශාන්ති ලේඛා, ඔස්ටින් අබේසේකර, සේනාධීර රූපසිංහ, සෙබස්තියන් ජයසිංහ | ප්‍රදර්ශනය: 1957 පෙබරවාරි 23 සිට සිලෝන් තියටර්ස් මණ්ඩලයේ ශාලාවල . ලෝ අම්බලමේ, පහත් තැනින් යයි ගලා, පෙම් සිහිනේ, ආදරේ මිහිරේ, අනේකා ජාතී සංසාරේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
සූරයා (සිනමාස්) | අධ්‍යක්ෂණය ටී ආර් සුන්දරම්, ක්‍රිෂ්ණා රාඕ; නිෂ්පාදනය කේ ගුණරත්නම්; දෙබස් කේ හියුගෝ ප්‍රනාන්දු (කතාව තිරුට්ටු රාමන් (දෙමල; 1956) චිත්‍රපටිය ඇසුරෙනි); සංගීතය එස් දක්ෂිණමූර්ති; ගී පද කරුණාරත්න අබේසේකර, කේ හියුගෝ ප්‍රනාන්දු | ලැඩී රණසිංහ, හර්බි සෙනෙවිරත්න, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රෝහිණී ජයකොඩි, කාන්ති ගුණතුංග, හියුගෝ ප්‍රනාන්දු, එස් ඩී එලිසබෙත්, බන්දු ගුණසේකර, ඇන්තනි සී පෙරේරා, හර්බට් අමරවික්‍රම, ක්‍රිස්ටි ලෙනාඩ්, වින්සන්ට් වාස්, විජිත මල්ලිකා, පිටිපන සිල්වා | ප්‍රදර්ශනය: 1957 මාර්තු 29 සිට. හිතන්නකෝ අයියේ, සැනසිල්ල නැලවිල්ල, දුප්පතාට කෝ සැප, දුටු දා ��ඳලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
සිරියලතා (ජයරුක් නිෂ්පාදකයෝ) | අධ්‍යක්ෂණය එස් එස් රාජන්; නිෂ්පාදනය එඩී ජයමාන්න, රුක්මණී දේවි; සංගීතය ආර් මුත්තුසාමි; ගී පද හර්බට් එම් සෙනෙවිරත්න | රුක්මණී දේවි, හර්බට් එම් සෙනෙවිරත්න, එඩී ජයමාන්න, මාක් සමරනායක, රූබි ද මෙල්, හියුගෝ ප්‍රනාන්දු, ලැටීෂියා පීරිස්, ස්ටැන්ලි මල්ලවආරච්චි, පීටර් පීරිස්, මිලී කහඳවල, එස් ඩී එලිසබෙත් | ප්‍රදර්ශනය: 1957 ජුනි 27 සිට. ස��ම්නස් වුණා හදේ, මේ කෘෘර ලෝකේහි, සැමදාම ඔබ මගේ, අලංකාරේනී සැදූ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
ලේ කදුළු (රම්‍යකලා චිත්‍රපට - පානදුර) | අධ්‍යක්ෂණය කේ වෙලින්ටන් සිල්වා; නිෂ්පාදනය කේ ෆ්‍රැන්සිස් සිල්වා; සංගීතය ටී එෆ් ලතීෆ්; ගී පද හියුබත් ද මැල් | රත්නා කුමාරි, නන්ද කුමාර්, ආතර් ටයිටස් | ප්‍රදර්ශනය: 1957 සැප්තැම්බර් 2 සිට. අම්ම සිහිව මා වැඩූ, ආ සීත සුනිල ජලේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. මිමී 16 ප්‍රමාණයෙන් රූ ගත කල චිත්‍රපටියකි. |
සුකුමලි (භවානි නිෂ්පාදන සමාගම) | අධ්‍යක්ෂණය එම් කේ සාමි, එම් මස්තාන්; නිෂ්පාදනය එම් එස් සිවසාමි; කතාව කේ වී ශ්‍රීනිවාස්; දෙබස් සුදාස් මාසකෝරාළ; සංගීතය පී එස් දිවාකර් | ලැඩී රණසිංහ, අයේෂා වීරකෝන්, රීටා රත්නායක, ආනන්ද වීරකෝන්, ක්‍රිස්ටි ලෙනාඩ්, සුදාස් මාස්කෝරාල | ප්‍රදර්ශනය: 1957 ඔක්තෝම්බර් 14 සිට. කොහෙන්දෝ ඇවිල්ලා, මගේ ආදරණීය බූරුවෝ, සීතලයි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
සරදම් | නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ටී සෝමසේකරන්; සංගීතය එස් දක්ෂිණමූර්ති; ගී පද කරුණාරත්න අබේසේකර | ෆ්ලොරිඩා ජයලත්, ස්ටැන්ලි පෙරේරා, හඳුන්වා දෙන ජෝ අබේවික්‍රම, කිංස්ලි රාජපක්ෂ, රිචඩ් ඇල්බට් (ටාසන්) | ප්‍රදර්ශනය: 1957 නොවැම්බර් 29 සිට. පොඩි කාලේ ඉඳ, පෙම් හද විමනේ, ප්‍රීතියෙන් සතුටින් යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
සූරසේන (පක්ෂිරාජා ස්ටුඩියෝස්) | නිෂ්පාදනය, අධ්‍යක්ෂණය එස් එම් එස් නායිදු; සංගීතය එස් එම් සුබ්බය්යා නායිදු; ගී පද ආනන්ද සමරකෝන් | හර්බි සෙනෙවිරත්න, කාන්ති ගුණතුංග,රෝහිණී ජයකොඩි, එඩී ජයමාන්න, මාක් සමරනායක, රූබි ද මෙල්, ඩොමී ජයවර්ධන, පියදාස ගුණසේකර, ඇන්තනි සී පෙරේරා, පීටර් පීරිස්, බන්දු ගුණසේකර, හියුගෝ ප්‍රනාන්දු, ලලිතා පද්මිණී | ප්‍රදර්ශනය: 1957 දෙසැම්බර් 13 සිට. අතන මෙතන, ආනන්ද ශ්‍රීය වෑහේ, ආලෝකේ ආලෝකේ, වසන්තේ වනේ, මනරම් රැඟුමන්, සඳ කාන්ති වැදී යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
{{සිංහල සිනමාව}