සීක්‍රට් ඩෝ (රූපවාහිනී කතාමාලාව)
සීක්‍රට් ඩෝ (කොරියානු: 비밀의 문; ප්‍රරෝ: බිමිර්-උයි මුන්) යනු 2014දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවක් වන අතර, මෙහි චරිත නිරූපණය හන් සුක්-ක්යු, ලී ජේ-හූන්, කිම් යූ-ජුං, පාක් ඉයුන්-බින්, කිම් මින්-ජොං සහ චෝයි වොන්-යොං විසින් සිදුකරයි. මෙය SBS නාළිකාව ඔස්සේ සඳුදා සහ අඟහරුවාදා 22:00ට විකාශය වූයේ 2014 සැප්තැම්බර් 22 සිට දෙසැම්බර් 9 දක්වා කථාංග 24කින් යුක්තව ය.[1][2][3][4]
සීක්‍රට් ඩෝ | |
---|---|
ප්‍රභේදය | කාලාන්තර නාට්‍ය නාට්‍ය දේශපාලන අභිරහස් |
රචනය කලේ | යූන් සුන්-ජූ |
අධ්‍යක්ෂණය කලේ | කිම් හ්යුං-ෂික් |
රඟපෑම | අන් සුක්-ක්යු ලී ජේ-හූන් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | චෝයි මූන්-සුක් |
නිෂ්පාදක(යෝ) | ලී යොං-ජූන් ලී සං-මින් |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | සඳුදා සහ අඟහරුවාදා 22:00ට (KST) |
නිෂ්පාදන සමාගම | පෝලොව්නියා |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | සැප්තැම්බර් 22, 2014 | – දෙසැම්බර් 9, 2014
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ටෙම්ටේෂන් |
අනුගමනය වනුයේ | පන්ච් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථාපුවත
සංස්කරණයමෙම කාලාන්තර නාට්‍යය මගින් යොංජෝ රජු සහ ඔහුගේ පුත් යි සුන් (කිරුළහිමි සදෝ කුමරු) අතර පැවති ඛේදනීය සම්බන්ධතාවය නිරූපණය වේ. යොංජෝ රජු රාජකීය බලය ශක්තිමත් කිරීමට උත්සාහ දරන විට, සරාගී, විචක්ෂණශීලී සුන් කුමරු සිහින දකින්නේ සමානාත්මතාවයෙන් යුත් පන්ති භේද රහිත සමාජයක් ගැනයි.[5]
චරිත නිරූපණය
සංස්කරණය- හන් සුක්-ක්යු, යොංජෝ රජු ලෙස
- ලී ජේ-හූන්, යු සුන් ලෙස, පසුව කිරුළහිමි සදෝ කුමරු වූ
- කිම් යූ-ජුං, ළමා සියෝ ජි-දම් ලෙස (කථාංග 1-13)[6]
- යූන් සෝ-හී, වැඩිහිටි ජි-දම්/පාක් බිගේ ලෙස (කථාංග 14-24)
- පාක් ඉයුන්-බින්, හ්යේග්යොං ආර්යාව ලෙස
- කිම් මින්-ජොං, නා ජුල්-ජූ ලෙස[7]
- චෝයි වොන්-යොං, චේ ජේ-ගොං ලෙස
- කිම් චං-වන්, කිම් තෙක් ලෙස
- ලී වොන්-ජොං, පාක් මුන්-සු ලෙස
- කං සෝ-ජූන්, මින් වූ-සුබ් ලෙස
- සියෝ ජුන්-යොං, ෂින් හ්යුං-බොක් ලෙස
- චෝයි ජේ-හ්වන්, හියෝ ජුං-වූන් ලෙස
- කිම් ම්යුං-ගූක්, හොං බොං-හන් ලෙස
- ජං හ්යුන්-සුං, හොං ග්යේ-හුයි ලෙස
- කිම් හා-ක්යුන්, කිම් සං-රෝ ලෙස
- උම් හ්යෝ-සුප්, මින් බෙක්-සං ලෙස
- ජුං මූන්-සුං, බ්යුන් ජොං-ඉන් ලෙස
- ජොන් ගුක්-හ්වන්, ලී ජොං-සුං ලෙස
- කිම් ස්යුං-වූක්, ජෝ ජේ-හෝ ලෙස
- බෙක් ස්යුං-හ්යොන්, ෂින් චි-වූන් ලෙස
- හා ස්යුං-රි, ජොංසුන් අගබිසව ලෙස
- ලී සොල්, මූන් සුක්-උයි ලෙස, යොංජෝගේ උපබිසවකි
- සොන් බ්යොං-හෝ, කිම් සුං-ඉක් ලෙස
- පාක් හ්යුන්-සූක්, චෝයි පාලිකාව ලෙස
- කිම් කං-හ්යුන්, ජං පණ්ඩක ලෙස
- කිම් මි-රන්, කිම් පාලිකාව ලෙස
- කිම් තේ-හූන්, කං පිල්-ජේ ලෙස
- ලී වොන්-ජේ, කං සෝ-වොන් ලෙස
- චෝයි වොන්-හොං, උම් ජේ-සුන් ලෙස
- පාක් හ්යෝ-ජූ, වූන්-ෂිම් ලෙස
- කිම් බෝ-ර්යුං, චූන් වොල් ලෙස
- ජුං වූක්, හ්යුක්-ප්යෝ ලෙස
- යූන් චූං, ජං සම් ලෙස
- ජි සං-හ්යුක්, යි සා ලෙස
- පාක් සෝ-ඉයුන්, ෂින් ගෝ-ඉයුන් ලෙස
- ක්වොන් හේ-හ්යෝ, සියෝ ග්‍යුන් ලෙස
- ජුං ග්යු-සූ, යැං සූන්-මන් ලෙස
- ලී මි-යොං, මින් පාලිකාව ලෙස
- කිම් යොං-සුන්, හ්යුං-බොක්ගේ මව ලෙස
- කිම් හන්-ජූන්, කොස්තාපල් චෝයි ලෙස
- කිම් හ්යුන්, ජං සිත්තරා ලෙස
- යූන් සෝ-හ්යුන්, චුන් ස්යුං-සේ ලෙස
- ක්වක් හී-සුං, කිම් මු ලෙස
ඓතිහාසික පසුබිම
සංස්කරණයසීක්රට් ඩෝ යනු විවේචනවාදී නාට්‍යයක��� වන අතර, එය කිරුළහිමි සදෝ කුමරුගේ ජීවිතයේ අවසන් වර්ෂ අට නිරූපණය කෙරෙයි.[2]
ඓතිහාසික ලේඛන අනුව, ප්‍රධානව ඔහුගේ බිරිඳ විසින් ලියන ලද හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් ග්‍රන්ථය අනුව, අනුව සදෝ උමතු, ප්‍රචණ්ඩකාරී පුද්ගලයකු වූ අතර ස්ත්‍රී දූෂක ඝාතකයකු ද විය. ඔහුව රාජ්‍යත්වයට නුසුදුසු වූ අතර, මාලිගයේ නීති අනුව යොංජෝ රජුට ඔහුව ඍජුවම මරාදැමිය නොහැකි විය. ඒ අනුව යොංජෝ රජු 1762 උණුසුම් ජූලි මාසයේ දිනෙක සදෝට විශාල සහල් ලී මංජුසාවකට නගින ලෙස පවසා ඔහුව එහි සිරකිරීමට නියෝග කළේ ය. දින අටකට පසු, 27 වියැති සදෝ හුස්මගැනීමේ අපහසුව සහ කුසගින්න හේතුවෙන් මියගියේ ය. සදෝට මානසික ආබාධයක් නොතිබූ බවට කුමන්ත්‍රණකාරී කටකතා පැතිරගියේ ය. ඔහු සිදුකළ විප්ලවකාරී වෙනස්කම් හේතුවෙන් ඔහුගේ විරුද්ධවාදීන්, ඔහුව නොකළ වැරදිවලට ඔහුව හසු කොට තිබූ බව ඉන් පැවසිණි. ඔහුගේ මරණය වටා සිදු වූ සිදුවීම් කොරියානු ඉතිහාසඥයින් අතර වාදවිවාද සඳහා තුඩු දී තිබේ.[1]
සදෝගේ පුත්‍රයා වූ ජොංජෝ රජු සිහසුනට පත් වූ පසු, සිය පියාගේ සොහොනට ගෞරව කළේ ය. ඔහු සදෝ සහ හ්යේග්යොං දෙදෙනාව ඔවුන්ගේ මරණින් පසු තනතුරෙන් ඔසවා තබා යංජෝ අධිරාජයා සහ හොන්යොං අධිරාජිනිය යන තනතුරු ලබා දෙන ලදී.
සම්මාන සහ නිර්දේශ
සංස්කරණයවර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | පුද්ගලයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | SBS නාට්‍ය සම්මාන | විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නළුවා | ලී ජේ-හූන් | දිනාගති |
හන් සුක්-ක්යු | නිර්දේශිත | |||
විශේෂ සම්මානය, මාලානාට්‍යයක නළුවා | චෝයි වොන්-යොං | නිර්දේශිත | ||
ඉහළම තරු 10 | ලී ජේ-හූන් | දිනාගති | ||
නවක තරු සම්මානය | කිම් යූ-ජුං | දිනාගති | ||
නෙටිසන් ජනප්‍රියතා සම්මානය | ලී ජේ-හූන් | නිර්දේශිත | ||
හොඳම යුවල සම්මානය | ලී ජේ-හූන් සහ පාක් ඉයුන්-බින් | නිර්දේශිත |
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b ජුං, හ්යුන්-මොක් (18 ජූලි 2014). "පොප් කල්චර් රිසරෙක්ට්ස් ප්‍රින්ස් සදෝ". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-11-09.
- ^ a b බෙක්, බ්යුං-යුල් (18 අගෝස්තු 2014). "සේම් රෝල්, ඩිෆරන්ට් ඇක්ටර්ස්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2014-11-09.
- ^ ලී, සුන්-යොං; චුං, ජූ-වොන්; ආන්, සුං-මි (16 සැප්තැම්බර් 2014). "නිව් ටීවී ඩ්‍රාමාස් ටු ලුක් අවුට් ෆෝ". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2014-11-09.
- ^ "සීක්‍රට් ඩෝ'ස් එන්තුසයස්ටික් ප්‍රෙස් කොන්ෆරන්ස්". ඩ්‍රාමාබීන්ස්. 18 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 2014-11-09.
- ^ "හිඩ්න් ටියර්ස් ඉන් සීක්‍රට් ඩෝ'ස් කැරැක්ටර් පෝස්ටර්ස්". ඩ්‍රාමාබීන්ස්. 1 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 2014-11-09.
- ^ පාක්, ජි-ර්යොන් (28 ජූනි 2014). "කිම් යූ ජුං ටු ටේක් රෝල් ඉන් සීක්‍රට් ඩෝ විත් හන් සොක් ග්යු ඇන්ඩ් ලී ජේ හූන්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය 2014-11-09.
- ^ ලී, සුක්-මින් (10 ජූලි 2014). "කිම් මින්-ජොං සයින්ස් ෆෝ සීක්‍රට් ඩෝ". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-11-09.
බාහිර සබැඳි
සංස්කරණය- සීක්‍රට් ඩෝ නිල SBS වෙබ්අඩවිය (කොරියානු)
- සීක්‍රට් ඩෝට හන්සිනෙමාහි ඇති ගිණුම
- Secret Door හා සබැඳි අයිඑම්ඩීබී යොමුව