විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 20
- 1917 – සෝවියට් සංගමයේ රහස් පොලිස් සේවය පිහිටුවනු ලැබෙයි.
- 1955 – කාර්ඩිෆ් (සේයාරුව) නගරය වේල්සයේ අගනුවර බවට පත් වෙයි.
- 1973 – ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය අද්මිරාල් ලුයිස් කැරරෝ බ්ලැන්කෝ ඇතුළු තවත් තිදෙනෙකු ඝාතනය කරයි.
- 1987 – ඩොනා පාස් නම් මගී යාත්‍රාවක් පිලිපීනයේදී ගිලී යයි. එහිදී පුද්ගලයන් 4,000ක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1999 – 16වන ශතවර්ෂයෙහි මැද භාගයෙහි සිට එහි පරිපාලනය සිදුකරමින්, මකාවෝ වෙතවූ එහි ආධිපත්වය, පෘතුගාලය විසින් චීනය වෙත පවරයි.
- 2019 – එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ නව සේවා ශාඛාවක් වන එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදාව පිහිටුවනු ලැබෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 19 – දෙසැම්බර් 20 – දෙසැම්බර් 21