රාජ්ගිර්

බිහාරයේ පිහිටි බෞද්ධයන්ගේ වැදගත් ස්ථානය

රාජ්ගිර් (ඓතිහාසිකව ගිරිව්‍රාජ් ලෙස ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ පිහිටි පුරාතන නගරයකි. රාජ්ගිර් නගරය (පුරාතන රාජගෘහ; පාලි: රාජගහ) මගධ රාජධානියේ පළමු අගනුවර විය. පසුව මගධය මෞර්ය අධිරාජ්‍යය බවට වර්ධනය විය.[4] මෙම නගරය පිළිබඳී ඉන්දියානු මහා වීරකාව්‍යයක් වන මහාභාරතයේ සඳහන් අතර, ජාරාසන්ධ නම් රජකු පිළිබඳ එහි විස්තර වෙයි. මෙම නගරයේ සම්භවය නොහඳුනන නමුත්, ක්‍රි.පූ. 1000ට පමණ අයත් සෙරමික් නිර්මාණ මෙම නගරයෙන් හමුවී ඇත. වසර 2,500ක් පමණ පැරණි මහා ප්‍රාකාරය මෙම නගරය තුළ පිහිටා ඇත. මෙම ප්‍රදේශය ජෛනාගම සහ බුද්ධාගම සඳහා වැදගත් ස්ථානයක් වේ.[5] මෙය 20වන ජෛන තීර්ථංකර මුණිසුව්‍රතගේ උපන් බිම වන අතර, මහාවීර සහ ගෞතම බුදුන් වහන්සේගේ දිවිය සමඟ මෙම ස්ථානය බැඳී පවතී.[6] ක්‍රි.පූ. 6වන සහ 5වන සියවස්වල දී මහාවීර සහ බුදුන් වහන්සේ සිය ධර්ම දේශනාවන් මෙහිදී සිදුකොට තිබේ. බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේට වේළුවනාරාමය පූජා කළේ මෙහිදී ය. පුරාතන නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටියේ රාජ්ගිර් ආසන්නයේ වන අතර, 2010දී පිහිටුවූ නාලන්දා විශ්වවිද්‍යාලය ද ඒ අසලම පිහිටා ඇත.[7]

රාජ්ගිර්
‍රාජගෘහ
ඓතිහාසික නගරය
මුදුනේ සිට දක්ෂිණාවර්තව: විශ්ව ශාන්ති ස්තූපය, රාජ්ගිර් කඳු, රත්නගිරි කඳු රැහැන් මග, පුරාතන මාකුරු පවුරු, සෝන් භාණ්ඩර් ලෙන්, ගිජ්ජ කූටය
අපනාමය(න්): මගධ අධිරාජ්‍යයේ රාජසභාව, රජුගේ ගෘහය[1]
බිහාර්
බිහාර්
රාජ්ගිර්
බිහාර්
බිහාර්
රාජ්ගිර්
බිහාර්
ඛණ්ඩාංක: 25°02′N 85°25′E / 25.03°N 85.42°E / 25.03; 85.42ඛණ්ඩාංක: 25°02′N 85°25′E / 25.03°N 85.42°E / 25.03; 85.42
‍රට ඉන්දියාව
ප්‍රාන්තයබිහාර්
කලාපයමගධ
කොට්ඨාසයපැට්නා
දිස්ත්‍රික්කයනාලන්දා
Ward19 wards
පිහිටුවූයේක්‍රි.පූ. 2000 පමණ
ප්‍රාරම්භකයාසම්රාට් බෘහද්රථ
සරිය(2015) [A 1]
 • නගරය61.6 කිමී2 (23.8 සතරැස් සැත)
 • ප්‍රාදේශීය සැලසුම්කරණය517 කිමී2 (200 සතරැස් සැත)
උන්නතාංශය73 මී (240 අඩි)
ජනගහණය(2011)[3]
 • මුළු41,587
වේලා කලාපIST (UTC+5:30)
PIN803116
Telephone code+91-6112
වාහන ලියාපදිංචියBR-21
ලිංග අනුපාතය1000/889 /
සාක්ෂරතාව51.88%
ලෝක් සභා බල ප්‍රදේශයනාලන්දා
විධාන් සභා බල ප්‍රදේශයරාජ්ගිර් (SC) (173)
වෙබ් අඩවියnalanda.bih.nic.in
  1. ^ Constituents of Rajgir Regional Plannina area are CD blocks of Rajgir, Silao, Giriak and Katrisarai[2]

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ "Pinddaangaya.in". www.pinddaangaya.in.
  2. ^ "पत्रांक-213 : राजगीर क्षेत्रीय आयोजना क्षेत्र एवं बोधगया आयोजना क्षेत्र के सीमांकन एवं घोषणा" (PDF). Urban Development Housing Dept., Government of Bihar, Patna. 15 අප්‍රේල් 2015. 18 ජූනි 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 18 මැයි 2015.
  3. ^ "Census of India: Rajgir". www.censusindia.gov.in. සම්ප්‍රවේශය 7 January 2020.
  4. ^ "BSTDC". BSTDC.
  5. ^ Jain Dharma ka Maulik Itihas Part-1, Ed. Acharyashri Hastimalji Maharaj, 1971 p. 739-742
  6. ^ "Rajgir – The Abode of Kings". Times of India Travel.
  7. ^ "Excursion tour of Rajgir & Nalanda from Bodhgaya | Rajgir, India Activities". Lonely Planet.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=රාජ්ගිර්&oldid=703833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි