යුධගනාව
යුධගනාව යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායට ආසන්නව පිහිටි ඓතිහාසික පුදබිමක් වේ.
යුධගනාව | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°46′N 81°14′E / 6.767°N 81.233°Eඛණ්ඩාංක: 6°46′N 81°14′E / 6.767°N 81.233°E |
ද්වාරය:බුද්ධාගම |
ඉතිහාසය
සංස්කරණයමහාවංශයට අනූව ක්‍රි. පූ. දෙවන ශතවර්ෂයේ දුටුගැමුණු හා සද්ධාතිස්ස දොසොහොයුරන් අතර ඇතිවූ යුද්ධයෙන් පසුව එම සිද්ධිය සිහිවීම පිණිස දාගැබක් කරවූ බව සඳහන් වේ. බොහෝදෙනා විශ්වාස කරන පරිදි, යුධගනාව යනු එම දාගැබ වේ.
එසේම පළමුවන පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153-1186) සිය මෑණියන් වූ රත්නාවලී දේවිය ආදාහනය කල රත්නාවලී ස්ථූපය, යුධගනාව බැව් තවත් මතයක් වේ.
කැණීම්
සංස්කරණයමෙම දාගැබ 2003 හා 2004 යන වර්ෂ වලදී කැණීම් වලට භාජනය කල අතර එහිදී සමහර අයගේ මතයක් වූ දාගැබ් දෙකක් යන මතය බැහැර කරමින් එකම දාගැබක් බව තහවුරු කර ගන්නා ලදී. එසේම ලැබුණු වෙනත් සාධක අනූව මෙය ඉදිකිරීම් අතරමග නවත්වා දැමූ දාගැබක් බව තහවුරු විය.
කැණීම් වලදී ලෝකඩ කරඩුවක්, බුද්ධ ප��රථිමා තුනක්, බෝසත් හෝ දේව ප්‍රථිමාවක්, ලෝහ භාජන කිහිපයක් හා කාසි විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒවා බුදුරුවාගල කෞතුකාගා��යේ ප්‍රදර්ශනයට තබා තිබේ.
නිශ්ශංකමල්ල රජු ඉදිකල ගාවුත කණුවක්, නුවර යුගයේ ඉදිකල විහාර මන්දිරයක් සහ හාත්පස පුරා විසිරුණු නටඹුන් රැසක් යුධගනාව භූමිය තුල දැකිය හැකි වේ.
සංරක්ෂණ කටයුතු
සංස්කරණයයුධගනාව දාගැබේ සංරක්ෂණ කටයුතු ප්‍රථම වරට 1979 වසරේදීත්, පසුව 1992 සිට 2002 දක්වාත්, 2003-2004 යන වර්ෂවලදීත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී.