පීටර් පෝල් රූබන්ස්
මරණය - 1640 මැයි 30 ඇන්ට්වර්ප්, දකුණු නෙදර්ලන්තය
පීටර් පෝල් රූබන්ස් | |
---|---|
උපතේදී නම | පීටර් පෝල් රූබන්ස් |
උපත | 1577 ජුනි 28 සීජන්, වෙස්ට් ෆැලියාව |
ජාතිකත්වය | Flemish |
ක්ෂේත්රය | සිතුවම් නිර්මාණය, Diplomacy |
ව්‍යාපාරය | බැරොක් සම්ප්‍රදාය |
Influenced by | මයිකල් ඇන්ජෙලෝ, ටිටියන්, කැරවෑගියෝ, පීටර් බෘගෙල් ද එල්ඩර් |
Influenced | Antoine Watteau, Eugène Delacroix |
බලපෑමට ලක් වූවන් - ඇන්ටොයින් වැටෝ, ඉයුජීන් ඩෙලක්‍රොයික්ස්
පීටර් පෝල් රූබන්ස් (1577 ජුනි 28 – 1640 මැයි 30 ) යනු 17 වන සියවසට අයත් සුප්‍රසිද්ධ ෆ්ලෙමිෂ් බැරොක් චිත්‍ර ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු ඉතා අලංකාර බැරොක් සම්ප්‍රදායට අයත් චිත්‍ර නිර්මාණය කළ ශිල්පියෙකු වන අතර බැරොක් සම්ප්‍රදාය තුළ දී චලන, වර්ණ සහ ඉන්ද්‍රියන් පිනවීම අරමුණු කොට ගෙන චිත්‍ර නිර්මාණය කිරීම සිදු විය. පෝල් රූබන්ස් ප්‍රතිසංවිධානයට එරෙහිව නිර්මාණය කරන ලද අල්තාර මණ්ඩල චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර, භූමි දර්ශන සිතුවම් සහ ඉතිහාසය නිරූපණය වන සිතුවම් හේතුවෙන් සුප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහුගේ චිත්‍ර තුළ මිත්‍යා සහ රූපකමය වස්තූන් අන්තර්ගත විය.
යුරෝපය පුරා ජීවත් වූ චිත්‍ර නිර්මාණ එකතු කරන්නන් සහ උසස් සමාජය තුළ ප්‍රචලිත වූ චිත්‍ර නිර්මාණය කළ කලාගාරයක් පොල් රූබන්ස් සතු වූ අතර එය ඇන්ට්වර්ප් ප්‍රදේශයේ පිහිටා තිබුණි. මේ හැරුණු විට ඔහු උසස් ලෙස අධ්‍යාපනය ලැබූ මානවවාදී ප්‍රාඥයකු වූ අතර චිත්‍ර නිර්මාණ එකතු කරන්නෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයකු ද විය. ස්පාඤ්ඤයේ හතරවැනි පිලිප් රජු සහ එංගලන්තයේ පළවැනි චාල්ස් රජු ඔහුට නයිට් පදවි පිරිනමන ලදී.