කසාගල රජ මහා විහාරය

කසාගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩයාය ග්‍රාමසේවා වසමේ පිහිටා තිබේ. රන්න-වීරකැටිය මහා මාර්ගයේ රන්න සිට කිලෝ මීටර 10 ක් පමණ දුර ප්‍රමාණයක් ගමන් කල විට විහාරයට සේන්දු විය හැක.

කසාගල රජ මහා විහාරය
ගල් තලාව මත වූ පැරණි ස්ථූපය සහ ශිලා ලිපි
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ඉතිහාසය

සංස්කරණය
 
විහාරයේ වූ නටඹුන්

ක්‍රි. පූ. 3වන සියවසේ දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහය මත මෙම භූමියේ දෙතිස්ඵල බෝධි අංකුරයක් රෝපණය කිරීමත් සමග කසාගල පුදබිම නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. කාවන්තිස්ස රජු (ක‍්‍රි. පූ. 200-160) විසින් මෙහි ගොඩනැගිලි කරවන ලද තිබෙන අතර 1වන දප්පුල රජු (කි‍්‍ර. ව. 659) සහ 1වන විජයබාහු රජු (ක‍්‍රි. ව. 1055-1110) මෙහි ගොඩනැඟිලි ප‍්‍රථිසංස්කරණය කල බැව් පැරණි මූලාශ්‍රයන්හී දැක්වේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජ (ක‍්‍රි. ව. 1747-1780) විසින් මෙම විහාරයට පිළිමගෙයක් හා රන් පිළිමයක් පරිත්‍යාග කොට තිබේ.[1]

විහාරයේ ගල් තලාව මත ඉදි කර ඇති පැරණිතම චෛත්‍යය දේවානම්පියතිස්ස රජු විසින් කරවා ඇති අතර ඊට නුදුරින් ඇති අනෙක් චෛත්‍යය සද්ධාතිස්ස රජු (ක්‍රි. පූ. 119–137) විසින් කරවන ලද්දකි.

අතීතයේ විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු වියළීම පිණිස නිතර විහාර භූමියේ ගල් මත එලා තිබූ නිසා ඒ අරුතින් මෙම විහාරය කසාගල ���ූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම ක්‍රි. ව. දෙවන සියවසට අයත් සෙල්ලිපියක මෙම විහාරය කවගල පබ්බත ලෙස හඳුන්වා ඇත.[2]

මනෝරථපූරණී ග්‍රන්ථයේ ‘මිත්ත’ නම් මහරහතන් වහන්සේ ‘කස්සක ලෙන’ වැඩ විසූ බවට සඳහන් වන අතර එම නිසා මෙම විහාරය කස්සක ලෙන ලෙසද හඳුන්වා තිබේ.

බිතුසිතුවම්

සංස්කරණය
 
විහාර මන්දිරයේ වූ පැරණි සිතුවම්

විහාරයේ වූ බුද්ධ මන්දිරයේ ප්‍රවේශ මණ්ඩපය, ප්‍රදර්ෂිණපථය සහ ගර්භ ගෘහය යන කොටස්හී මහනුවර සම්ප‍්‍රදායේ දකුණු ගුරුකුලයට අයත් විශේෂිත බිතු සිතුවම් දැකගත හැකිවේ. මෙහි වූ විශේෂත්වය වන්නේ දක්ෂිණ ශෛලය සහ සංක‍්‍රාන්තින ශෛලය යන විශේෂ ශෛලීන් දෙකකට අයත් සිතුවම් මෙහිදි හඳුනා ගත හැකි වීමයි. මෙම සිතුවම්හී යුරෝපීය සංස්කෘතික ලක්ෂණ සහ නව කලා ශෛලීන්හි ආභාෂය දැකගත හැකිය.

පුරාවිද්‍යා නටඹුන්

සංස්කරණය

කසාගල ගිරි ලිපි

සංස්කරණය

කසාගල රජමහා විහාර ගිරි ලිපිය ක්‍රි. ව. 4-5 සියවසට අයත් වේ. එය පුරාණ සිංහල භාෂාවෙන් සහ අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් නිර්මිත වේ. ශිලා ලේඛන 6ක් සටහන්ව පවතියි.

මේවාද බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ඓතිහාසික කසාගල රජ මහා විහාරය". අඟුණකොලපැලැස්ස ප්‍රදේශීය සභාව. සම්ප්‍රවේශය 2015-06-30.
  2. ^ "කසාගල රජ මහා විහාරය". බුදුසරණ අන්තර්ජාල කලාපය. 2012 අප්‍රියෙල් 20. සම්ප්‍රවේශය 2015-06-30. {{cite web}}: Check date values in: |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=කසාගල_රජ_මහා_විහාරය&oldid=399713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි