අනුලා විද්‍යාලය, නුගේගොඩ
අනුලා විද්‍යාලය, නුගේගොඩ ශ්‍රී ලංකාවේ බෞද්ධ බාලිකා පාසලක් වන අතර, එය 1941 දී ඊ. ඩබ්ලිව්. අදිකාරම් විසින් ගුරුවරු පස් දෙනෙක් හා ශිෂ්‍යයාවන් 38 දෙනෙක් සහිතව ආරම්භ කරන ලදී.[තහවුරු කර නොමැත]
අනුලා විද්‍යාලය | |
---|---|
ස්ථානය | |
නුගේගොඩ | |
තොරතුරු | |
වර්ගය | ජාතික පාසල |
ආදර්ශ පාඨය | "උතතිටෙඨ නපපමජෙජය්‍ය" (පමා නොවී නැගී සිටින්න) |
ආගමික සබැඳියා(ව) | බෞද්ධ |
ආරම්භ කලේ | 1941 ජනවාරි 04 |
ආදිකර්තෘ | ඊ. ඩබ්ලිව්. අදිකාරම් |
විදුහල්පති | කේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා |
ශ්‍රේණි | 1-13 |
බාලක/බාලිකා | කාන්තා |
වයස් පරාසය | 6 - 19 |
සිසුන් ගණන | 3000+ |
නිවාස | සංඝමිත්තා උප්පලවණ්ණා ධම්මදින්නා චූලසුමනා |
වර්ණ(ය) | කළු සහ රන් |
වෙබ් අඩවිය | "නිල වෙබ් අඩවිය". |
දැනට මෙම පාසලේ ශිෂ්‍යාවන් ගණන 3,000 ඉක්මවයි.[තහවුරු කර නොමැත] විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ මග පෙන්වීමට අනුව මෙහි බෞද්ධ මූලධර්ම මත පදනම් වූ අවිහිංසාව හා ස්වයං විනය පවත්වා ගෙන යාමට ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීම මෙහි පරම අභිප්‍රායයි. මෙහි ආදිකතෘ තුමාගේ අරමුණ හා පාසලේ දැක්ම වනුයේ මෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයාවන්, සෑම අංශයකින්ම " පරිපූර්ණ කාන්තාවන් " බවට හැඩගැස්වීමටය. පුරෝගාමී විදුහල්පතිනියක් වූ ( පී. බී. ප්‍රනාන්දු මහත්මිය) 1941 සිට 1956 දක්වා පාසලට සේවය කළ අතර පාසල සඳහා ඉඩමක් සහ ශිෂ්‍යත්ව ක��රමයක් ලබා ගැනීම සඳහා ඇය සිය මුළු වැටුපම පරිත්‍යාග කළාය.
විදුහල්පතිනියන්
සංස්කරණය
නම | සිට | දක්වා |
---|---|---|
පී. බී. ප්‍රනාන්දු මහත්මිය | 1941 | 1956 |
එන්. රත්නපාල මෙනවිය | 1956 | 1970 |
සී. කේ. අබේරත්න මෙනවිය | 1971 | 1975 |
ඩී. එස්. මීගොඩ මහත්මිය | 1976 | 1985 |
එස්. ලීලානන්ද මහත්මිය | 1985 | 1987 |
එම්. කේ. වැලිකල මිය | 1987 | 1988 |
ඩී. ඩබ්. වින්ඩ්සර් මිය | 1989 | 1991 |
එන්. පී. ජිනසේන මහත්මිය | 1991 | 2000 |
වයි. පී. එස්. සී. ජයතිලක මහත්මිය | 2000 | 2007 |
එස්. එන්. මලවිආරච්චි මහත්මිය | 2007 | 2010 |
කල්‍යාණි ගුණසේකර මිය | 2010 | 2013 |
එන්. කේ. ඒකනායක මහත්මිය | 2013 | 2014 |
පී. එන්. රාජපක්ෂ මහත්මිය | 2014 | 2017 |
කේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා මහත්මිය | 2017 | වත්මන් |
SCHOOL SONG
සංස්කරණයසමරමු අනුලා විදුහල් මාතා
නමදිමු හදපිරි බැතිනි සදා //
සුචරිත සදවා ගුණ මිණි වඩවා
හෙළ දූ දරුවන් යහමග ගන්වා
දෙස බස රැස බුදු සමය නගා
ශිල්පකලා විද්‍යාලෝකේ .....
සමරමු අනුලා......
ධීර වීර ගුණ නැණ බලධාරී //
වීර විකුම් හෙළ ජීවය පා
ඔද තෙද බලපා රස ලොව කළඹා
පෙරටම යවූ ඔබ දූ දරුවෝ
සමරමු අනුලා......
සාමකාමි දියුණුව සහජීවේ //
සිරිලක් පොළොවේ මතුකරදී
ජයගොස නංවා කිතුරැස ගන්වා
"සැරදේවා ඔබ බැබළේවා"
සමරමු අනුලා......