මාකෝ යැන්සන්

15:00, 30 නොවැම්බර් 2024 වන විට WrdSrchSi (සාකච්ඡාව | දායකත්ව) (Created by translating the page "Marco Jansen") විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

මාකෝ  යැන්සන (ඉංග්‍රීසි: Marco Jansen, ඉසිරැවීම: මාකෝ  යැන්සන්; උපත 2000 මැයි 1) දකුණු අප්‍රිකා දෑ ක්‍රිකට් පිලටත් දේසීය පිටියේ දී සන්රයිසස් ඊස්ටර්න් කේප් පිලටත් තරඟ වදින දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හේ ඉන්දියාවට එරෙහි වැ දකුණු අප්‍රිකානු වේගවත්ම විවිසිදෑ (ටී20අයි) අඩ සියයේ වාර්තාවට (පන්දු දා සයකින්) හිමිකම් කියයි.

මාකෝ යැන්සන
යැන්සන (2022) එම්.සී.ජි.යේ දී ඕස්ට්‍රේලියාවට එරෙහි වැ තරඟ වදිමින්.
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමාකෝ යැන්සන
උපත1 මැයි 2000 (2000-05-01) (වයස 24)
Klerksdorp, North West, South Africa
උස2.06 m (6 ft 9 in)
පිතිකරන විලාසයRight-handed
පන්දුයැවීම් විලාසයLeft-arm fast-medium
භූමිකාවBowling all-rounder
සබැඳියන්Duan Jansen (twin brother)
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSouth Africa පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2018North West
2019 – 2020Knights
2020–2021Warriors
2021–2022Mumbai Indians
2022–2024Sunrisers Hyderabad
2022–presentSunrisers Eastern Cape
2024Washington Freedom
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Test ODI T20I FC
තරග 13 23 17 34
රැස් කල ලකුණු 401 422 166 1,167
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 23.58 30.14 18.44 23.81
100ඒවා/50ඒවා 0/2 0/1 0/1 0/8
වැඩිම ලකුණු 84* 75* 54 87
යැවුනු පන්දු 1,980 1,076 373 5,360
කඩුළු 49 35 16 123
පන්දු යැවීමේ සාමාන්‍යය 22.79 32.51 31.62 23.24
ඉනිමකදී කඩුළු පහක් 1 1 0 3
තරගයකදී කඩුළු 10 ක් 0 0 0 0
හොඳම පන්දු යැවීම 5/35 5/39 3/16 6/38
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 13/– 6/– 11/– 21/–
මූලාශ්‍රය: ESPNcricinfo, 2024 15 November

මුල් දිවිය

මුල් අවදියේ දී යැන්සන අරඹු පිතිකරුවෙක් වී. හේ නව වැනි වියේ දී විසි-පන්දුවාර තරඟයක දී නොදැවී ලකුණු 164ක් රැස් කළේ යි. ඔහු පියා තරඟය නරඹා පුතු දස්කම් හඳුනා ගති. හේ, නිවුන් සොයුරු දුආන් සමඟ යැන්සන් පුහුණු කළේ යි. දුආන් වයඹ ක්‍රිකට් පිලට තරඟ වදී.

දෑබැදි තරඟ දිවිය

හේ 2021 දෙසැම්බර 26 වැනි දින ඉන්දියාවට එරෙහි වැ තම මඟුල් ටෙස්ට් තරඟයට එක් වී. ඔහු පළමු ටෙස්ට් කඩුල්ල වූයේ ජස්ප්‍රිත් බුම්රා යි. 2022 ජනවාරියේ දී, ඉන්දියාවට එරෙහි වැ දකුණු අප්‍රිකාවේ පැවැති තරඟාවලිය සඳහා යැන්සන තම කුළුඳුල් එක්දින දෑබැදි (ඕ.ඩී.අයි.) කැඳැවීම ලදී. හේ 2024 මැයි මාසයේ දී, දකුණු අප්‍රිකාව අනුශූරයන් බවට පත් වූ 2024 අයි.සී.සී. පිරිමි විවිසි (ටී20) ලෝක කුසලාන තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම් කෙරිණි. 2024 ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවෙනි දින, ශ්‍රී ලංකාව ඔවුනගේ අඩුම ටෙස්ට් ක්‍රිකට් මුළු ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 42කට සියල්ල-දවමින් හේ තම හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 13 කඩුලු 7 දවා-ගති.

"https://si.wikipedia.org/w/index.php?title=මාකෝ_යැන්සන්&oldid=729284" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි