නෝට්න් ෆ්රෙඩ්රික්
නෝට්න් ෆ්රෙඩ්රික් (1937 නොවැම්බර් 14, වත්තල - 2011 අගෝස්තු 10, වත්තල ) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු මූලිකව ම වේග පන්දු යවන්නෙකු වූ අතර පවුලේ බැඳීම් හේතුවෙන් විශ්‍රාම යාමට පෙර ඔහු 1964 සිට 1968 දක්වා ශ්‍රී ලංකාව (එ කලැ සිලොන්) නියෝජනය කළේ යැ.
1964 මාර්තු මාසයේදී ගෝපාලන් කුසලානයේ ඔහුගේ පළමු පෙළ කුළුදුල් තරගයේදී ඔහු කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්තේ යි. 1965 ජනවාරි මස අහමදාබාද්හිදී සිලෝන් ඉන්දියාව පරාජය කරනා විට, ඔහු තරගයේ කඩුලු 7ක් දවා ගත් අතර, සියලුම මුල් පෙළ පිතිකරුවන් ඒ ට ඇතුළත් වි යැ.
ඔහුට පුතුන් දෙදෙනෙකු සිටි අතර, ඉන් එක් අයෙක් ත්‍රස්තවාදීන්ට එරෙහි හමුදා මෙහෙයුම් පවතින සමයේ හමුදා නිලධාරියෙකු ලෙස සේවය කෙරෙමින් සිටියදී මිය ගියේ යි.
වියෝව
ෆ්රෙඩ්රික්, 2011 අගෝස්තු මස 10 වන දින වයස අවුරුදු 73 වැ සිටියදි කොළඹ නගරෝපාන්තයක් වන ඔහු උපන් වත්තල දී අවසන් සුසම් හෙලුවේ යැ. ඔහුගේ නිවස අසල මාර්ගයක් ඔහුගේ නමින් නම් කර ඇති. [1]
යොමු කිරීම්
බාහිර සබැඳි
- නෝටන් ෆෙඩ්රික් 73 දී මිය යයි
- Norton Fredrick දී
- Norton Frederick, Our "Fiery Fred" Sa'adi Thawfeeq විසින් The Nation හි