උණවටුන මහා විද්‍යාලය
උණවටුන මහා විද්‍යාලය
උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති ප්රමුඛ 1 - AB මිශ්‍ර පාසලකි උණවටුන මහා විද්‍යාලය (Unawatuna Maha Vidyalaya). වසර 125 ක පමණ ඉතිහාසයක් සහිත මෙම විද්‍යාලයේ මේ වන විට සිසු සිසුවියන් දහසක් පමණ අධ්‍යාපනය හදාරයි.
ඉතිහාසය
මෙම පාසල 1897 සැප්තැම්බර් 7 වන දින සිසුන් 14 දෙනෙකු සහ ගුරුවරුන් 4 දෙනෙකුගෙන් යුතුව උණවටුන සැන්ද්රාගේ වත්තේ තාවකාලික පොල් මඩුවක ආරම්භ කරන ලදී. පසුව, හෙන්රි වුඩ්වර්ඩ් අමරසුරිය මහතාගේ අනුග්‍රහය යටතේ, ඔහුගේ නිවස වන වර්තමානයේ උණවටුන ගුරු විද්‍යාලය පවතින ස්ථානයේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසල ලෙස පවත්වාගෙන යනු ලැබුවේ ය. 1962 මාර්තු 15 වන දින උණවටුන මහා විද්‍යාලය ලෙස රජයේ පාසලක් බවට පත්විය. 2004 දෙසැම්බර් 26 වන දින සිදුවු සුනාමිව්යසනයෙන් පීඩාවට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා පාසලේ නව ශාලා, පරිගණක විද්‍යාගාර සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අංග ගණනාවක් සෙනෙහස පදනමේ ආධාර මගින් ඉදි කරන ලදී. ඉන් අනතුරුව පාසල වේගවත් ප්‍රගතියක් ලබා ඇත.
විදුහල්පතිවරුන්
පාසල ආරම්භයේ සිටම වසර 125 ක කලාව තුළ විදුහල්පතිවරුන් 21 දෙනෙකු විසින් පරිපාලනය කර ඇත. ඔවුන් පිලිවෙලින්,
- කේ.වී.පි.ඊ ද සිල්වා
- ඩී.ඒ ජයතිලක
- ජේ ද සිල්වා
- ඩබ්ලිව්.එම් ප්‍රදිනන්දස්
- එම්.ඩබ්ලිව් ගුණසේකර
- ඩී.ඒ නාරන්ගොඩ
- එච්.එම් ප්‍රනාන්දු
- ආර්.ඩී කරෝලිස්
- එල්.ජී.එස් වික්‍රමසිංහ
- ඩබ්.ඒ කරුණාරත්න
- ඩී.ජී.ජී ද සිල්වා
- එම්.පී මැන්දිස්
- ඩබ්ලිව්.කේ ධර්මරත්න
- ජිනදාස
- එම්.පී කෝරාල
- දා.දු.න වීරකෝන්
- ජයසේන අතපත්තු
- ගුණසේන
- නානායක්කාර
- පී.පී.කේ දයාරත්න අමරසේකර
- ඊ.ඒ ගාමිණි ශාන්ත කුමාර
පාසල් ගීතය
සැරදේ අප මාතා අප විදුහල් මාතා පිංකෙත වැනි වු සිසු කැල ජයබිම වෙත ගෙනයන මාතා
වීනිතකම් දස්කම් එඩිතරකම් සැමහට නිති සදනා සමාජසේවය එකමුතුකම් ඈ ගුණදම් වඩවමිනා
ඔබ අපහට නිත් ඔවදන් දෙන්නේ ඔබමය අප මාතා ඉගෙනුම අවසන් කල ඔබ දරු කැල ඔබගුණ නිති සමරා
කිතුගොස පතුරා ජය දද නංවා පෙරටම යමු නිතිනා දින දින දියුණුව වෙත පා නගලා මවුනි සදා සැරදේ ......
දක්ෂතා
පාසලේ විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ. ඒ අතර බාලදක්ෂ කණ්ඩායම හා පරිසර නියමු කණ්ඩායම වැදගත් වේ.පාසලේ සෞන්දර්ය ඒකකයටද සුවිශේෂි ස්ථානයක් හිමිවේ. සංගීත, චිත්‍ර, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන් මෙහි පවතින අතර සමස්ථ ලංකා, පලාත් ඇතුළු ජයග්‍රහණය රැසක් සෞන්දර්ය ඒකකය දිනාගෙන ඇත. පාසලේ ක්‍රිඩා අංශයද කැපී පෙනෙන දක්ෂතා දක්වයි. ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රිඩකයන් රැසක් මෙම විද්‍යාලයේ ආදි සිසුන්වේ. එසේම ක්‍රිකට්, නෙට්බෝල් සහ මලල ක්‍රිඩා වැනි ක්‍රීඩා රැසකම දක්ෂතා දක්වා ඇත.
දැක්ම සහ මෙහෙවර
- දැක්ම
රසඥතාවයෙන් යුකු සංස්කෘතිය පවරා දෙන විනයගරුක සාමකාමී ��නාගත පරපුරක් බිහිකිරීම.
- මෙහෙවර
දැනුම, කුසලතා,.ආකල්පවලින් හෙබි,සදාචාර සම්පන්න, ගුණගරුක, නවලොවට ගැලපෙන, නිර්මාණශීලි, පරිසරයට ආදරය කරන, ඉතිහාසයෙන් වර්තමානය ගොඩනගා ගන්නා පිරිපුන් දරු කැලක් බිහිකිරීම.
මූලාශ්‍ර
- රැස පුවත්පත 2018 සැප්තැම්බර් 14 දින, ලේක්හවුස් ආයතනය. [[1]]
- සෙනෙහස පදනම [[2] ]
- හිරු TV ටොප් ලයිට් වැඩසටහන[[3]]