උණවටුන මහා විද්‍යාලය

උණවටුන ප්‍රදේශයේ ඇති රජයේ පාසලකි
02:30, 18 නොවැම්බර් 2019 වන විට Hansaka99 (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

උණවටුන මහා විද්‍යාලය[1]

උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රමුඛ පාසලකි උණවටුන මහා විද්‍යාලය (Unawatuna Maha Vidyalaya). වසර 125 ක පමණ ඉතිහාසයක් සහිත මෙම විද්‍යාලයේ මේ වන විට සිසුන් දහසක් පමණ අධ්‍යාපනය හදාරයි.

ඉතිහාසය

මෙම පාසල 1897 සැප්තැම්බර් 7 වන දින සිසුන් 14 දෙනෙකු සහ ගුරුවරුන් 4 දෙනෙකුගෙන් යුතුව උණවටුනා හි සැන්ද්‍රාගේ වත්තේ තාවකාලික පොල් මඩුවක ආරම්භ කරන ලදී. පසුව, හෙන්රි වුඩ්වර්ඩ් අමරසුරිය මහතාගේ අනුග්‍රහය යටතේ, ඔහුගේ නිවස වන වර්තමානයේ උණවටුන ගුරු විද්‍යාලය පවතින ස්ථානයේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසල ලෙස පවත්වාගෙන යනු ලැබුවේ ය. 1962 මාර්තු 15 වන දින උණවටුන මහා විද්‍යාලය ලෙස රජයේ පාසලක් බවට පත්විය.


පාසල ආරම්භයේ සිටම වසර 125 ක කලාව තුළ විදුහල්පතිවරුන් 21 දෙනෙකු විසින් පරිපාලනය කර ඇත. ඔවුන් පිලිවෙලින්,


සෙනෙහස පදනම විසින් 2004 දෙසැම්බර් 26 වන දින සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා පාසලේ නව ශාලා, පරිගණක විද්‍යාගාර සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර ඇත. ඉන් අනතුරුව පාසල වේගවත් ප්‍රගතියක් ලබා ඇත.

දක්ෂතා

පාසලේ විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ. ඒ අතර බාලදක්ෂ කණ්ඩායම හා පරිසර නියමු කණ්ඩායම වැදගත් වේ.පාසලේ සෞන්දර්ය ඒකකයටද සුවිශේෂි ස්ථානයක් හිමිවේ. සංගීත, චිත්‍ර, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන් මෙහි පවතින අතර සමස්ථ ලංකා, පලාත් ඇතුළු ජයග්‍රහණය රැසක් සෞන්දර්ය ඒකකය දිනාගෙන ඇත. පාසලේ ක්‍රිඩා අංශයද කැපී පෙනෙන දක්ෂතා දක්වයි. ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රිඩකයන් රැසක් මෙම විද්‍යාලයේ ආදි සිසුන්වේ. එසේම ක්‍රිකට්, නෙට්බෝල් සහ මලල ක්‍රිඩා වැනි ක්‍රීඩා රැසකම දක්ෂතා දක්වා ඇත.


මූලාශ්‍ර

  1. ^ රැස පුවත්පත 2018 සැප්තැම්බර් 14 දින ලේක්හවුස් ආයතනය.
"https://si.wikipedia.org/w/index.php?title=උණවටුන_මහා_විද්‍යාලය&oldid=443578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි