කලාව ඵෙතිහාසිකව මූර්ති, ගුහා චිත‍්‍ර,ගල් පර්වතයන්හි ඇඳි සිතුවම්, දළ වශයෙන් වසර 40000 කට පෙර පැලියෝලිතික යුගයට අයත්වන පාෂාණමය මෙවලම් දක්වා දිවගියද ඒවා නිර්මාණය කළ සංස්කෘතීන් පිලිබඳ දන්නා තොරතුරු අවමවීම හේතුකොටගෙන ඒවායේ කලාත්මකභාවය පිලිබඳ නිශ්චිත අර්ථකථනයක් දීම අසීරු කරුණකි. දකුණු අපි‍්‍රකාවේ ගුහාවකින් සොයා ගන්නා ලද වසර 75000 ක් පමණ පැරණි ඉතා කුඩා ගොලූබෙලි කටු සමූහය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම කලාත්මක නිර්මාණයන් ලෙස සැලකේ. ශ්‍රේෂ්ඨ කලා සම්ප‍්‍රදායන් ඊජිප්තුව, මෙසපොටේමියාව, පර්සියාව, ඉන්දියාව, චීනය, ගී‍්‍රසිය, අරාබිය (පැරණි යේමනය හා ඕමානය) වැනි අතීත ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් ආශ‍්‍රිතව බිහිව ඇත. මේ සෑම ශිෂ්ඨාචාරයක්ම ඊට ආවේණික කලා සම්ප‍්‍රදායකට හිමිකම් කියයි. මෙම ශිෂ්ඨාචාරයන්ගේ ප‍්‍රමාණාත්මකබව සහ ඒවා දීර්ඝ කාලායක් පැවතීම හේතුකොටගෙන ඒවායේ කලාකෘතීන් ආරක්‍ෂාවී ඇති අතර ඒවා අනෙකුත් සංස්කෘතීන් වෙත මෙන්ම වෙනත් කාලයන් කරාද බලපෑම් සහගත වී ඇත. කලාකරුවන් කටයුතු කළේ කෙසේද යන්න පිලිබඳ ප‍්‍රථම වාර්තාන්ද අපට හමුවන්නේ මෙම ශිෂ්ඨාචාරයන් තුලිනි. උදාහරණයක් ලෙස ශක්තිය, තැන්පත්කම, සුන්දරත්වය සහ ව්‍යවච්ජේද විද්‍යාතමකව නිවැරදි පරිමාණයන් නිරූපනය කිරීම සඳහා මිනිසාගේ බාහිර රූපාකාරය අභිවන්දනයට ලක්කිරීම සහ ඊට ඇවැසි හැකියාවන් වර්ධනය කිරීම ග‍්‍රීක කලාව විසින් සිදුකරනලදී.

Venus de Milo
Venus de Milo on display at the Louvre


බටහිර මධ්‍යතන යුගයේ බයිසැන්ටියානු සහ ගොතික් කලාව භෞතික සත්‍යයන් වෙත නොව බයිබලය සම්බන්ධ සත්‍යයන් වෙත යොමුවූවක් විය. දිව්‍යමය ලෝකයේ නොදුටු විශිෂ්ඨත්වය නිරූපනය කිරීම එහි ප‍්‍රධාන අභිලාෂයක් විය. මෙහිදී චිත‍්‍ර සඳහා රත්රන් යොදාගැනීම වර්ණවත් වීදුරු යොදාගැනීම මෙන්ම පරමාදර්ශීකෘත පැතලි රූපයොදාගැනීම සිදුවිය.

අරාබි අක්‍ෂර වලින් ලියන ලද ඔටෝමන් අධිරාජ්‍යයේ II වන මොහොමඞ් සුල්තාන්ගේ විචිත‍්‍රවත් අත්සන, ‘සදාකාලික ජයග‍්‍රාහකයා වූ අබ්දුල් හමීඞ්ගේ පුත‍්‍රයා වන මහමුද් ඛාන්’ යනුවෙන් එහි දැක්වේ.

පුනරුද සමය පැරණි භෞතික ලෝකය අගය කළ එතුල මිනිසාට වැදගත් තැනක් හිමිවූ සංකල්පයන්හි නැවත පැමිණීමක් විය. මෙම සුසමාදර්ශී විතැන්වීම කලාකෘතීන් තුලින් නිරූපනය විය. මිනිස් සිරුරේ ද්‍රව්‍යත්වය සහ භූ දර්ශනයන්හි ති‍්‍රමාන භාවය නිරූපනය කිරීම මෙකළ දැකිය හැකි විය


පෙරදිග ඉස්ලාමීය කලාව තුල ප‍්‍රතිමා නෙලීම ප‍්‍රක්ෂේප කිරීම හේතුකොටගෙන ඉස්ලාමීය ලේඛන විද්‍යාවේ මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය තුලද ජ්‍යාමිතික රටාවන්ට ප‍්‍රමුඛස්ථානයක් හිමිවිය. තවද පෙරදිගදී කලාත්මක ශෛලීන් සහ ප‍්‍රවර්ගයන් කෙරෙහි ආගමේ බලපෑම මනාව දැකගත හැකිය. ඉන්දියාව සහ ටිබෙටය වර්ණ ආලේප කරන ලද ප‍්‍රතිමා නිර්මාණය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූ අතර එහිදී දීප්තිමත් එකිනෙකට වෙනස් වර්ණ යොදාගැනීම සහ මායිම් රේඛාවන් වැදගත්කොට සැලකූහ. චීනයේ කලාවන් රැසක් පැනනැගුනි. ගල්කැටයම්, ලෝකඩ වැඩ, මැටිබඳුන් (පිළිස්සූ මැට්ටෙන් නිමවූ ක්‍යුඉන් අධිරාජ්‍යයාගේ හමුදා ප‍්‍රතිමා සමූහයද මීට අයත්ය), කාව්‍ය, ලේඛණ විද්‍යාව, සංගීතය, චිත‍්‍ර කලාව, නාට්‍යය, ප‍්‍රබන්ධ ආදිය මේ අතර වෙයි. චීන සම්ප‍්‍රදායන් යුගයෙන් යුගයට වෙනස් වන අතර සාම්ප‍්‍රදායිකව එම යුගයන් එම යුගයේ අධිරාජ්‍යය පාලනය කළ අධිරාජ්‍යයන්ගේ වංශයේ නමින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස ටැංග් වංශික චිත‍්‍ර ඒකවර්ණ එකිනෙකට ඈතින් පිහිටි රූප වලින් සමන්විත මනරම් භූ දර්ශනයන්ගෙන් යුතු වන අතර මිංග් වංශික චිත‍්‍ර කලබලකාරී විචිත‍්‍රවත් රූප ස්ථානගත කිරීම මඟින් කථාවක් කියන ස්වරූපයක් ගනී. ජපානයද සිය සම්ප‍්‍රදායන් එම කාලයේ පාලනය ගෙනගිය රජ වංශයේ නමින් හඳුන්වනු ලබයි. 17 වන සියවසින් පසු ජපානයේ ලී අච්චු යොදාගෙන සිදුකළ මුද්‍රණය වැදගත් තැනක් හිමිකර ගන්නා ලදී.

බටහිර පුනරුද සමයේ 18 වන සියවස තුල භෞතික සහ තාර්කික නිශ්චිතතාවයන් කලාකෘතීන් තුල නිරූපනය වන්නට විය. පශ්චාත් රාජාණ්ඩු යුගය තුල දේශපාලනික හා විප්ලවීය දර්ශනයන් කරලියට පැමිණ තිබූ අතර දිව්‍යමය ගණිතඥයා ලෙස නිව්ටන් දැක්වෙන බ්ලේක් ගේ ආලේඛනය සහ ඬේවිඞ්ගේ ප‍්‍රචාරණවාදී චිත‍්‍ර මෙහි ප‍්‍රකාශනයන්ය. ගොයතේගේ නවකථාන්හි නිරූපිත චිත්වේගාත්මක කලාපය අනාවරනය කරන රෝමාන්තික කලාව ප‍්‍රතික්ෂේප කෙරින. 19 වන සියවස අවසන් භාගයේදී නව ��ලා ව්‍යාපාරයන් රැසක් ලානනැගුනි. ශ‍්‍රාස්ත‍්‍රාලීය කලාව, සංකේතවාදය, ප‍්‍රකාශනවාදය සහ වනමෘගවාදය මේ අතරින් කිහිපයකි.

20 වන සියවස වනවිට මෙම චිත‍්‍ර ඇදවැටෙමින් කැඞී බිඳී යමින් පැවතුනි. අයින්ස්ටයින්ගේ සහ ෆ්‍රොයිඞ්ගේ සොයාගැනීම් පමණක් නොව පෙරනොදුටුවිරූ තාක්‍ෂණික දියුණුව විසින් වේගවත් කළ ශිෂ්ඨාචාරය මුහුණදුන් ලෝක යුද්ධ දෙකද මෙයට හේතු විය. 20 වන සියවසේ කලා ඉතිහාසය අනවරතව නව ප‍්‍රමිතීන් සොයායාම පිලිබඳ ආඛ්‍යානයකි. ඒ සෑම එකක්ම ඊට පසුව එන නව සම්ප‍්‍රදායන් විසින් ආදේශ කරනු ලබයි. මේ අනුව උපස්ථිතිවාදයේ, ප‍්‍රකාශනවාදයේ, වනමෘගවාදයේ, ඩාඩාවාදයේ, අධිතාත්විකවාදයේ පරාමිතීන් ඒවා සොයාගත් කාලයෙන් ඔබ්බෙහි පවත්වාගැනීම අසීරු වෙයි. මේ කාලය තුල ලෝකය කුඩාවීමත් සමඟ වෙනස් වෙනස් සම්ප‍්‍රදායන් එකිනෙක වෙත වඩාත් බලපෑම් සහගතව ඇත. පැබ්ලෝ පිකාසෝගේ බටහිර චිත‍්‍ර කලාවට අපි‍්‍රකානු ප‍්‍රතිමා කලාව බලපෑම මෙයට උදාහරණයකි. ජපාන ලී අච්චු මුද්‍රණ කලාව උපස්ථිතිවාදය කෙරෙහි අතිමහත් බලපෑමක් සිදුකොට ඇත. මීට සමාන්තරව බටහිර කලාව 19 හා 20 වන සියවස්වල පෙරදිග කලාව කෙරෙහිද විශාල බලපෑමක් කොට ඇත. කොමියුනිස්ට්වාදය සහ පශ්චාත් නූතනවාදය වැනි බටහිර සංකල්පයන් මෙහිදී සිදුකොට ඇති බලපෑම සුවිශාලය.

නූතනවාදය සත්‍යය වෙත වූ පරමාදර්ශී සොයායම 20 වන සියවසේ අවසන්භාගයේදී එය අත්කරගත නොහැකක් බව වටහා ගන්නා ලදී. මෙම මඟහැර යා නොහැකි සත්‍යය සමකාලීන කලාව සහ පශ්චාත් නූතන විචාරයට මගපාදන ලද අතර ��ෝකයේ සංස්කෘතීන් සහ ඉතිහාසයන් වෙනස්වනසුලූ ප‍්‍රවර්ගයන් ලෙස දකින ලදී. තවද සංස්කෘතීන් අතර වෙනස්කම් නොපැහැදිලිව ගිය අතර සමහරුන් තර්ක කර සිටින්නේ දැන් කලාපීය සංස්කෘතීන් ගැන කථාකිරීමට වඩා ගෝලීය සංස්කෘතියක් පිලිබඳව සිතීමට කාලය එළඹ ඇති බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=කලා_ඉතිහාසය&oldid=261871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි